(මනෝජ් හර්ෂික)
පලාලි ගුවන්තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට නම් කිරීමට රජය තීරණය කර තිබේ.
ප්‍රාදේශීය ගුවන් තොටුපොළක්ව පැවැති යාපනය පලාලි ගුවන්තොටුපොළ මේ අනුව කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් වශයෙන් සැලකේ.
පලාලි ගුවන්තොටුපොළ කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් ලෙසට නම් කිරීමත් සමඟ දැනට ලංකාවේ ඇති ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගණන පහ දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලංකාවේ අති අනෙක් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් වේ.
ප්‍රාදේශීය ගුවන් තොටුපොළක් ලෙසට පැවැති යාපනය පලාලි ගුවන්තොටුපොළ කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් ලෙසට සංවර්ධනය කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇවිත් තියෙන්නේ සුළු ජාතීන් සතුටු කරන්න කියලයි.
මත්තල වී ගබඩා කළා වගේ මේකේ ළූණු ගබඩා කරන්න පුළුවන්.
දැන් පොහොට්ටුව කියාවි ඉන්දියාවෙන් කොටි ඒවි කියලා.
දෙවෙනි ලෝක යුද්දේ අවසන් වෙලා පැවැත්වුණු සාකච්ඡාවකින් පස්සේ යුරෝපයත්, රුසියාවත් ජර්මනිය දෙකඩ කරලා වෙනවෙනම කොටස් අයිති කරගත්තා. මට නම් පෙනෙන්නේ උතුරේ යුද්ධය අවසන් කරන්න අපට උපකාර කරලා ලංකාවේ උතුරත් දකුණත් ඉන්දියාව සහ යුරෝපීයයන් බෙදාගත්තා කියලයි. උතුරේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් පිහිටුවන ගමන්ම ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වලට විදේශ ගුවන් සේවා වලට අවසර දෙන්නත් ඉන්දියාව ඒ අභ්‍යන්තර ගුවන් සේවා ආරම්භ කරන්නත් යනවා. අපට අපේ රට නැතිකරගෙන ලබන සංවර්ධනයෙන් වැඩක් තිබේද?
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ...!! හැමඑකකටම වගේ කාගෙවත් නමක් දන්නේ නැද්ද?
ත්‍රස්තවාදී යුද්ධයට කලින් පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස නම්කරලා තිබුණා. ඒ කාලෙත් ඉන්දියාවේ තැන් කීපයකට ගුවන්යානා මෙහෙයුම් සිදුවෙලා තියනවා.
උතුරු පළාත්හි ජනතාව බොහෝ විට ගමන් කරන්නේ යුරෝපීය රටවල් වලට, චෙන්නායි වලට වඩා ලන්ඩන් ගුවන් වලට හොද ඉල්ලීමක් ඇති විය හැක.
එතකොට මත්තලට එන්නේ නැති ගුවන් යානා පලාලී වලට එනවද?