ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 41 දෙනකු ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.
අද (06) දහවල් 12 ට එම කාලය අවසන් විය. හෙට (07) නාම යෝජනා බාර දීමට නියමිතය .
ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 41 දෙනකු ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.
අද (06) දහවල් 12 ට එම කාලය අවසන් විය. හෙට (07) නාම යෝජනා බාර දීමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභා ඡන්දයකට වඩා ලංකාවේ ජනාධිපතිවරණය බාල්දු වෙලා...
මෙවර ජනාධිපතිවරණය අපේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත්වීම මත අසාර්ථක මෙහෙයවීමක් ඇති බව අපට වැටහෙනවා. පොඩ්ඩක් හිතන්න ජන්දය දාන්න යන ජන්දදායකයා ජන්දය සටහන් කරන තැනට ගොස් අපේක්ෂකයින්ගේ ලකුණ හොයනකොට සෑහෙන්න කාළයක් ගත වෙනවා. අනික් අතට මුද්‍රණය කරපු ලකුණු අතර සමානකම් තිබුනොත් වැරදි අපේක්ෂයින්ට මනාපේ ගහන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම යෝජනා කරන්නේ සියලුම අපේක්ෂකයින්ට අදාළ අංකයක් නිකුත් කරලා ඒ අංකය ප්‍රසිද්ධ කිරීමයි. එවිට ජන්දදායකයින්ට මනාප සලකුණු කරන අංකය ගැන පෙර අවබෝධයෙන්ම ගොස් තම ජන්දය වඩාත් නිවැරදිව සටහන් කල හැකියි.
මොන විහිලුවක්ද මේ..? ලෝකේ කොයි රටක් වත් මෙහෙම විහිලු සපයන රටක් වෙලා නැහැ. උපරිම අපේක්ෂකයන් 3දෙනෙක් ඉන්න ඇති අනිත් රටවල... අනික වියදම. රටේ ඉන්න මහජනතාවගෙන් තමයි මේ වියදම දරන්න වෙන්නේ. අනික මේකෙන් වෙන්නේ ඡන්ද ලිස්ට් එක මාගලක් වගේ දික් වෙන එක. එ්කත් තව වියදමක්. මොන පරමාර්ථයකින් මේ වගේ ඉල්ලනවද මන්දා. පිස්සන් කියන එකේ උපරිම එක.
2015 හැටදෙලක්ෂයක් කරපු ගොන්කම තමයි ඉතින් ඔය පිළිබිඹු වෙන්නේ...
මේ වගේ විහිළු තියෙන රටක්. මිනිසුන්ගේ සල්ලි විනාශ කරන මේ වගේ දේවල්වලට වහාම අවශ්‍ය පියවර ඕනෑ. ජනාධිපතිකමට සුදුසුකම් තියෙන මිනිස්සු විතරක් ඉදිරිපත් කරන්න ක්‍රම වේදයක් ඕනෑ. සල්ලි, කාලය ශ්‍රමය විනාශ නොකර...
ඒකත් එහෙම නම් ඡන්ද පත්‍රිකාව අඩි තුනක්වත් දිගුවේවි. එහෙම වුණොත් ඡන්ද දායකයින්ට අඩුමගානේ විනාඩි දහයක්වත් ඡන්දය ලකුණු කරන්න කාලය ගතවේවි. උදේ 7 සිට සවස 4 දක්වා කාලය ප්‍රමාණවත් නැතිවේවි. වියදමත් කෝටි 5කුත් මදිවේවි. ජාතික ධනය මෙසේ නාස්තිවීමට ඉඩ දෙනවද? එ්නිසා ඉදිරියේ පත්වන රජයකින්වත් මෙවැනි ක්රියාකරන්නන්ගෙන් ඉහළම දඩමුදලක් අයකරන ක්‍රමයක් ඇතිකළ යුතුයි.
බුදු අම්මෝ මේක ලෝක වාර්තාවක් වෙන්න පුළුවන්..
ඇප 39ක් රාජ සන්තකයි. පොඩි ආදායමක් රජයට. පිස්සන් වැඩියෙන්ම ඉන්න ආසියාවේ රට...
දැන් බලනකොට අලුත් පාර්ලිමේන්තුවකුත් හදන්න වෙනවා. මේ සේරම කට්ටියයි, හිටපු නඩේටයි ඉඩ මදිනේ..., තාවකාලිකව වැලිකඩ හිරගෙදර කුලියට ගන්න වෙයි...
මහේෂ් එන්නේ ගෝඨාගේ සිංහල ඡන්ද කඩන්න එජාපයේ සහයෝගයට නම්... හිස්බුල්ලා හා ශිවාජිලිංගම් එන්නේ සජිත්ගේ මුස්ලිම් හා දමිල ඡන්ද කඩන්න ගෝඨාගේ සහයෝගයට නොවේද? ගෝඨා මොකද කොටි සපෝට්.. ගෝඨා මොකද ISIS සපෝට්..?
පක්ශ ඇප මුදල ලක්ශ දහයක්වත් කළයුතුයි. ස්වාධීන ඇප මුදල ලක්ෂ 20ක් කළයුතුය. එවිට ඡන්ද දාහක්වත් නොමැති අය තරග නොකරනු ඇත. අනික පසුගිය වසර 10 තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක් වියයුතුය... වගේ කොන්දේසියක් දැම්මා නම් ස්වාධීන අය මෙච්චර එන්නේත් නෑ.
ඉස්සර නම් මතයක් තිබුණා ජනාධිපතිවරණයට තරග කළ කෙනෙකුට වසරක් (හෝ වසර 2ක්) යනතුරු ආදායම් බදු සහන ලැබෙනවා කියලා.. ඒ කාලේ හෙට්ටිගොඩ වේද මහත්තයත්, ඒඑස්පී ලියනගේත් කිහිපවරක් තරග කළාම තමයි මේ කතාව ප්‍රසිද්ධ වුනේ.. මේ ගැන නිවැරදි විස්තරයක් දන්නා කෙනෙක් ඉන්නවා නම් දැනගන්න කැමතියි. (ඒක එහෙම නම් ඊළඟ වතාවේ මාත් ඉල්ලන්න කියලා තමයි බැලුවේ)