අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 26 දා එළිදකී ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 26 වැනි දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී එළිදක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය. 11 October 2019
‘අපි පුරවැසියෝ සංවිධානයෙන් ’ මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ගෙවීම් අත්හිටුවා ඇති රුපියල් කෝටි 120 ක මුදල දේශපාලන මැදිහත් වීමකින් කොන්ත්‍රාත්කරුවකුට යළි ගෙවීමට උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණය වහාම අත්හිටුවන ලෙස ‘අපි පුරවැසියෝ සංවිධානය’ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට අද (11) ලිඛිතව පැමිණිලි කර තිබේ. 11 October 2019
මොහොමඩ් ගඩාෆිට මරණ දඬුවම හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 43.44 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ මොහොමඩ් ගඩාෆිට අද (11) කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළේය. 11 October 2019
ටීඑන්ඒ සහාය කාටදැයි තීරණය මේ සතියේදී ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට එම සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂවල නියෝජිත හමුවක් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ලංකාදීපයට අද(11) පැවැසීය. 11 October 2019
‘රාගම ආමි සංඛ’ අත්අඩංගුවට රාගම අවට ප්‍රදේශයේ මහපරිමාණයෙන් මත්කුඩු බෙදාහැරීමේ නිරත ‘‘රාගම ආමි සංඛ’’ නැමැත්තා හමුදා නිළ ඇදුම් කට්ටල හතරක් හොරොයින් ග්‍රෑම් 2 ට ආසන්න ප්‍රමාණයක් සමඟ විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 11 October 2019
කොම්පඤ්ඤවීදියේ ගොඩනැගිල්ලකින් වැටී විදේශිකයකු මරුට කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙසේ ප්‍රධාන පෙළේ හෝටල් ගොඩනැගිල්ලක 33 වැනි මහලින් වැටී විදේශිකයකු අද (11) මියගොස් ඇතැයි පොලිසිය කියයි. 11 October 2019
මද්රසා පාසලකට මුදල් එකතු කළ 5ක් අත්අඩංගුවට මද්රසා විදුහලක් සඳහා මුදල් ආධාර එකතුකිරීමට පැමිණ බවට සැක කරන මුස්ලිම් ජාතිකයන් 5 දෙනෙකු බ්‍රහස්පතින්දා රාත්‍රියේ බෝගහකුඹුර පොලිසිය වැලිමඩ බෝගහකුඹුර දී අත්අඩංගුවට ගෙන තිබේ. 11 October 2019
ඉන්දීය තෙල් සමාගම පෙට්‍රල් මිල අඩුකරයි ඉන්දියානු තෙල් සමාගම පෙට්‍රල් මිල රුපියල් 2.00 කින් අඩුකර තිබේ. 11 October 2019
ඡන්ද ගණන් කිරිම ඇරඹෙයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරිමේ කටයුතු මධ්‍යස්ථාන 47 කදී පස්වරු 6 ට ආරම්භ කළ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 11 October 2019
අලි රංචුවක් හැපී මීනගයා පීලිපනී මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර දුම්රියට අද (10) රාත්‍රී 10.15 ට පමණ පූනානී සහ වැලිකන්ද දුම්රිය ස්ථාන අතර පුල්ලෙයාර්අඩි ප්‍රදේශයේදී වන අලි රංචුවක් හැපීම නිසා දුම්රිය පීලිපැන ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 10 October 2019
රජයේ මුද්‍රණාලයට විශේෂ පොලිස් මුරපොළක් ජනාධිපතිවරණ මැතිවරණයට අදාලව නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයට පොලිස් නිලධාරීන් 41 දෙනකුගෙන් සමන්විත විශේෂ පොලිස් මුරපොළක් ස්ථාපිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීය. 10 October 2019
එල්ටීටීඊය සමඟ සබඳතා ඇතැයි සැකපිට 7 ක් මැලේසියාවේදී අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට සබඳතා ඇතැයි සැකකරන පුද්ගලයින් හත්දෙනකු අද (10) අත්අඩංගුවට ගත් බව මැලේසියානු පොලිසිය පවසයි. 10 October 2019
ඉන්ධන මිලෙහි වෙනසක් වෙන්නේ නැහැ මිල සූත්‍රයට අනුව අද(10) රාත්රියේදී ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකෙරෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 10 October 2019
‘‘අයථා ලෙස උපයා ගත් මහජන දේපළ බාර දෙන්න මාස 2 ක් දෙනවා‘‘ දේශපාලකයින් අයථා ලෙස උපයා ගත් මහජන දේපල ආපසු රජයට බාර දීම සඳහා මාස දෙකක සමා කාලයක් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (10) කුරුණෑගලදී පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීමකදී ප්‍රකාශ කළේය. 10 October 2019
යුද හමුදාවේ 7210 කට උසස්වීම් යුද හමුදාවේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් හමුදාවේ නිලධාරීන් හා සෙසු නිළයන් 7210 කට උසස්වීම් ලබා දී ඇති බව හමුදාව කියයි. 10 October 2019
ලක්ෂ 26 කොල්ලය බොරුවක් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් බොරලැස්ගමුවේ පෞද්ගලික බැංකුවක් අසළදී රුපියල් විසිහය ලක්ෂයක මුදලක් කොල්ල කෑ බවට ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ල ව්‍යාජයක් බවත්, පැය දෙකක් තුළදී අද(10) ඔහුගේ සඟයකු සතුව තිබියදී මුදල සොයාගත් බවත් බොරලැස්ගමුව පොලිසිය කියයි. 10 October 2019
’මධු මාධව වරද පිළිගෙන ඉල්ලා අස්වුණා’ පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායකවරයා ලෙස කටයුතු කළ මධු මාධව අරවින්ද මහතා ගම්පහ දී කළ ප්‍රකාශයකින් පක්ෂයකට සිදුවන හානිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පෙන්වා දීමෙන් පසු ඔහු සමාව ගෙන සියලු තනතුරු වලින් ඉල්ලා අස්වූ බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 10 October 2019
2015 ඉදිරිපත් වූ යෝජනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් 2015 වසරේ ජිනීවා හීදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවකට සම අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය වන බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ පේ‍්‍රම්නාත් සී.දොළවත්ත මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(10) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. 10 October 2019
වැටුප් විෂමතා විසඳන්න නිර්දේශ මාසයක් ඇතුළත දෙන්න විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා වන නිර්දේශ මාසයක් ඇතුළත ලබාදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාවට උපදෙස් දී ඇත. 10 October 2019
‘‘තෙල් ගෙන්වීමට කැඳවූ ටෙන්ඩර් 3ක් අවලංගු කිරීමට අර්ජුන උත්සහ කළා‘‘ ඛනිජ තෙල් සංස්ථාව හරහා මෙරටට ඉන්ධන ගෙන්වීමට කැඳවා තිබූ දිගු කාලීන ටෙන්ඩර් තුනක් 2017 ඔක්තෝම්බර් මාසයේදී අවලංගු කිරීමට එවකට ඛනිජ තෙල් අමාත්‍යවරයාව සිටි අර්ජුන රණතුංග මහතා උත්සාහ කළ බව ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මහේන්ද්‍ර කුමාර ගරුසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය. 10 October 2019
කැෆේ සංවිධානයට මැතිවරණ පැමිණිලි 113 ක් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ කැෆේ සංවිධාය වෙත මැතිවරණ පැමිණිලි 113 ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මහතා පැවසීය. 10 October 2019
කොළඹ නගරශාලාව අවට මාර්ග තදබදයක් කොළඹ නගර ශාලාව අවට මාර්ගයන්හි දැඩි රථ වාහන තදබදයක් පවති. 10 October 2019
වැලිකඩ සමුහ ඝාතන නඩුව 14 සිට විභාගයට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු සමුහ ඝාතන කළ බවට චෝදනා කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයකුට හා එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහි නඩුව ලබන 14 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (10) තීරණය කළේය. 10 October 2019
සජිත්ගේ ජන රැළිය ඇරඹෙයි ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ආරම්භක ජන රැළිය ගාලු මුවදොර පිටියේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේය. 10 October 2019
ගාලු මුවදොර අවට දැඩි තදබදයක් ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ මැතිවරණ ප්රචාරක රැලිය හේතුවෙන් ගාලු මුවදොර පෙදෙසේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි. 10 October 2019
මහාචාර්ය සරත් චන්ද්‍රජීව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් තමන්ව ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා එම තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීව මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (10) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. 10 October 2019
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර රිමාන්ඩ් හලාවත මහාධිකරණය විසින් නියම කර තිබු ඇප කොන්දේසි උල්ලංඝණය කිරීම නිසා පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුනි මෙන්ඩිස් ශාන්ත සිසිර කුමාර අබේසේකර මේ මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනෙවිය අද (10) දහවල් නියෝග කළාය. 10 October 2019
මන්ත්‍රී ගාමිණී ලොකුගේගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් මැතිවරණ නීතිරිතී උල්ලංඝණය කරමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිල වාහන 5 ක් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ව්‍යාපාරයට යොදවා ඇති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත. 10 October 2019
බොරලැස්ගමුව පෞද්ගලික බැංකුවක් ළගදී ලක්ෂ 26 ක් කොල්ල කයි යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු මීට සුළු මොහොතකට පෙර බොරලැස්ගමුව පෞද්ගලික බැංකුවක් අසළදී රුපියල් විසි හය ලක්ෂයක පමණ මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි පොලීසිය කියයි. 10 October 2019
ජේතවන ස්තූපයේ අකුණු සන්නායකයට හානි කරයි අනුරාධපුරයේ ඓතිහාසික ජේතවන ස්ථූපයේ අකුණු සන්නායකයට හානි සිදුකොට ඊට නුදුරින් තිබෙන පෞරාණික අතින් වැදගත් යතුරු පොකුණ පතුලේ ගල් පුවරු ගැලවූ පුද්ගලයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත. 10 October 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026