(රංජන් කස්තුරි)
මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම නිසා අමතර තවත් කෝටි 100 ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.
ජනාධිපතිවරණයට රුපියල් කෝටි 400 ක පමණ වියදමක් යතැයි සිතුවද එය රුපියල් කෝටි 500 පමණ දක්වා වැඩිවනු ඇතැයිද ඔහු පැවසීය.
මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අද (04) වනවිට අපේක්ෂකයෝ 33 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට විහිලු සපයන්නන් වැඩිවෙලා...
හරි නම් අපේක්ෂකයෝ 33ක් නොවෙයි 225ක්ම ඉල්ලන්න ඕනෑ. මේ මැතිවරණෙ විතරයි ස්වාධීන තනි අපේක්ෂකයෙකුට ඉදිරිපත්වෙන්න ඉතිරිවෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සේරම එක්කෝ කණ්ඩායම් එකතුවෙලා ඉල්ලන්න ඕනෑ.. නැතිනම් පක්ෂ නායකයින්ට කුලියට කහින කියන කියන දේට අත උස්සන බත් බැලයෙක් වෙන්න ඕනෑ. නමුත් මේකෙන් වෙන්නේ රට මංකොල්ල කන පක්ෂ දෙකට විරුද්ධ ස්වාධීන ජනතාව කෑලි කෑලිවලට කැඩිලා, සීසීකඩ යන එක... අන්තිමේ එ්කේ වාසියත් අර හොරුන්ටමයි. අන්තිමේ ඒ හොරු හවුලේ දෙපැත්ත බෙදිලා රටකනවා.
වරද ඔබතුමාලගේම තමයි. ඇප මුදල් 75000ක් වගේ කියන්නේ සාපේක්ෂව අඩු මුදලක්. අඩුම ගානේ මේක ලක්ශ දහයක් හෝ විස්සක් කරන්න. ඒ වගේම ස්වාධීනව ඉල්ලනවා නම් පසුගිය වසර 10 ය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙන්න ඕනෑ කරන්න අවශ්‍ය වෙනවා.
කිනම් හෝ නිර්ණායකයන් තිබුණා නම් ඔය බලුපොරේට බලල්ලු විතරයි ඉදිරිපත් වෙන්නේ... දැන් බැලුවාම දියබරියන්, හිවල්ලුන්, කලවැද්දන්, වල් ඌරන් ඔක්කොම පොරේට එකතුවෙලානේ..
මේක දැන් විහිළුවක් කරගෙන... රටේ රජකම කියන එකට ඉල්ලීමක් කරන්න මූලික සුදුසුකම් නියම කළ යුතුයි. නැත්නම් නිවටයෙන් නිසා හෑල්ලු වෙන්නේ ඒ තනතුර...
එතකොට රාජසන්තක වෙන ඇප මුදල්...?
ඔය ජනපතිවර කමට ගව පාලනය පිළිබඳව උපාධියක් තිබීම අනිවාර්ය කළයුතුයි
එපා මුදල් වැඩි කරන්නනම් හරි මහජන මුදල් නර්ස්ති කරන්න හදන මේ විගඩම් පාලනයට
ගාන කවර් වෙන්න ඇපමුදල වැඩි කරන්න. මුන්ගේ බොරු වැඩ වලට රටේ ජනතාවට වියදම් කොරන්න බැහැ.
මට තිබෙන ප්රශ්නය මේකයි , අපේක්ෂකයෝ 2 ක් ඉල්ලුවත් 5 ක් ඉල්ලුවත් 30 ක් ඉල්ලුවත් පවත්වන මැතිවරණ ගණන වැඩි වෙනවද? එක මැතිවරණයයි මද්‍යස්ථාන ගණන වැඩි වෙනවද? නැහැ . ගණන් කරන මධස්ථාන වැඩිවෙනවද? නැහැ නිලධාරිවරු වැඩිකරන්න ඕනද? නැහැ වැඩි වෙන්නේ චන්ද පත්‍රිකාවේ දිග පමණයි එසේ නම් චන්ද පත්‍රිකාවේ දිග වැඩි කරන්නට පමණක් අමතර කෝටි 100 ක් වැය වෙන්නේ කුමකටද ? මට පෙනෙන හැටියට නම් එම කතාව අසත්‍යයක් ...........?
අපේක්සක මුදල කවර් කරන්න. ඒ සඳහා මුදල රුපියල් ලක්ෂ සීයක් කරන්න. එතකොට ඒ බර ජනතවට පැටවෙන්නෙන් නැහැ. තවද විශ්‍රාම වැටුප වර්ෂ 15ක් කරන්න ඇමති මණ්ඩලය ආසන ගාණට පමණක් යොදවන්න.
දේශපාලන කෝණයෙන් නොබලන්නේ නම් ලංකාවේ හොඳම පාසලට ගොස් සාපෙළ අසමත් වූ කෙනෙක් අපගේ නායකයා කරගන්නේ ඇයි දැයි අපිම සිතිය යුතුයි. කථිකත්වය මත ඔහුගේ තීන්දු ගැනීමේ ශක්තිය ඉස්මතු නොවේ. විශේෂයෙන් බොහෝ නිලධාරීන් දේශපාලකයින් ඇන්දවීමට බලාසිටින බැවින් නිවැරදි දේ තෝරාගැනීමට දේශපාලකයා බුද්ධිමත් වියයුතුයි.
මැකො කලින් කිව්වනෙ ඕනෙ ඕනෙ අයට බෑ කියල. ඒ කරුණු පිළිපැදල නෑ\තවත් කෙනෙකුට කාලෙ අරන් දෙන්න ගත්ත නම් වැඩිපුර ගිය මුදල එයාලගෙන් අය කර ගන්න.
ජනපතිකම සහ ටෙන්ඩර් ක්‍රමේට දෙමු. සභාපති
මට හිතෙන්නේ ලංකාවේ ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපතිවරණයට කොන්දේසි ( පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම, පක්ෂයක් හරහා වැනි) නැතිව ඉදිරිපත් වීමේ හැකියාව තියෙන්න ඕනේ. නමුත් ඇප මුදලෙන් එය පාලනය වුනොත් හොඳයි කියලා හිතෙනවා. ඇප මුදල අද කාලෙට නොගැලපෙන බවක් මට හැඟෙන්නේ. මුදල් හොයන එකත් එච්චර ලේසි නැති හින්දා මිනිසුන්ගේ විශ්වාසය දිනානොගෙන මුදල් පරිත්‍යාග නැතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න අමාරුවෙයි කියල හිතෙනවා. ව්‍යාපාර වැනි කටයුතු වලින් කොහොම හරි (අනිසි ලෙස) මුදල් හම්බ කරන මිනිසුන්ට මිනිසුන් අතර වැඩිය විශ්වාසයක් නැතිය කියා හිතනවා. අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ රදල පැලැන්තිය හින්දා ජනාධිපතිවරණයට පාර්ලිමේන්තුවේ හා එහි පක්ෂ වල ග්‍රහණය නැතිවුනොත් හොඳයි. බලාගෙන ගියාම අගමැති කියන පාර්ලිමේන්තු පරමාධිපත්‍ය කතාව ඇත්තක් කියලත් හිතෙනවා. පාර්ලිමේන්තුව අධිකරණයටත් ඇඟිලි ගහලා. ජනාධිපතිටත් ඇඟිලි ගහලා. බල තුලනය අසමබරයි. පාර්ලිමේන්තුව වැඩ නොකර පූජ්‍ය පක්ෂය ලව්වා මානුෂිය ක්‍රියාකාරකම් පාලනය කරගන්නවා. මහා මෝඩ ජනරජයක්. කොතැනද වරද?
මහරජාගේ පවුලත් අපේක්ෂකයන් දෙකක්ම දාලා තියෙන්නේ...
අපේක්ෂකයන් 25ක් අතරේ කෝටිය ගානේ බෙදලා දෙන්න.. එතකොට කෝටි 25ක් ගියාම තව 75ක් ඉතුරුයි..
සාමාන්‍යයෙන් චන්ද කොලයේ දිග එක අපේක්ෂකයෙකුට අඩුම ගණනේ අඟල් භාගයක් හෝ ඉඩ හැරියානම් 35-36 දෙනෙකුට අඩි 1.5ක කොලයක් අවශ්‍යවෙනවා. අනෙක ස්වාධීන අපේක්ෂකයින් 15ක් පමණ ඡන්ද ඉල්ලනවා. ඇයි එවැනි අයටත් ඡන්ද ඉල්ලන්න අවස්තාවක් දෙන්නේ ? ඇයි ඔවුන්ට ලියාපදිංචි පක්ෂවලින් ඉදිරිපත්වෙන්න බැරි ? අනෙක් අතට එම පක්ෂවල් පවා ත්‍රී රෝද පක්ෂයන් නිසා ඔවුන්ද ස්වාධීන අපේක්ෂයන්ට සමානයි. අනේ මන්දා රටක ප්රජාතන්ත්රවාදය !!
මේ වගේ අනවශ්‍ය වියදම් වළකන්න කටයුතු කරන එක මැතිවරණ කොමිසමේ වගකීමක්. එහෙම නැතිව දත් 32 ම එළියේ දාගෙන "පිච් එක හැදුවම මැච් එක ගහන්නම් " ගගා ඉන්න එක නෙමෙයි. මෙච්චර තාක්ෂණය දියුණු එකේ ඕක නිකමට හදලා බලන්න බැරිද? රුපියල් 50,000ක් බැදලඳ තමන්ගේ නම රටපුරා ප්‍රසිද්ධ කරගන්න ඕනේ කියලා හිතන පිස්සන් ටිකක් ඉදිරිපත් වුණොත් මොනතරම් අනවශ්‍ය වියදමක් රටට වෙනවද? එ්ක කොහොමද වළකන්නේ... අවශ්‍ය විසඳුම් ඉදිරිපත් කරන්න බැරිද?
පාර අතුගාන්නත් අධ්‍යාපන සහතික ඉල්ලන රටේ මැතිවරණ වලට පමණක් ඕනැම කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්.
75000/- යනු නිකම්ම නිකම් විහුළුවක්. ඇප මුදල වැඩි කරනම් වැඩේ ඉවරනේ මහත්තයෝ !