(රංජන් කස්තුරි)
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ අද (03) පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය සජීවීව විකාශය කිරීම නතර කරන්නැයි මැතිවරණ කොමිසම රූපවාහිනි නාලිකා දෙකකට අද (03) නියෝග කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සමුළුව ජාතික රූපවාහිනිය හා සිරස නාලිකාව ඔස්සේ සජිවීව විකාශන කෙරුණු අතර එය මැතිවරණ කොමිසමේ නියෝගය මත අතරමගදී නතර කෙරිණි.
ලැබුණු පැමිණිලිමත මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු අද පෙරවරුවේ ජාතික රූපවාහිනියට ගොස් එහා අධ්යක්ෂ ජනරාල්වරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සජීවී විකාශය නතර කරන්නැයි ලිඛිතව සහ වාචිකව නියෝග කර තිබේ.
මේ අතර සිරස නාලිකාවටද සජීවී විකාශනය නතර කරන්නැයි මැතිවරණ කොමිසම නියෝග කර තිබූ අතර එම නාලිකාවද එය විකාශනය කිරීම අතරමග නතර කෙරිණි.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සමුළුව ජාතික රූපවාහිනියෙන් සජීවීව විකාශනය කිරීම සඳහා මුදල් ගෙවා නොතිබූ බවද රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව නීති තදින් ක්‍රියාත්මක කරන බවද මැතිවරණ කොමිසමේ නිලධාරීන් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි, මේ සංදර්ශනයට එයාලගේ සල්ලිද වියදම් කලේ? තවමත් මහජනතාව අන්දනවා.
බොහොම හොද තීරණයක්.
හොද දෙයක් හැබයි අර දේශපාලන වැඩවර්ජන වලට මොකද බය ? ඒවට සද්දේ නෑ නේ ?
මේ අයට කොච්චර කිව්වත් වැඩක් නැහැ සහෝදරයෝ.
දැනට ඔහොම නම් දිනුවොත් කොහොමට හිටීවිද
ගෝටගේ සමුළුවේ සජීවී විකාශනයත් නැවත්තුවානම් තමයි වැඩේ ලස්සන. ඒක ලස්සනට සජීවීව කලා නේද ?
මැතිවරණ කොමිසම සියළු නාලිකාවලට මෙය බලපැවැත්විය යුතුයි.
කෞශල්‍ය එතකොට ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවලා තිබුනේ නැහැ. ඒක නිසා එහෙම නවත්වන්න බැහැ. නොදන්නා දේවල් ඉගෙනගන්න
ඔය තිබෙන්නේ රාජ්‍ය දේපල අවබාවිතය.
කෞශල්‍ය මයා වෙත, අපට නම් ඔය 225 ම ශතෙකට විස්වාසයක් නොමැත. කෙසේ වෙතත් ඔය කියන තරගෙට එන හැම කෙනාටම එක ලෙස නිතිය ක්‍රියාත්මක විය යුතුමයි .
මෙම මැතිවරණයට පෙර තිබු සියලු මැතිවරණ වලදී රුපවාහිනී නාලිකා ඇතුළු සියලු මාධ්‍යන් ක්‍රියාකළ ආකාරය දන්නෝ දනිති. 2015න් පසු මැතිවරණ කොමිසම ඇතුළු මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ස්වාධින කිරීම නිසා කිසිවෙකුගේ බලපෑමකින් තොරව සියල්ල මෙසේ ස්වාධීනව සිදුවෙමින් පැවතීම අගය කලයුතු නමුත් ස්විචය ඔෆ් කල වහාම ෆෑන් එක නොනැවතී ක්‍රමයෙන් නවතිනවා සේ පුරුදු පරිදි කටයුතු සිදුවෙත්දී සිදුවෙන වැරදි මෙසේ නිවැරදි වෙමින් වැරදි සිදුවීමද ක්‍රමයෙන් නැවතී යහපාලනය ස්වයංක්‍රීයව සිදුවෙමින් පවතින බවයි මෙසේ ගම්‍ය වෙමින් පවතින්නේ. මේ පිළබඳව මැතිවරණ කොමිසමට මෙන්ම මැතිවරණ කොමිසමේ අණ පරිධි එසේ තම විකාශනයන් නතරකල රුපවහිනි නාලිකාවලට ගරුකලයුතුය. අනිත් සියලු කටයුතුද එසේ වේවායි පතමි.
ඒක තිබුණේ නාමයෝජනා භාර දෙන්න තිබුණු කාලෙ නෙවෙයිනෙ ..
මැතිවරණ නීති තදින්ම ක්‍රියාත්මක කළ යුතුයි.