ශ්‍රීලනිප සහය ගෝඨාභයට ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (9) පැවසීය. 09 October 2019
‘‘ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව සටනක් ගෙනයනවා‘‘ ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව අනුකම්පා විරහිත සටනක් ගෙන යන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් අද (8) ප්‍රකාශ කළේය. 08 October 2019
මධුමාධව ඉල්ලා අස්වෙයි පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඔහු එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් අද (08) ඉල්ලා අස්වී ඇත. 08 October 2019
ජම්පටා වීදියේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙක් මරුට කොළඹ ජම්පටා වීදියේදී මීට සුළු මොහොතකට පෙර සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 08 October 2019
ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක්ම අවලංගු කෙරේ දුම්රිය වර්ජනය අවසන් වුවද අද පෙරවරුවේ සහ පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක්ම අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය පාලන කාර්යාල කියයි. 08 October 2019
කොටුව පොලිසියේ අපරාධ - පාලන ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම් කොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 08 October 2019
ජනපතිවරණයේ පෝස්ටර් - බැනර් ඉවත් කරන්න කම්කරුවන් 1045 ක් ජනාධිපති මැතිවරණයට අදාළ නීති විරෝධීව ප්‍රදර්ශනය කරන පෝස්ටර්, කටවුට් හා බැනර් ඉවත් කිරීම සඳහා දිවයින පුරා පොලිස් ස්ථාන මට්ටමින් කම්කරුවන් 1045 දෙනෙක් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 08 October 2019
‘‘දේශපාලන ගමන 16 වැනිදායින් අවසන් වෙන්නේ නෑ‘‘ තම කණ්ඩායමේ දේශපාලන ගමන නොවැම්බර් 16 වැනිදා නොනවතින බවත් ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ඉදිරියටම යන බවත් හිටපු යුද හමුදාපති , ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේය. 08 October 2019
පුරවැසි සංවිධාන එකමුතුවේ සහාය සජිත්ට ‘‘සජිත් පේ‍්‍රමදාස මහතාට සහය පළ කරන්නට අපි තීරණය කර තිබෙනවා. ඒ ගැන මීට පෙරත් අපි කිව්වා. 2015 දී අපි යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට දායකත්වය ලබාදුන්නා. ඒ ආණ්ඩුව හදාගෙන අපි යන්න බලාපොරොත්තු වුණ ඉලක්ක බොහොමයි. ඒත් ආණ්ඩුවට ආණ්ඩුවේ ඉලක්කවලටවත්, ජනාධිපතිට ජනාධිපතිගේ ඉලක්කවලටවත්, පුරවැසියන් ලෙස අපට අපේ ඉලක්කවලටත් මේ පාලන කාලය තුළ යන්න බැරි වුණා යයි පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (08) පැවසීය. 08 October 2019
සිවාජිලිංගම්ගේ ටෙලෝ සාමාජිකත්වය අහෝසි කරයි ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාරදුන් එම්.කේ.සිවාජිලිංගම්ගේ ටෙලෝ සාමාජිකත්වය මේ වන විටත් අහෝසි කර ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මහතා සදහන් කළේය. 08 October 2019
සිරකරුවන්ට ඡන්ද දෙන්නැයි ඉල්ලා අධිකරණයට හෙට පෙත්සමක් සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරිමට අවස්ථාවක් ලබාදෙන ලෙසට මැන්ඩාවුස් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා හෙට (9) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන බව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පැවසීය. 08 October 2019
මූලික අයිතීවාසිකම් උල්ලංඝණය වී යයි කී පෙත්සම් දෙකක් ඉවතට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර වලින් පසුව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි මාලාවේ අඩංගු ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය. 08 October 2019
ජනපතිවරණයේ සහය කාටදැයි ටීඑන්ඒ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ලංකාදීපයට අද(08) පැවැසීය. 08 October 2019
දුම්රිය දුරගමන් සේවා ආසන වෙන්කළ මගීන්ට මුදල් ආපසු දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් මාසික හා ත්‍රෛයිමාසික දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට නොහැකි වූ මගීන්ට ඒවා ලබාගැනීමට කල් ලබාදී ඇතැයි දුම්රිය නියෝජ්‍ය වාණිජ අධිකාරි ඩබ්ලිව්.ඩී.රංජිත් පත්මලාල් මහතා පැවසීය. 08 October 2019
කොළඹ - බදුල්ල පාරේ කොටසක් ගිලා බසී කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ කිරිඳිගල කිලෝමීටර 144 කණුව අසළ මාර්ගයේ එක් මංතීරුවක කොටසක් අද (08) ගිලා බැස ඇත. 08 October 2019
අරුවක්කාලු පිපිරිම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සොයයි අරුවක්කාලූ සනීපාරක්ෂක කසළ රඳවනයේ අපජලය එකතු කරන නියාමන ටැංකියේ සිදු වූ පිපිරීම කඩාකප්පල්කාරී කි්රයාවක් දැයි සැකයක් මතු වී තිබෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 08 October 2019
තිදෙනෙක් වැට පැනීමෙන් බළන්ගොඩ නගර සභාව හෙල්ලෙයි එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව බලය පිහිටුවා ඇති බලන්ගොඩ නගර සභාවේ තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයන් තිදෙනා අද (08) සිට පාලක එක්සත් ජාතික පක්ෂයට සහාය නොදෙන බව උප සභාපති එම්.ටී.එම්.රූමි මහතා මාසික රැස්වීමේ දී පැවසුවේය. 08 October 2019
බස් අනතුරකින් 28 ක් රෝහලේ හැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් බස්රියේ ගමන් ගත් පාසල් ළමුන් 18 සහ වැඩිහිටියන් 10 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලිසිය පවසයි. 08 October 2019
උදරයේ තිබූ කිලෝ 19 ක ගෙඩියක් අක්කරේපත්තුව රෝහලේදී ශල්‍යකර්මයකින් ඉවතට අක්කරේපත්තුව මුලික රෝහලට ප්‍රථිකාර පැමිණි කාන්තාවගේ බඩේ තිබු කිලෝ 19.5 ගෙඩියක් සාර්ථකව ඉවත්කිරිමට අකරේපත්තුව මූලික රොහලේ වෛද්යවන් පිරිසක් සමත්ව තිබේ. 08 October 2019
’විශාල ණය බරක් තිබියදීත් විශ්‍රාමිකයන්ගේ - රජයේ සේවකයන්ගේ අගය වැඩිකළා’ රටේ ආර්ථිකයේ විශාල ණය බරක් තිබියදීත් රාජ්‍ය සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ අගය වැඩිකිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය. 08 October 2019
පූජිත් - හේමසිරි ප්රතිශෝධන ඇයැදුමේ තීන්දුව හෙට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප්රතිශෝධන ඇයැදුම්පත සම්බන්ධ තීන්දුව හෙට (9) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ ප්‍රකාශ කිරීමට නියමිතය. 08 October 2019
චේ ගුවේරාගේ 52වැනි ගුණ සැමරුම යහලකැළේවත්තේදී විප්ලවීය කියුබානු නායකයෙකු වූ අර්නස්ට් චේ ගුවේරාගේ 52 වන ගුණානුස්මරණ උත්සවය කියුබානු තානාපතිනි ජුවානා එලීනා රාමෝස් රොඩිගේ්රස් මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්, අද(08) හොරණ මොරගහහේනහි පැවැත්විණි. 08 October 2019
ඇල්පිටියේ මැතිවරණ ප්රචාරක කටයුතු අදින් අවසන් ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ සියලුම ප්රචාරක කටයුතු අද (08) රාත්‍රි 12න්පසු අවසන් වන බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා පවසයි. 08 October 2019
අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කරන්නැයි ලංකාවේ ඉල්ලීම ගැන සළකාබලන බව සිංගප්පූරුව කියයි ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතීය යටතේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්රමුඛස්ථානයක් දී කටයුතු කරන බව සිංගප්පුරු නීතීපති දෙපාර්තමෙන්තුව ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 08 October 2019
ජනාධිපති අපේක්ෂකයන්ට විවෘත ආයාචනයක් ජනාධිපතිවරණයේ පූර්ව මැතිවරණ සමයේ දී තමන් එකී තනතුරට සුදුස්සෙකු බව ක්‍රියාකාරිත්වයෙන් ඔප්පු කරන ලෙස පැෆරල් සංවිධානය සියලූම අපේකෂකයින්ගෙන් ඉල්ලීමක් කරයි. 08 October 2019
සෙත්සිරිපාය අවට මාර්ගයන්හි රථවාහන තදබදයක් විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය අසළ දැඩි රථවාහන තද බදයක් පවතී. 08 October 2019
රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනා යළි රිමාන්ඩ් හිටපු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් ප්‍රේමලාල් ජයවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂක තාරක සෙනෙවිරත්න ලබන 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 08 October 2019
සන්ධ්‍යාවේ ගිගිරුම් සහිත වැසි වැඩිවෙයි දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 October 2019
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ගැන පැමිණිලි 103ක් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 103ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය පවසයි. 08 October 2019
පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නාවට කඩා වැටෙයි පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නා ඔයට කැඩී ගොස් ඇතැයි වාර්තා වේ. 08 October 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026