(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය මගින් ලබාදීමට සංවිධානය කර තිබූ දෙමළ භාෂා ගුරු පත්වීම් 400ක් පමණ මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් අද (05) දහවල් අත්හිටුවීමට පියවර ගත්බව බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී ජනක වැලිවත්ත මහතා පැවසීය.
හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ පිහිටි ජාතික ඒකාබද්ධතා සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශයට අයත් ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයේදී ඇමැති මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලබාදීමට පියවර ගෙන තිබූ බව පැවසේ.
මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට හා පොලිසියට පැමිණිලි කොට එම නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී එම කාර්යාලය තුළ මෙම පත්වීම් ලබාදෙමින් තිබූ බවද පැවසේ.
ජනාධිපතිවරණය කැඳවා තිබූ අවස්ථාවක මෙම පත්වීම් ලබාදීම නීති විරෝධී යැයි පවසා වහාම මෙම පත්වීම් ලබාදීම අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පියවර ගත් බව ජනක වැලිවත්ත මහතා පැවසීය.
එහිදී තවදුරටත් අදහස් පලකළ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතා මෙසේ කීය.
‘‘මනෝ ගනේෂන් ඇමැතිවරයා මුල්වෙලා අද දෙමළ භාෂා ගුරුවරුන් 400කට පත්වීම් ලබාදීමට සූදානම් කර තිබුණා. මේ පිළිබඳව අපට ලැබුණු තොරතුරක් මත හෝමාගම ප්‍රාෙද්ශීය සභාවේ සහ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් සමග මෙතැනට පැමිණිලා සිදුවන නීතිවිරෝධී ක්‍රියාව ගැන පොලිසියට සහ මැතිවරණ කොමිසමට දැන්වූවා. ඒ අනුව ඔවුන් ක්ෂණිකව පැමිණිලා මේක නැවැත්තුවා. අද නිවාඩු දිනයක ඇමැතිවරයා කරපු මේ දේ හරිම වැරදියි. ඒ වගේම මැතිවරණයක් කැඳවා තිබූ අවස්ථාවක රජයේ ප්‍රබල ඇමැතිවරයකු මේ කරන වැඩේ නීතිවිරෝධියි.
නුවරඑළිය, බදුල්ල, හපුතලේ, වව්නියාව, මඩකලපුව ආදී දිවයිනේ ප්‍රදේශ රැසකින් ළමයි 400ක් පමණ ඇවිත් හිටියා. මේ නීතිවිරෝධී ක්‍රියාව මැතිවරණ නිලධාරීන් හා පොලීසිය එක්ව නැවැත්වීමට පියවර ගැනීම ඉතාම සතුටු දායක ක්‍රියාවක්.. “ යැයි පැවසීය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට තමයි අපි ලෝකෙට 2015 හදුන්වා දුන්නු "යහපාලන" කියන්නෙ
මේ අයගෙ වැඩ ගැන කියනවා නම් බොරු 2019.09.10 ලෙස බොරු දිනයකුත් දාලයි පත්වීම් දෙන්න ඉදලා තියෙන්නෙ..කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය ..?
සාධාරණ සමාජයේ අයගේ කටේ පිට්ටුද?
කොහොමටත් මේ ඊයේ පෙරේදා වෙනකල් අරලියගහ මන්දිරේ රජයේ රැකියා දන්සල පැවැත්වුනා. යාපනෙන්,ගාල්ලෙන්,මඩකලපුවෙන්,පුත්තලමෙනුත් කට්ටිය ආවා රැකියා ගන්න.දැන් එයාලා පින් පඩි අරගෙන බුරුවා ගහනවා ඇති.
මෙයාලට අවුරුදු හතරක් ගියා මේ පත්වීම් දෙන්න. එතකන් බිල්ලෝ වගේ හිටියේ. අනෙකුත් අමාත්‍යාංශ වලටත් එහෙමයි. ඒ නිසා තමයි කියන්නේ මේවා දේශපාලන පත්වීම් කියලා. මේ විදියට ඇවිත් පත්වීම් භාර ගන්න ඒ ඒ තැන්වලට ගිහිල්ලා අත්සන් කරන අයගෙ ආත්ම ගෞරවයත් ඉවරයි. හැමෝම කියන්නේ යහපාලන පත්වීම් කියලා හංවඩුව වදිනවා.
මනෝ ගනේෂන් ජාතිවාදියෙක්. හොහුට විරුද්ධව අධිකරණයට යන්න. මගේ ප්‍රශ්නය මේ පොඩි රටේ ඔය වගේ ලෙඩ්ඩු ගැන බලන්න කවුරුත් නැද්ද? සිංහල මිනිස්සු මීට වඩා බුද්ධිමත් වෙන්න ඕන.
රජයේ රැකියා දීම තරග විභාගයකින් දිය යුතුයි. සියලුම දේශපාලන පත්වීම් අවලංගු කළ යුතුයි.
ඒක තමයි වැරැද්ද.
මේ දෙගොල්ලම එක බව මේ මහත්වරු කවදා අවබෝධ කරගනීවිද?