( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජනාධිපතිවරණය කැඳවමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන සර්ටියෝරාරිටි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපතිවරයෙකු වන මෙත්සිරි ද සිල්වා මහතා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය.
ලබන 07 වැනිදා ජනාධිපතිවරණ නාමයෝජනා කැදවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් , අදාළ ගැසට් නිවේදනය අනුව මැතිවරණ කොමිසම , එහි සභාපති සහ සාමාජිකයන් කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමින් ඉල්ලා ඇත.
මෙහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සභාපති , එහි සාමාජිකයන් සහ නීතිපති නම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයත් සූත්තර පුංචගේ ගෝලයෙක්ද? මෙහෙම දේකට තියෙන නීතිමය අයිතිය මොකද්ද? මේ වගේ සත්තු සතර වාහල්කඩ එල්ලා තියන්න ඕනෑ.
"අනේ මෙත්සිරි නොදුටු මොක්පුර" කියල තමයි කියන්න තියන්නේ ඉතින්.
මේක දැන් විහිළුවක් කරගෙන වගේ. හැමඑකාම හැම මගුලටම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගහනවා. මේ හැමකෙනාම හිරගෙදරට දාන්න ඕනෑ...
මෙයත් අර මැතිවරණ කොමිසමේ සාමාජිකයකු විදිහට ඉන්න ගමන් ඡන්දෙ එපා කියලා අධිකරණයට ගිය එක්කෙනා වගේ. දෙයියනේ මේ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. වර්තමාන පාලකයන් එලවලා රටට හිතැති ආණ්ඩුවක් ගේන්න මිනිස්සු බලා ඉන්නවා. කරුණාකර එ්කට ඉඩ දෙන්න...
මෙය ඉතාමත් පදනම් විරහිත ක්‍රියාවක්.. ජනපතිවරණයේ ගැසට්ටුව අවලංගු කර රිට් පෙත්සමක් ගොනු කරන්න නෛතික බලයක් නැහැ. මැතිවරණ කොමසාරිස් කාර්යාලයත් එම රාජකාරියත් සම්පූර්ණයෙන්ම අපක්ෂපාතීව කරන රාජකාරියක්.. අනික එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාවක්...
අපිව ලෝක සිතියමෙනුත් අයින් කරයි ද..
කොහොම කොහොම හරි උත්සහ කරන්නේ මහජනයා ගොනාට අන්දවන්න. මහජනයාගේ ඔලුව උඩින් අං තට්ටුව තියන්න.
ඇත්තම කතන්දරේ දැන් මේ රටේ අධිකරණය විහිළුවකට අරන් තියෙන්නේ.
ඔවු ඔවු මහත්තුරුනේ, මොනව හරි කරලා ජනාධිපතිවරනෙත් කල් දාගන්න. ඊට පස්සේ පම්පෝරි ගහන්න පුළුවන් මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ලංකා ඉතිහාසේම තිබුනේ නෑ කියල. මදිනම් තවත් පම්පෝරි ගහන්න පුළුවන් මේ වගේ ස්වාදීන අධිකරණ පද්ධතියක් තියන රටක් ලෝකේ කොහෙවත් නෑ කියල.
ගෝඨාව බේරගන්න දගලන දැගලිල්ලක්.එකී පුරවැසි සහතිකයට මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබන විට ජනාධිපතිවරයා ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් වී සිටි බව සැබෑ නමුත් ඔහු ජනාධිපති ධුරයේ දිවුරුම් ලබාදී නොතිබීම නිසා 2015.11.21 වැනිදා සිදුකළ එකී අත්සන් තැබීම නීත්‍යානුකූල නොවනා බව ද එහිදී නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු මහතා කීවේය.
රටට දැන් විහිළුවක් වෙලා. කොහොම තිබුණු රටක්ද මේ? ඒ අතින් මහින්ද රාජපක්ෂ වෙලාවටත් කලින් ඡන්දය තිබ්බා. පැරදුණු එක වෙනම කතාවක්...
මේ ගාල්ල මහා නගර බලප්‍රදේශයේ හිටපු ප්‍රධාන පුරවැසියා. මොකක්ද අපේ රටට වෙලා තියෙන්නේ? නිකම්ම හිටපු පුරවැසියන් ටිකක් 'ප්‍රධාන' වෙන්න හදන කොටම පිස්සු හැදෙනවනේ...
කොල්ල කාපු සල්ලි හැම අතටම විසිකරන කොට මෙහෙම දේවල් වෙනවා. ඇහිඳ ගත්ත කෙනා මොකක් හරි කරන්න ඕනෑනේ..
අනේ රටට ගිය කළ, එතකොට 19වැනි ව්‍යවස්ථාවට මොකද වෙන්නේ? පාර්ලිමේන්තුව විසුරවපු එක වැරදියි කියපු එකට මොකද වෙන්නේ? මහින්ද අගමැති කරපු එක වැරදියි. කියපු එකට මොකද වෙන්නේ? අවුරුදු පහට අඩුකලේ කාගේ බලයද? අර්ජුන් මහේන්ද්‍රන් අත්සන් කරපු සල්ලි වලංගුද?
අපි බලන් ඉමු. ඔය මහා උසාවියේ ඉන්නේ උගත් මහත්වරුද, එහෙම නැතිනම් තණකොළ කන ඔටුවන්ද කියලා...මේක මහා පුදුම රටක්. කෙනෙක් උසාවියට කියනවා.." අනේ මාව අල්ලන්න එපා කියලා පොලිසියට නියෝගයක් කරන්න.." කියලා. ඉතින් නඩුකාරයා පොලිසියට කියනවා " හා හා මෙයාව අත්අඩංගුවට ගන්න එපා " කියලා. ඉතින් පොලිසිය නැට්ට අස්සේ ගහගෙන බකන් නිලාගෙන ඉන්නවා. මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන්න බලය තියෙන්නේ මැතිවරණ කොමිසමටයි. ඉතින් ඒ අය නියම කාලයට එය ප්‍රකාශ කළාම "පරදින්න බය" දේශපාලුවෝ උන්ගේ කුස්සිවල දන්කුඩ කන වහල්ලුන්ට කියනවා..." දාන්න නඩුවක් එයාට විරුද්ධව" කියලා. එ්ක තමයි මේ වෙලා තියෙන්නේ. මොනවා වුණත්.. මේ පාර ඔය හොර නඩවලට දිනන්න බැහැ. මිනිස්සු දැන් හොඳටම දැනුවත්වෙලා ඉන්නේ. නාගානන්ද, මහේෂ්.. මේ ඉන්නේ රටට ආදරේ කරන මිනිස්සු. ඒ අය ඉන්නකම් නිල්, කොළ, පොහොට්ටු ආයේ කවමදාකවත් දිනන්නේ නැහැ...
මට හිතෙන විදියට මේක හරි. පාර්ලිමේන්තුවේදී ජනාධිපති ධූරයේ කාලය අවුරුදු 5 කට අඩු කරත්, ජනාධිපතිවරනෙදි මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනතාව පත් කළේ වසර 6 කටයි. ධූර කාලය අඩු කරන්න නම්ජනතාව ලබා දුන් තීන්දුව වෙනස් කිරීමට ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි. ඔය වසර 5 බලපාන්නේ ඊලඟට පත් වන ජනාධිපතිවරයාට බව නීති විශාරදයින්ට නොපෙනීම අභාග්‍යයකි.
මුලින්ම දහනවවන සංශෝධනය ගෙනත් රාජපක්ෂ පවුල හිර කරන්න බැලුවා. දෙවනුව ඇමරිකාවේ නඩු දැම්ම. ලසන්ත ගැන. තුන්වෙනිව ඡන්දය ගැසට් කලාම ජනාධිපතිධූරය අහෝසි කරන්න හැදුවා. ඊට පස්සේ ගෝඨාභයගේ පුරවැසි භාවය නැත කියා නඩු දැම්මා. දැන් ඡන්දය අවලංගු කරන්න ලු. හෙන පව් යහපාලනේ...
ඡන්දයක් දාපු කාලයක් මතක නෑ.... ආසයි අප්පා.....
මේකෙන් හම්බකරන්නේ නීතිඥයින්... !!! මම දන්නා තරමින් මෙත්සිරිගේ නෝනත් ලොයෙර් කෙනෙක් , නෝනා වෙන්න ඇති කියන්න ඇත්තේ නඩු දාන්න කියලා