මැතිවරණ කොමිෂන් සභාව අවට දැඩි වාහන තදබදයක් මැතිවරණ කොමිෂන් සභාව අසළට පැමිණ සිටින ආධාරකරුවන් හේතුවෙන් කොටා පාර සහ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද පවතී. 07 October 2019
විරෝධතා දෙකක් ඇති බව මැතිවරණ කොමසාරිස් කියයි මේ වන විට අපේක්ෂකයින් සම්බන්ධ විරෝධතා 2 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 07 October 2019
නාම යෝජනා බාර ගැනීම ඇරැඹේ ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාර ගැනීමේ කටයුතු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි. 07 October 2019
අපේක්ෂකයින් මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් මේ වන විට රාජගිරිය සරණ පාරේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත පැමිණෙමින් සිටී. 07 October 2019
නාමයෝජනා බාර ගැනීමට සියල්ල සූදානම් මෙරට හත් වැනි විධායක ජනාධිපතිවරයා පත්කරගැනීම වෙනුවෙන් නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගැනීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද (7) පෙරවරු 9.00ට ආරම්භ වේ. 07 October 2019
‘‘ජනතාවගේ බඩට ගැසූ රාජපක්ෂවරුන්ට බලයට එන්න ඉඩ දෙන්නේ නෑ‘‘ ජනතාවගේ බඩට ගැසූ රාජපක්ෂවරුන්ට නැවත බලයට ඒමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පස්වරුවේ ප්‍රකාශ කළේය. 06 October 2019
ශිෂ්‍යත්වයෙන් ලකුණු 199 ක් ලද අදීෂගේ සිහිනය “අනාගතයේදී ඉංජීනේරුවකු ලෙස මා ඉපදුණු රටට ඉහළ සේවයක් කරන්න බලාපොරොත්තුවෙන් මම කාලය කැප කරනවා “යැයි මේවර ශිෂ්‍යත්ව විභායෙන් ලකුණු 199ක් ලබා ගැනීමට සමත් වූ එච්.එම්.අදීෂ නෙතුම් හේරත් අද (06) ලංකාදීපයට පැවැසීය. 06 October 2019
අවසන් මොහොතෙත් අපේක්ෂකයෝ 8 ක් ඇප බදිති ඇප මුදල් බාරගන්නා අවසන් දිනය වූ අද (06) දිනයේ අපේක්ෂකයින් 8 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබිණි. 06 October 2019
රැඳවියන්ට අතරමග නවාතැන් නෑ අධිකරණවල නඩු කටයුතු සඳහා ඉදිරිපත් කළ යුතු රැඳවියන් එම බන්ධනාගාරවල සිට ඊට පෙරදින පිටස්තර බන්ධනාගාර වෙත රැගෙන යාම නතර කිරීමට බන්ධනාගාර මූලස්ථානය තීරණය කර ඇත. 06 October 2019
මැතිවරණ කාලසීමාවේ වැඩ වර්ජන කිරීමෙන් වළකින්න ජනාධිපතිවරණයට බාධා ඇතිවිය හැකි බැවින් මැතිවරණ කාලසීමාව තුළ අඛණ්ඩ වැඩ වර්ජනය කිරීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම සියලුම රාජ්‍ය සේවකයින්ගේ ඉල්ලීමක් කරයි. 06 October 2019
පහන්තුඩාව ඇල්ල පිවිසුමට ආරක්ෂක කුටියක් බෙලිහුල්ඔය ගඟ ආශ්‍රිතව ඉහළින් පිහිටා ඇති පහන්තුඩාව ඇල්ලට වැටී මියගිය සංජය ක්රිෂ්ණ ජයකුමාර් සිහිකර ඔහුට පින් පතා එම දෙමව්පියන් විසින් හා චීන මිත්‍රත්ව සහයෝගිතා පදනම මගින් පහන්තුඩා ඇල්ලට පිවිසුම් ආරක්ෂක කුටියක් තනා අද (6) දින විවෘත කරන ලදී. 06 October 2019
ජනපතිවරණයට හෙට නාමයෝජනා බාරගැනේ ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම සඳහා හෙට(07) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී නාමයෝජනා බාරගැනේ. 06 October 2019
ශිෂ්‍යත්ව ප්‍රතිඵල යළි සමීක්ෂණයට අයදුම්පත් බාරගනී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරිම සඳහා මේ මස 21 වැනිදා දක්වා අයදුම්පත් බාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 06 October 2019
සාක් මහලේකම් ධූරය ඇසළ වීරකෝන්ට දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (සාක් ) 14 වැනි මහලේකම් ධූරයට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසළ වීරකෝන් මහතා පත් කරනු ලැබ ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 06 October 2019
ජනපති සටනට අපේක්ෂකයෝ 41 ක් ඇප තැන්පත් කරති ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 41දෙනකු ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ ලේකම් කාර්යාලය කියයි. 06 October 2019
‘පොහොට්ටුව‘ ලකුණ වෙනස් කරන්න නීතීමය බාධාවක්‘ පොහොට්ටුව ලකුණ වෙනස් කිරීමට නීතිමය බාධාවක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගෙන ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (6) පැවසීය. 06 October 2019
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. 06 October 2019
ජනපතිවරණයට තරග නොකරන බව ශ්රීලනිපය කියයි මෙවර ජනාධිපතිවරණයට තරග නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. 06 October 2019
සැකකරු සිර මැදිරිය තුළ මත්පැන් පානය කළැයි කොස්ගොඩ පොලිසියේ 2 ක වැඩ තහනම් පොලිස් සිර මැදිරිය තුළ සැකකරුවකුට මත්පැන් පානය කිරිමට ඉඩ හැරිම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ කාන්තා සැරයන්වරියකගේ වැඩ තහනම් කළ බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. 06 October 2019
ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද එයි පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද(06) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය. 06 October 2019
ගෝඨාභය නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (6) උදෑසන නාමයෝජනා පත්‍රයට අත්සන් කරනු ලැබීය. 06 October 2019
කාසල්රි ජලාශ රක්ෂිතයේ කොටසක් නායයයි නොර්වුඩ් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය කාසල්රි ජලාශයට එක් වන නොර්වුඩ් වත්ත ප්‍රදේශයේ කොටසක් නාය ගොස් ඇත. 06 October 2019
ශ්‍රීලනිප - පොහොට්ටුව ගිවිසුම් දෙකකට සැරසෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ගිවිසුම් දෙකක් ලබන 09 වැනිදා (බදාදා) අනුරාධපුරයේදී අත්සන් කිරීමට නියමිතය. එක් ගිවිසුමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතරද අනෙක් ගිවිසුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතරද අත්සන් කිරීමට නියමිතය. 05 October 2019
පොහොට්ටුවට එක්වීමේ තීන්දුව ගැනීමේ බලය ජනපති වෙතට ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද (05 වැනිදා) රාත්රියේදී තීරණය කළේය. 05 October 2019
දෙමළ භාෂා ගුරු පත්වීම් කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් අත්හිටුවයි ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය මගින් ලබාදීමට සංවිධානය කර තිබූ දෙමළ භාෂා ගුරු පත්වීම් 400ක් පමණ මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් අද (05) දහවල් අත්හිටුවීමට පියවර ගත්බව බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී ජනක වැලිවත්ත මහතා පැවසීය. 05 October 2019
පෙම් යුවළගෙන් කප්පම් ලබාගත් කොස්තාපල් අත්අඩංගුවට ගල්කිස්ස ප්‍රදේශයේ මෝටර් රථයක සිටි පෙම් යුවලක් බිය ගන්වා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටිමට නම් රුපියල් 30,000ක් බලෙන් ලබාගත් ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්වරයකු කොළඔ දකුණ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ රාත්‍රියේ (04) අත්අඩංගුවට ගෙන ඇත. 05 October 2019
මොරටුවේ පාලු ඉඩමක තිබී අත් බෝම්බ 3 ක් හමුවෙයි මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි පාලු ඉඩමක තිබී අත් බෝම්බ තුනක් අද (04) හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 04 October 2019
ජනපතිධූර අපේක්ෂකයන් වැඩිවීමෙන් කෝටි 100 ක අමතර වියදමක් මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම නිසා අමතර තවත් කෝටි 100 ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය. 04 October 2019
ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 33 ක් ඇප බඳිති මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අද (04) වනවිට අපේක්ෂකයින් 33 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසමන් සභාව සඳහන් කරයි. 04 October 2019
කොල්ලුපිටියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි තායි කාන්තාවන් 23 දෙනෙකු යොදාගෙන ලාංකික කාන්තාවක් කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් අද (04) වටලා ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 04 October 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026