මහින්ද නිශ්ශංක
දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ අනුව සියලු සේවකයින් වහා සේවයට වාර්තා කළ යුතු බවද සාමාන්‍යාධිකාරි කියා සිටී.
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශ කිරිම යටතේ සේවක නිවාඩු අවලංගු කර ඇත.
දුම්රිය වර්ජනයට අද (4) දිනට අටකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවය ඇතහැර ගියා සේ සැලකූ නිසා ඒ ගොල්ලන්ට මේක වලංගු වෙන්නේ නැහැ. මේ කියන්නේ දැනට සේවයේ ඉන්න සේවකයින්ට වෙන්න ඇති...
වැඩට එන්නේ නැති අයට පඩි ගෙවන්නේ මොකටද? පඩිය ගන්න වැඩට ඇවිත් අත්සන් කරන්න එපෑයෑ. පඩිය බැංකුවට යවනවද දන්නේ නැහැ. වැඩට එනකම් මුන්ගේ වැටුප් මුදා හරින්න එපා...
බලධරයිනි, කරුණාකර හමුදාවේ අය දාලා වැඩේ පටන් ගන්න. ලොකු පිනක්. දුම්රිය සේවකයින්ගේ සේවය අතහැර ගියා සේ සැලකුවා නම්, ඇයි එයා සේවයට වාර්තා කළ යුත්තේ? මේක රඟපෑමක්ද? රටේ සියලු පුරවැසියන් දැඩි අවධානයකින් ඉන්නේ මේ ගැන...
සාමාන්යධිකාරිතුමනි, කිසිම දැනුම්දීමක් නොකරානම් ඇයි ඔච්චර පස්සෙන් එළවන්නේ? දුම්රිය ගෙන්වපු රටවල් වලින් පුහුණු කිරීම සඳහා පිරිසක් ඉල්ලාගමු. එතකන් අපි දැන් යන විදියටම යන්නම්, හැබැයි, මෙයාලව ඉවත් කරන්නම ඕනෑ. අපි කන කට්ට දන්නේ අපිමයි. එයාලට ඕනෑදේත් අපි දන්නවා. දැන් ඔය මාන බලන්නේ පර්මිට් එකක් ගන්න. මොවුන් කවදාවත් මගීන් ගැන හිතුවේ නැහැ. වාරප්‍රවේශ පත්‍ර ගත්ත මගීන් බස්වලට, වෙනත් විකල්පවලට වියදම් කරපු මුදල් එයාලා දෙන්නේ නැහැනේ. අපගේ වටිනා කාලය කොහොමත් නැවත ලැබෙන්නේ නැහැනේ? කිව්වා වගේම කරුණාකරලා මෙයාලව ඉවත් කරනවද? ඇත්තටම කෝ දැන් චක්‍ර ලේඛනය? කෝ මහලොකුවට සේවය ඇත හැර ගියා සේ සලකනවා කියපු කතාවල්... ඒවාට බය වුනෙත් නැහැ.. අාවෙත් නැහැ.. ඇයි තවත් බලන් ඉන්නේ? අපි දැන් කාපු කට්ට වැඩට එන්න කිව්වම තේරෙනවා ඇති? මොවුන්ව බස්වලට නග්ග ගන්නවත් නරකයි. පයින්ම එන්න දෙන්න තියෙන්නේ. මොනතරම් මිනිසුන්ට වද දෙනවද? ඔයාගේ ඔය මහා ලොකු සේවකයින් ටික... කරුණාකරලා මොවුන් ටික අයින් කරන්න. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඔබතුමා ඇත්තටම හරි විදියට වැඩේ කරනවද කියලා දැනගන්නට මගීන් වන අපට අයිතියක් ඇත.