(ළහිරු හර්ෂණ)
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් අද (04) මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කෙරිණි.
අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා යන මහත්වරු සහ පක්ෂයේ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් ඒ වෙනුවෙන් කොමිසමට පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම විස්වාස කරන්නේ මේ දෙගොල්ලොන්ම නැති විකල්ප කණ්ඩායමකින් රටේ පාලනය බාරගත යුතු බවයි. නමුත් දැනට තත්වය අනුව සජිත් මේ ජනාදිපතිවරණය දිනන බව පෙනේ.
ඉතිහාසය නැවත පැමිණෙන බව දාර්ශනිකයකු වරක් පවසා තිබුන බව මතකයි. සජිත් මහතා බොහෝ දුරට දිනන්න ඉඩ ඇතැයි මටත් හිතෙනවා. ප්රශ්නය එය නොවෙයි. සජිත් මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දෙමළ මුස්ලිම් නායකයින් ලොකු කාර්ය බාරයක් සිදු කරන බැවින් ඔවුන්ව සතුටු කිරීම සදහා යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට සජිත් මහතාට සිදු වේවි. (ඔහුගේ පියා එල්.ටී.ටී.ඊ එකට ආයුධ සැපයූ බව අමතක නොකරන්න ) මෙම දේශපාලකයින් සතුටු කිරීමට යන ගමන පිලිබඳව බහුතර සිංහල සමාජය අකමැති බව සිහියට ගන්න. එම අකමැත්ත දකුණේ සිංහල ජනතාව ආයුධ අතට ගැනීමක් දක්වා වර්ධනය වුවහොත් රට නැවත අරාජිකත්වයක් කරා ගමන් කරනු ඇත.සමහර විට කැරලි වර්ධනය වීමට පොලීසිය ඉඩ හරීවි. (ප්රජාතන්ත්රවාදය ) රාජ්‍යය විරෝධී කැරලි මර්ධනය කිරීම සදහා රජය මගින් ක්‍රියාමාර්ග ගන්නා බැවින් නැවත 87-88 තත්ත්වයට සමාන තත්ත්වක් බිහිවීමට ඉඩ ඇත. මොහොතක් සිතන්න. ආර් ප්‍රේමදාස මහතා දුප්පතුන් අතර කොතරම් ජනප්‍රිය නායකයෙකු උවත් රාජ්‍යය ත්‍රස්තවාදය මුදාහැරීම තුලින් මියගිය දකුණේ ජනතාවගේ ජීවිත්වීමේ අයිතිය කඩ කල බවට වග කිව යුතු නොවේද ? ඉතිහාසය නැවත පැමිණේවි.
ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා සලකා බැලීමේදී ගුණාංග ඇති පුද්ගලයෙකු සිටීම අත්‍යවශ්‍ය වේ.
ඔය කිව්වේ ෆුට් නෝට් කියමනක්ද? පින්තූරේ උඩින්ම ඉන්නේ ෆුට් නෝට් කල්ලියේ සාමාජිකයන් නිසා එහෙම හිතුණා.