IMG-LOGO

බොරලැස්ගමුව පෞද්ගලික බැංකුවක් ළගදී ලක්ෂ 26 ක් කොල්ල කයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු  මීට සුළු මොහොතකට පෙර  බොරලැස්ගමුව  පෞද්ගලික බැංකුවක් අසළදී රුපියල් විසි හය ලක්ෂයක පමණ  මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.

මෝටර් රියකින්  පැමිණි  ව්‍යාපාරිකයකු මුදල් රැගෙන බැංකුව තුළට යාමට සැරසෙද්දී  මෙම කොල්ලය  සිදුව ඇතැයි ද පොලීසිය පවසයි.

 සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතර කිසිවකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැත.



අදහස් (8)

බොරලැස්ගමුව පෞද්ගලික බැංකුවක් ළගදී ලක්ෂ 26 ක් කොල්ල කයි

Samithasena Aluthgamage. Thursday, 10 October 2019 07:13 AM

බැංකුවක් ලඟට යන්න වෙලා තියෙන්නේ පරාණ බයෙන්... රටේ ආරක්ෂාව බාර ප්‍රධානියාට ඒ ගැන කිසිඳු දැන උගත්කමක් නැතිවීම මෙයට හේතුව බවයි පෙනී යන්නේ... එය අපේත්, රටේත් අහේතුව... කොහොම වුණත්, ආරක්ෂක අංශවලට වඩා හොරුන් ඉදිරියෙන් ඉන්නා බව මේ වනවිට හොරුන් විසින්ම ඔප්පුකොට හමාරයි...

:       172       223

harsha Thursday, 10 October 2019 10:35 AM

සහතික ඇත්ත, අපි වගේ පොඩි මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ මරබියෙන්... බියෙන්, සැකෙන් තොර රටක් හදනවා කියලා කියන හැමෝම මීට කලින් රට පාලනය කරපු අය.., එයාලගේ පාලන කාලයේදී තමයි මේ පාතාලය පෝෂණය කරලා ⁣රැකබලාගත්තේ...

:       354       17

athuraFriday, 11 October 2019 04:20 AM

අන්න ඒක බොරුවක්ලු පොහොට්ටු ඇත්තන්ට අපගේ ශාතිෂය සංවේගය.

:       0       0

Lal Thursday, 10 October 2019 07:59 AM

මෙයට විසඳුමක් ගෝඨා ළඟ ඇත.

:       692       807

සේනක Thursday, 10 October 2019 08:16 AM

පාලකයෝ මහ බැංකුව මංකොල්ල කනකොට පොඩි අය නිකන් ඉදිද? මේවා වෙන්න කලින් රටේ වගකිවයුතු අය ආදර්ශමත් වෙන්න ඕනි.

:       163       73

Ossan Salam Thursday, 10 October 2019 09:58 AM

අපරීක්ෂකාරීත්වය සහ නොසැලකිල්ල මෙවැනි මංකොල්ල සිදුවීමට ප්‍රධාන හේතුවකි. තනියෙන් මුදල් රැගෙන බැංකුවලට යන වැඩේ නැවැත්විය යුතුයි. එනමුත් අද කාලේ විශ්වාස කරන්නේ කාවද කියන ප්‍රශ්නයකුත් තිබෙනවා. සමහරවිට මෙම මංකොල්ලයට ඉතා ලඟින් ඇසුරු කරන කව්රුන් හෝ පුද්ගලයින් මෙයට සම්බන්ධ විය හැක.

:       2       8

Jehaan Thursday, 10 October 2019 10:32 AM

මේකේ කොනක ව්‍යාපාරිකයාගේ දන්නා කියන කවුරු හරි ඇති. අද කාලයේ දරුවන්වත් විශ්වාස කරන්න බැරි කාලයක්... මුදල්වල තොරතුරු දන්නේ කවුදැයි හොඳින් කල්පනා කළා නම් හරි. හැම ඉලව්වටම පවතින ආණ්ඩුව අල්ලා ගෙන නටන්නේ නැතිව තමන් සිහි කල්පනාවෙන් ඉන්න. රටටම අඬබෙර ගහනවා.. මාස 3ක් යන්න කලින් ළමයාව රවට්ට ගන්නවා. අනේ අද හයියෙන් කියමින් ජංගම දුරකතනයෙන් මහා මග යන ගමන් යාලුවන්ට කතා කරනවා. කවුරු හරි අහගෙන හිටපු මිනිහෙක් බලෙන් එනවා. ඊට පස්සේ ඔක්කොමලා ආණ්ඩුවේ මුතුන් මිත්තන් මතක් කරනවා...!

:       0       1

sisira Thursday, 10 October 2019 12:19 PM

ඡන්දෙට සල්ලි හොයන මහබැංකු මංකොල්ල කාරයින්ගේ වැඩක්ද දන්නේ නැහැ..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 130 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site