
(බිමල් ශ්‍යාමන් ජයසිංහ, පද්මසිරි ගාර්දියවසම් සහ සුගතපාල දීයගහගේ)
සංවිධානාත්මක අපරාධකරුවකු වන බැකෝ සමන් නමැත්තාගේ මවට අද (12) සවස වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා පැවසීය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිද්දෙණිය උල් හිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි එම් ඒ රේණු මල්කාන්ති 57 යන අයයි. නාඳුනන පුද්ගලයෙකු නිවසේ සාලය ඉදිරිපිටටම පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.
වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් ඇය බරපතල තුවාල ලබා මිද්දෙණිය රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාලය ඉදිරිපිටටම ඇවිල්ල තියපු එකනං වැරදයි. නැත්තං කමක් නෑ. හැබැයි නැතිවුනේ පොහොට්ටු ඡන්දයක්.
යහපත් පුතෙකු මෙලොවට බිහිකල මේ උපාසිකා මාතාවට නිවන් සැප ලැබේවා!
කනගාටුයි, නමුත් වපුරපු දෙයින් පල නෙළා ගන්නේ.
පාහර දුවලා පුතාලා අද දවසේ දෙමාපියන්ට ගෙනෙන සතුට මෙසේය කියලා නිම කරන්න බැරි තරම්.සතර අපායට දොර ඇර ගන්නවා පුදුම ඉක්මණින්ම.පුලුවන්නම් ඩිජිටල් ක්‍රමයට හරි ගෙදර ඉඳන්ම කරගන්න බලන්න.ඔයාල යනකොට අපායත් ඩිජිටල් වෙලා තිබුනොත් ඔයාලටත් ඉක්මණින්ම Result එක ලැබෙයි හොඳේ.
අවි ගත්තෝ පමණක් නොව අවි ගත්තන්ගේ පවුලේ අයවලුන්ද අවිවලින්ම නසිති