(අජන්ත අගලකඩ)
ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද (05 වැනිදා) රාත්‍රියේදී තීරණය කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව තීන්දුවක් ගැනීම ජනාධිපතිවරයා වෙත පැවරූ බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාසනාවට ලංකාවේ ජනාධිපති අපේක්ෂකයන් ප්‍රතිපත්ති ගැන නොව පොරොන්දු ගැන කතා කරනවා. ඇතැම් අපේක්ෂකයන්ට ප්‍රමාණවත් අධ්‍යාපන සුදුසුකම් නැති නිසා ඔවුන් කරන්නේ මීට අවුරුදු 50කට පෙර තිබුණු පොරොන්දු දේශපාලනයමයි. දේශපාලනය හැර කිසිදා රැකියාවක් කර නැති ඔවුන් දන්නේ අරක්කු බෝතලේට බත් පැකට් එකට පස්සෙන් එන හෙංචයියන් පිරි ලෝකයයි. මේ නරක ඇසුරේ විෂම චක්‍රයට හසුවූවන් ඔවුන්ට තමන්ට ඕනෑම දෙයක් කළ හැකියි යන මුලාවේ ඉඳිමින් හැමදේම තමන්ගේ අණසක යටතට ගන්නට සිතයි. පසුගිය කාලයේ එක්තරා ජනාධිපති කෙනෙක් කියා සිටියේ මේසන් බාස් මිස ඉන්ජිනේරුවරුන් අනවශ්‍ය බවයි. ලෙඩ හොද වෙනවානම් දොස්තර නොව කවුරු බෙහෙත් දුන්නත් කමක් නැති බවයි. එකළ ප්‍රධාන ආරක්ෂකයාට වඩා අරක්කැමියා ආරක්ෂාව පිලිබඳ තීරණ ගත් නිසා ඔවුන්ට මහ මගදී වන්දි ගෙවන්නට සිදුවිය.
පොහොට්ටුව පිපෙන්නත් කලින් වැඩේ අල තමා.
ඔබට මතක නැති වුනාට අද වාගේ මතකයි මට........ ජනාධිපති වෙන්නත් පෙර සිටම මහින්ද ඇතුළු පොහොට්ටුවෝ කියපු කරපු දේවල්. ජනාධිපති වූ පසු කරපු කෙනෙහිලි අමතකද? දැන් මහින්දගේ සහෝදරයා ජනාධිපති කරවන්න වලි කනවා. මහින්ද එදා හිතුවේ නැහැ අද මේ වාගේ තත්වයක් උදා වෙයි කියලා. කොකාට වාරයක් අවා වාගේ තිත්තයටත් වාරයක් එනවා.දැන් ඔබගේ වාරය ඇවිත් තියෙන්නේ. එද ඔබ පක්ෂය ගැන හිතල නෙමේ නේ රනිල් සමග එකතු වුනේ. දැනුත් ඒ තීරණයම ගන්න.ජනතා විමුක්ති පෙරමුණට ඔබගේ කැමැත්ත දුන්නත් පොහොට්ටුවට දෙන්න එපා. ඔබට මහින්ද එක දවසක් සතුටින් ඉන්න දුන්නේ නැහැ. එයා පොහොට්ටුව හදා ගත්තනම් එයා දැනගන්න ඕන පිපෙන හැටිත්............
විහිලු සපයන දේශපාලනය.
උණු නිසා බොන්නත් බැහැ.කිරි නිසා අහක දාන්නත් බැහැ නේද? එහෙමත් නැත්නම් ගෙදර ගියොත් අඹු නසී. මඟ හිටියොත් තෝ නසී තත්වයද?
සිරිසේන මහතා අපේ පොදු සතුරා. එජාපෙ පාක්ෂයක් හැටියටත් ප්‍රතිපත්ති හැටියටත් සිංහල ජාතියට ගැළපෙන්නේ නැති කොටසක්. එජාප නායකයින් කතා කරන්නේ මොනවාදැයි ඔවුන් නොදනී. ඊයේ කෙනෙක් කිව්වා එයා කතා කරන්නේ ශ්‍රී මුඛයෙන් කියලා. බෞද්ධයන් හැටියට අපි දන්නේ ශ්‍රී මුඛයක් තිබෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි කියලා.දේශපාලුවන්ට තිබෙන්නේ වාචාල මුඛයන්ය.ඒ නිසා කරුණාකර පොහොට්ටුවට එකතුවී එජාපය පලවා හැරීමට කටයුතු කරන්න.
හොඳයි.ඒත් තමන්ව අඩි 6ක් පොළොව යටට යවන්න තැත් කරනවා කියලා ඔබ විසින්ම කිව්වා.පරපුරක්ම එක්වී රටේ ජාතික ධනය කොල්ල කෑවා.මිනීමැරුම්,අතුරුදහන් කිරීම්,සුදු වෑන් චෝදනා තියෙන මිනිස්සුත් එක්ව යාමට පුළුවන්ද? ඒ කරන්නේ නිකන් නෙවේ. තමන්ට නගින්න දුන්නු ඉනිමගට.ඡන්දය දීලා ජනාධිපති කරවපු ජනතාවට පයින් ගැසීමක් නෙවේද? යූ.එන්.පී එක නොතිබ්බනම් මේ රටේ මෛත්‍රීපාල කියලා ජනාධිපති කෙනෙක් බිහි වෙන්නේ නෑ.ඔබ පොහොට්ටුවට කැමැත්ත දුන්නොත් එය දේශපාපාලන දිවිනසා ගැනීමක් බව ඉඳුරාම අවබෝධ කරගන්න.
දැන් මෛත්‍රී මොකද කියන්නේ මගේ තීරණය දෙනුම් දුන්නා. ඊට පස්සේ මධ්‍යම කාරක සභාව රැස් වෙලා අවසන් තීරණය ගන්න ඕනේ කියලා.ඔය මධ්‍යම කාරක සභාවේ ඉන්නේ අඟහරු ලෝකෙන් ආපු කට්ටියක්ද? නැහැනේ. ඔය වටේ ඉන්න අයම තමා.
කෙලෙහි ගුණ නැති මිනිසා.
ඔව් ඉතින් දෙවරක් ජනාධිපතිට කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී වෙන්න පුළුවන් නම් මට මොකද බැරි පොළොන්නරුවේ මන්ත්‍රී වෙලා රටට සේවය කරන්න................
පොහොට්ටුව කියන්නේ ශ්‍රීලනිපයෙන් කඩාගෙන ගිය කට්ටියක් හදපු අලුත් පක්ෂයක්. එහෙම වුනාම මව් පක්ෂය එතනට යන්න තරම් පල්ලෙහාට වැටෙනවාද නැද්ද කියල තීරණය කරන්න වෙනවා. අනික රාජපක්ෂවරුන් නැතිවුනොත් පොහොට්ටුව ඉවරයි. එහෙම එකේ ඇයි අපි මේ තරම් පැරණි ශ්‍රී.ල.නි.පයට බාල්දු වෙන්න එතනට යන්නේ?
බොහෝ දුරට පොහොට්ටුව සමග එකතුවේවි. යම් පිරිසක් යු.න්.පී එකට යාවී. ඊලග මහ ඡන්දෙන් පොහොට්ටුවට යන අය කෙලින්ම ගෙදර.
ඔන්න මේ පාරනම් වමට සිග්නල් දාලා දකුණට හරවන්නෙ එහෙම නැහැ. වැඩේ වෙනකම් විශ්වාස නැහැ.
ජනාධිපතිකම ඔබෙන් ගිලිහී ගියදාට එ.ජා.පය ඔබේ රැකවරණයට ඒවිදැයි සැක සහිතයි. එහෙත් පොහොට්ටුවේ ඉන්නා බොහෝ අය කලක් එකම මතය දැරූ ඔබේම සමකාලීනයන්ය. ඒ නිසා පොහොට්ටුව හැර ඔබට වෙනත් ගැලවීමක් නැත.
රාජපක්ෂ පවුල්වාදයේ වහලෙක් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැති කළා.
ආපහු ඇමතිකමක් ගන්න පුළුවන් එකම පිළිසරණ පොහොට්ටුව විතරයි. ඒජාපෙ එක්ක එකතු උනොත් අලියා එක්කම ඉතිහාසෙට එකතු වෙනවා යන එන මන් නැති වෙන්නම. ඒක එතුමා දන්නවා.
ඕක මොකක්ද ? අද තීරණයක් ගත්තා හෙට වෙනස් කළා.
මිට වසර කීපයකට පෙර ලෝකයේ යුද කටයුතු අතින් ප්‍රමුක රටක් වන ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුණා .ඒ රටේ කිසිවෙක් එරටේ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න කිවේ නැහැ. අපේ රටේ ශාක්සරතාවය 94%ක් වුවාට දේසපාලන දැනුම නම් 10%කට වඩා නැහැ.අපේ රටේ දැන් දසක ගණනාවක සිට තදින් වැස්සත් තදින් පෑව්වත් ආණ්ඩුවට ඉල්ලාඅස්වන්න කියනවා.
මෙදාපාර මොනවා අනුභව කරාවිද?
බණ්ඩාරනායක මහතා අද හිටියා නම් මොනවා හිතෙයිද? මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය නේද මේ මනුස්සයා සිදුකරමින් පවතින්නේ..?
ප්‍රතිපත්ති දේශපාලනේ දාලාගිහින් පොහොට්ටුවේ තක්කඩියන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යට වෙන්න යන්නේ ඒ ටික කරගන්නකන් තමයි පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ කරන්නේ...
ඔබ ඔබේ නිදහස් පක්ෂය තියාගෙන බුදිය ගන්න.. ඔච්චර ඩිමාන්ඩ් කරන්න ඡන්ද පදනමක් දැන් නැහැ. පොහොට්ටුව දිනනවා.
ඉස්සෙල්ලාම SLFP එක පාවාදුන්නේ හිටං..පොහොට්ටුවට බැනලා වැඩක් නැහැ.
ශ්‍රීලනිප යනු 1956 විප්ලවයේත් රෙද්ද, බැනියම ඇන්ද සිංහල, උගත් මිනිහගේ පක්ෂයයි. එය බිල්ලටදී පොහොට්ටුව අටවන්න එපා
ආයෙත් ජරා දේශපාලනයට කඩේ යන්න පටන් අරගෙන වගෙයි. හැමදාම අපිව ඔයාලට දිරවන්නේ නෑ වගේ නේද..?
ලකුණ මාරුකරගන්න ඇප මුදල් බඳිනකන් කල් මැරුව, දැන් නිති ප්‍රශ්නයක් ලකුන මාරු කරන එක. නිකන්ම අත හෝ පුටුව පොහොට්ටුවට යට වෙනව
ගෙදර කෙනෙක්වත් මෙයාට ඡන්දය දීලා ඡන්දය නාස්ති කරගනීද?
හොරුන්ටම තමයි කැමැත්ත.. ඉල්ලගන්න දෙයක් තියෙන්නේ ඔවුන් ළඟ විතරයි.
ගෝඨාභයගේ අනුරාධපුර මංගල රැස්වීමේදී එම වේදිකාවට ජනාධිපති සිරිසේන සහ ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා ගොඩවෙන බව ගෝඨාභයගේ සමීපතම මිතුරෙක් ප්‍රකාශකර තිබෙනවා.
මෙයා ආවම පොහොට්ටුවට ඡන්ද ටිකක් විතර අඩුවේවි.
මේ හැම දෙනෙක්ම එක කට්ටියක් අල්ලාගෙන තම තමන්ගේ මතය කියනවා මිස යුක්තිය හෝ රටේ දැවෙන ප්‍රශ්න ගැන කතිකාවතක් ගොඩ නගන්නේ නැහැ. බල අරගලය සහ තමතමා කැමති අපේක්ෂකයා දිනවන හැටි විතරයි කතා වෙන්නේ... අපි නිදහස ගත්ත දා ඉඳලාම දියුණුවෙන ජාතියක් කියකියා ඉන්නේ මේ වගේ මෝඩ ක්‍රියා නිසා. බලයට පත්වෙන කෙනා හත්මුතු පරම්පරාව සහ හෙන්චයියලා ගොඩදා ගන්නවා විතරයි. රටත්, අපිත් නරාවලේම තමයි.
බණ්ඩාරනායක මැතිතුමා, සිරිමාවෝ මැතිණිය, චන්ද්‍රිකා මැතිණිය රැකගත් අපේ පක්ෂය මෙයාලා විනාශ කළා... රාජපක්ෂලා රජකරන්න යන්නේ..
සරමක් ඇඳගෙන රනිල් ගාවට යන්න පුලුවන්ඩ මෙයාට ?
ගිය පාර ඡන්දේ තිබ්බට මෙයාට කොහෙන්ද ඡන්ද? පුත්තලම් බුරුවෙක්වත් ඡන්දය දුන්නොත් තමා. බොරුවට උඩ පනිනවා විතරයි. මෙයාට කවුද ආයෙත් ඡන්දේ දෙන්නේ ?
මේ සිංහලයන්ගේ රටය. මේ රටේ දෙමළ මුස්ලිම් අයටද ජීවත් විය හැක. එහෙත් ඔවුන් රාජපක්ෂ පවුලට හිතවත් නම් පමණි. කොටින්ටද ජීවත් විය හැක ඒ ඔවුන් රාජපක්ෂ පවුලට හිතවත් නම් පමණි. රණවිරුවන්ටද "රණවිරු පට්ටම" රැක ගන්නට ඕන නම් රාජපක්ෂලාට හිතවත්ව ජීවත් විය යුතුය. එසේ කියන්නෙ.