( තිළිණි ද සිල්වා සහ රංජන කටුගම්පොළ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම හා අතුරු නියෝගය පිළිබඳ තීන්දුව අද සවස 6.00 ට ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය මීට ස්වල්ප වේලාවකට පෙර තීන්දු කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවේ යයි ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකරනු ලැබ තිබිණ.
එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ තවදුරටත් සලකා බැලෙමින් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ඉතින් අනිත් අයට නැති සැලකිල්ලක්නේ මෙච්චර කල් තිබුනේ. අදත් ඒකම වෙයි වගේ.
අපේ රටේ අධිකරණය අපිට විශ්වාසයි.
කිසිම පුරවැසිකමක් නැති කෙනෙක් මහ බැංකුව කනකොට ඔබලා සිටියේ කොහෙද?
පසුගිය දශකයේ සිද්ධවෙච්ච විකාරවලින් තවත් එකක් විතරයි. අධිකරණය මොනවා කරන්නද?
උපුටාගැනීමක් "අද තීන්දුවෙන් ගෝඨාභය ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා නැතැයි කියා තීන්දු කළහොත් ඔහුට එරෙහිව නිව්යෝර්ක් අධිකරණයේ නඩු දෙකක් පැවරීමට පිරිසක් සූදානමින් සිටිති. ඔහු ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා නැතිනම් ඔහුට ඇත්තේ ඇමරිකානු පුරවැසිභාවය පමණි. ඒ අනුව ඔහු තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා පසුගිය අප්‍රේල් 17 වෙනිදා එරට ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත ප්‍රශ්න ගත වනු ඇත. ඒ ඔහු රටක් අහිමි පුද්ගලයෙකු වන බැවිනි. එරට නීතිය අනුව තම පුරවැසියෙකුට රටක් අහිමි පුද්ගලයෙකු වීමට ඉඩ දෙන්නේ නැත. ඒ අනුව නිව්යෝර්ක්හි පවරන පළමු නඩුව වන්නේ ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ඉල්ලුම්පත ක්‍රියාවට නැගීම අත්හිටුවන ලෙස ඉල්ලා සිටින නඩුකාරයකි. දෙවැනි නඩුව වන්නේ ඔහු තමාට ලංකාවේ පුරවැසිභාවය තිබෙන බැවින් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරන්නැයි ඉල්ලන ඉල්ලුම්පතේදී ඇමරිකානු ආණ්ඩුවට ව්‍යාජ තොරතුරු සපයා රාජ්‍යය නොමග යැවීමට කටයුතු කිරීමට එරෙහිව පවරන අපරාධ නඩුවකි. එරට රාජ්‍යය නොමග යැවීම යනු අපරාධ වරදකි. ඊට දඩ සහ සිර දඬුවම් විඳීමට සිදුවනු ඇත."
අද සවස 6ට බලාපොරොත්තුවන අධිකරණ තීන්දුව ගෝඨාභය රාජපක්ෂ මහතාට අවාසි සහගත වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් විකල්ප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට චමල් රාජපක්ෂ මහතා නාමයෝජනා භාරදීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු සහතිකය ලබාගෙන ඇති බව කියනවා. පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් දැනටමත් ඇප මුදල් තැන්පත් කර ඇති බැවින් යම් හෙයකින් ඔහුට තරග වැදීමේ අවස්ථාව අහිමි වුවහොත් චමල් රාජපක්ෂ මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවාලු. එමෙන්ම කුමාර වෙල්ගම, සරත් වීරසේකර යන මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරණයට ස්වාධීනව ඉදිරිපත් වීමේ අදහසින් අපේක්ෂකත්වය සඳහා අවශ්‍ය අවසර ලිපි පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් ලබාගෙන තිබෙන බවත් කියනවා.
දැන් තත්ත්වය සැලකිල්ලට ගත් කළ විශ්වාසය තැබිය හැකි බවක් පේන්න නැහැ. අධිකරණ පද්ධතිවල ස්වාධීන බව ප්‍රශ්නකාරියි.
එයාට වාසි දෙයක් ලැබේවි. සමහර අය මෙයාගේ නඩු අහන්න බැරියෝ කියලා ඉල්ලා අස්වුණු රටක් මේක... පොඩි මිනිහාට එක විදියක් මේ වගේ බලපුලුවන්කාරයින්ට තව විදියක්...
මේ වෙනතුරු ඔහුට වාසි ලෙස සියලුම දේවල් වෙලා තියෙන නිසා බයටම පුලුවන් කියලා නිගමනය කරන්නත් පුලුවන්.
මහලොකුවට කියන්නේ අපි ගෝඨා එනවට උඩින්ම කැමතියි කියලා. ඒත් යූ.එන්.පී බත් බැලයොත් හොටු පෙරාගෙන උසාවි ගානෙ දුවනවා ගෝඨව නවත්ත ගන්න හිනා යනවා.
දෝෂාභියෝගය වෙලාවේ අපිට හුඟක් තටමන්නට වුණා... තීන්දුව ගන්න. මෙතනදීත් එහෙම වගෙයි.
බීබීසී සේවයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් අද උදේ ඔහුගේ ට්විටර් පිටුවේ සටහනක් තබමින් "චමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නම්වූ පක්ෂයකින් ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට ඇප මුදල් තැන්පත් කළ බව" පවසනවා. ඒ සමඟම ඔහු " ගෝඨාභයට මොකද වුනේ " කියා ප්‍රශ්න කර තියෙනවා.
ඔච්චර දඟලන්නේ නැතිව පොහොට්ටුවේ කාටවත් ජනාධිපතිවරනෙට ඡන්දෙ ඉල්ලන්න බැහැ කියල වාරණ නියෝගයක් ඉල්ලුවානම්, ඔය අධිකරණෙ එකත් දෙනවා
මේ අසාම් අමීන් ගැන නේද පාස්කු ප්‍රහාරය වෙලාවේ ප්‍රශ්න මතුවුනේ...?