‘‘නැ'හිර ආර්ථිකය ගොඩනගන්න මඩකලපු ගුවන් තොටුපොළ උපකාර වෙනවා‘‘ යුද්ධයෙන් විනාශ වූ නැගෙනහිර පළාතේ ආර්ථිකය නගා සිටුවීමට මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වඩා උපකාරවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) මඩකලපුවේ දී පැවසීය. 04 October 2019
ගෝඨාභයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ ඔහුගේ ද්විත්ව පුරවැසි සහතික මත පදනම්ව ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කිරීම වළක්වන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්රභා කිරීමට අභියාචනාධිකරණය අද (4) තීන්දු කළේය . 04 October 2019
මැතිවරණ පැමිණිලි 26 ක් රාජ්‍ය ආයතන හතරක නීති විරෝධී අන්දමින් රැකියා ලබා දීම් හා ඉඩම් ලබා දීම් පිළිබඳ පැමිණිලි 26 ක් පැෆරල් සංවිධානයට ලැබී ඇතැයි එම සංවිධානය කියයි. 04 October 2019
ආගමන - විගමන නිලධරයෝ වර්ජනයෙන් ඉවත් වෙති ආගමන විගමන නිලධාරීන්ට මෙතෙක් බලපෑ සේවා ගැටලු කීපයකට විසඳුම් ලබාදීමට අමාත්‍යවරයාගේ එකඟත්වය පළ කිරිම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියා මාර්ගයෙන් තාවකාලිකව ඉවත්වූ බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්. කණුගල මහතා අද (4) පැවසීය. 04 October 2019
චමල් රාජපක්ෂ ජනපතිවරණයට ඇප තැන්පත් කරයි හිටපු කතානායකවරයකු වූ චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා අද (04) මැතිවරණ ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කළේය. 04 October 2019
මැතිවරණ කොමිෂන් සභාවට ඉරිදා සිට එස්ටීඑෆ් ආරක්ෂාව රාජගිරිය, සරණ මාවතෙහි පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය ඉරිදා (6) සිට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතට පත් කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 04 October 2019
දුම්රිය සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 04 October 2019
’දේශපාලන භේදයකින් තොරව ඇතැමුන් මරණීය දණ්ඩනයට ලබා දීමට විරුද්ධ වුණා‘ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සිදුවන මහා විනාශය වළක්වා ගැනීමට අඛණ්ඩව නායකත්වය දෙමින් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පවා ජනාධිපති ලෙස අත්සන් තැබුවත් දේශපාලන භේදයකින් තොරව වගකිව යුතු පිරිස් ඊට එරෙහිව නැගී සිටීම හේතුවෙන් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගත නොහැකි වුණා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (04) පැවසීය. 04 October 2019
හිටපු මහේස්ත්‍රාත්වරයකු ඇතුළු සිව් දෙනෙකුට එරෙහි නඩුව නොවැ. 6 සිට විභාගයට බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව ලබන නොවැම්බර් මස 6 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (4) තීරණය කළේය. 04 October 2019
ගෑස් මිල අද රෑ සිට පහළට කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240 කින් අද (9) මධ්‍යම රාත්‍රීයේ සිට අඩුකිරිමට පාරිභෝගික අධිකාරිය අද (4) තීරණය කළේය. 04 October 2019
ගෝඨාට එරෙහි නඩුවේ තීන්දුව සවස 6.00 ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම හා අතුරු නියෝගය පිළිබඳ තීන්දුව අද සවස 6.00 ට ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය මීට ස්වල්ප වේලාවකට පෙර තීන්දු කළේය. 04 October 2019
කාර්යාල දුම්රිය 22ක් අද ධාවනයේ කාර්යාල දුම්රිය 22ක් අද(04) ධාවනයේ යෙදෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 04 October 2019
ජනපතිවරණය වළක්වන්නැයි ගොනු කළ පෙත්සම ඉවතට ජනාධිපතිවරණය කැදවමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන සර්ටියෝරාරිටි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපතිවරයකු වන මෙත්සිරි ද සිල්වා මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 4) තීන්දු කළේය. 04 October 2019
ගෝඨාභයට එරෙහි පෙත්සමේ අරමුණ දේශපාලන පළිගැනීමයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමේ අරමුණෙන් සහ දේශපාලන පළිගැනීමේ අරමුණෙන් ද්වේෂ සහගතව මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇතැයි රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (03) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය. 04 October 2019
විරෝධතා නිසා කොළඹ අවට මාර්ගයන්හි රථ වාහන තදබදයක් විරෝධතා පාගමන් කිහිපයක් හේතුවෙන් කොළඹ කොටුවේ සිට කොළඹ නගර ශාලාව දෙසට දැඩි රථ වාහන තදබදයක් පවතී. 04 October 2019
සජිත් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් අද (04) මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කෙරිණි. 04 October 2019
ටවුන්හෝල් අවට දැඩි රථවාහන තදබදයක් කොළඹ නගර ශාලාව අවට මාර්ගයන්හි දැඩි රථවාහන තදබදයක් පවතී. 04 October 2019
ත්‍රස්ත ප්‍රහාරයක් වෙතැයි පළවන ලිපියක් ගැන විශේෂ විමර්ශන පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය වැනි ප්‍රහාරයක් යළි එල්ලවීමේ හැකියාවක් ඇති බව කියමින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් යවන ලද බව සැලකෙන ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබේ. 04 October 2019
චන්ද්‍රගුප්ත තේනුවර ගෝඨාභයට එරෙහි කුමන්ත්රණයක ජනාධිපතිවරණයක් ප්‍රකාශ කර තිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා තරග බිමෙන් ඉවත් කිරීමේ කුමණ්ත්රණයක මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා නිරත වී ඇතැයි ඒ මහතාගේ සොහොයුරෙකු වන කලා ශිල්පී ඉන්ද්‍රනාත තේනුවර මහතා පැවැසීය. 03 October 2019
එජාප සමුළුවේ සජීවී විකාශය නතර කරන්නැයි රූපවාහිනි නාලිකා 2 කට නියෝග කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ අද (03) පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය සජීවීව විකාශය කිරීම නතර කරන්නැයි මැතිවරණ කොමිසම රූපවාහිනි නාලිකා දෙකකට අද (03) නියෝග කර තිබේ. 03 October 2019
ගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ සොරකම් කරලා ඉන්දියාවේ මධ්‍යම රෙවා නගරයේ බාපු භවාන් අනුස්මරණ මධ්‍යස්ථානයේ තිබූ මහත්මා ගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ පිරිසක් විසින් සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. 03 October 2019
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරයි දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ප්‍රකාශකරමින් ජනාධිපතිවරයා විසින් අද (03) රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය. 03 October 2019
අටුලුගම මුස්ලිම් කාන්තාවට පහරදුන් 10 දෙනා රිමාන්ඩ් බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවකට පහරදී අඩත්තේට්ටම් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මග හරිමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් දස දෙනා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 9 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (03) නියෝග කළේය. 03 October 2019
‘රටේ ආර්ථිකය කාබාසිනියා කළේ රාජපක්ෂ ආණ්ඩුවයි’ “රටේ ආර්ථිකය කාබාසිනියා කළේ රාජපක්ෂ ආණ්ඩුවයි. අපේ රජය ආර්ථිකය විනයානුකූලව ඉදිරියට ගත්තා. බලයට පත්වීමේ කෑදරකමින් ඔවුන් දැන් ආර්ථිකය ගැන බොරු ප්‍රචාර කරනවා” යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේ අද(03) පැවති ප්රවෘත්ති සාකච්ඡාකදී පැවසීය. 03 October 2019
දුම්රියවලට පොලිස් ආරක්ෂාව කොටුව දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කරන සියලුම දුම්රියන් වලට අදාලව අද (03) සිට පොලිස් ආරක්ෂාව යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 03 October 2019
‘දුම්රිය සේවකයින්ගේ ඉල්ලීම් අසාධාරණයි - විසඳුම් දෙන්න බැහැ’ දුම්රිය සේවකයින්ගේ ඉල්ලීම් ඉතා අසාධාරණ හා දේශපාලනික ඒවා වන බැවින් ඊට විසඳුමක් දිය නොහැකි යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද(03) පැවසීය. 03 October 2019
ජනපතිවරණයේ ගැසට්ටුව අවලංගු කරන්නැයි රිට් පෙත්සමක් ජනාධිපතිවරණය කැඳවමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන සර්ටියෝරාරිටි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපතිවරයෙකු වන මෙත්සිරි ද සිල්වා මහතා අද (3) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය. 03 October 2019
පලාලි ගුවන්තොටුපළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස නම්කෙරේ පලාලි ගුවන්තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට නම් කිරීමට රජය තීරණය කර තිබේ. 03 October 2019
ජනපති අපේක්ෂකයින්ට ඇප තැන්පත් කරන්න 6 දා තෙක් කල් දෙයි ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට ඉරිදා (06) දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 03 October 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026