ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ගෝඨාභයට ජනාධිපතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ පුර්ණ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට තම පක්ෂයේ විධායක සභාව අද (13) තීරණය කළ බව එම පක්ෂයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය. 13 October 2019
රිවස්ටන් මාර්ගය නායයයි මධ්‍යම පළාතට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ නකල්ස් කලාපයේ, මාතලේ සිට රත්තොට හරහා වැටී ඇති රිවස්ටන් මාර්ගයට පස් කඳු කඩා වැටී ඇතැයි පොලිසිය කියයි. 13 October 2019
දෙහිවල ගුවන් පාලමෙන් යතුරුපැදි ධාවනය තහනම් දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම ඉකුත් 10 වැන දින සිට තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද(13) පැවසීය. 13 October 2019
’විජිත හේරත් කියනවා වගේ අපි අනුරට සහාය දක්වා නැහැ’ ජාතික ජනතා බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට තම සහාය පලකර තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත සාවධ්‍ය ප්‍රකාශයක් යැයි දෙමළ ජාතික සන්ධානයේ ප්ලොට් හා ටෙලෝ පක්ෂ අවධාරණය කර සිටීයි. 13 October 2019
ගසක් කඩාවැටී තිදෙනෙකු මරුට වැලිමඩ - ඌව පරණගම මාර්ගයේ පැල්පතක් මතට ගසක් කඩාවැටී එකම පවුලේ තිදෙනෙකු මියගොස් දෙදෙනෙකු රෝහල්ගත කරඇතැයි වැලිමඩ පොලිසිය පවසයි. 13 October 2019
කිරිඳිගඟේ ගසාගෙන ගිය සිව්දරු පියාගේ සිරුර හමුවෙයි පැල්මඩුල්ල නගරයට පානීය ජලය සපයන කිරිඳිගඟ දෙගොඩතලා යද්දී අවට සිටි අයගේ විරෝධය නොතකා කුට්ටපිටිය වටවල ඉමේකැලේ සපත්තු පාලමෙන් එගොඩවීමට ගොස් ජල පහරට හසුව අතුරුදන් වු සිව්දරු පියාගේ සිරුර කිලෝමීටර් පහළොවක් පමණ දුරින් වූ පහළ කුට්ටිපිටිය අමුණුවල ප්‍රදේශයේ තිබී අද (12) දහවල් සොයාගත් බව පැල්මඩුල්ල පොලීසිය පැවසුවේය. 12 October 2019
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන විමසිල්ලෙන් මහ වැසි සමග ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල සිට රාවණා ඇල්ලදක්වා කොටසේ ස්ථාන කීපයකට අද (12) පස්වරුවේ ගල් හා පස්කඳු කඩාවැටීම් සිදුව ඇති අතර අවදානම තවමත් පවතින බැවින් විමසිලිමත්ව රිය පදවන ලෙසට ඇල්ල පොලීසිය රියදුරන්ට අවවාද කරයි. 12 October 2019
සුළි කුණාටුව ගුවන් ගමන් ප්‍රමාද කරයි ජපානයේ නරීටා අන්තර්ජාතික ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශයට ඇතුළුවීමට නියමිත හැගිබිස් සුළි කුණාටුව නිසා, එරට වෙත පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් පැය 7 කින් පමණ ප්‍රමාද කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කර සිටියි. 12 October 2019
උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහනාහිමියෝ අපවත් වෙති උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරය හෙබවූ පූජ්‍ය කුරුණෑගොඩ පියතිස්ස මහ නාහිමිපාණන් වහන්සේ ඊයේ (11) උදෑසන අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 91 හැවිරිදි වියේ පසුවූහ. 12 October 2019
රක්ෂිත භූමි 65ක් ආරක්ෂිත වනාන්තර ලෙස නම්කරයි කඩොලාන වනාන්තර ඇතුලුව මේ රටේ මෙතෙක් අනාරක්ෂිතව පැවැති රක්ෂිත භූමි 65 ක් ආරක්ෂිත වනාන්තර ලෙස නම්කිරීමේ ගැසට් පත්‍ර 65කට අත්සන් තැබීම අද (12) හබරණ, ගල්ඔය රක්ෂිතයේ පැවැති රුක්රෝපණ උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකෙරිණි. 12 October 2019
ඌව වෙල්ලස්ස සරසවිය 16දා සිට යළි අරඹයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු මේ මස 16 වනදින සිට යලි ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා පැවසීය. 12 October 2019
වෛද්‍ය පරීක්ෂණවලින් පසු ගෝඨාභය ආපසු එයි වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක, හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම පරීක්ෂණ නිමා කිරීමෙන් පසුව අද (12) ශ්‍රී ලංකාව වෙත පැමිණියේය. 12 October 2019
ඡන්ද පත්‍රිකාවක් ඡායාරූප ගතකළ තරුණයකු අත්අඩංගුවට ඡන්ද පත්‍රිකාව ජංගම දුරකතනයකින් ඡායාරූප ගත් තරුණයකු ඇල්පිටිය තලගස්පේ ඡන්ද මධ්‍යස්ථානයේදි අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසයි. 12 October 2019
එපා කියද්දි එගොඩ වූ සිව්දරු පියා අතුරුදන් දොගොඩතලා යමින් තිබූ කිරිඳිගඟේ පැල්මඩුල්ල නගරයට පානීය ජලය සපයන ජල මූලාශයට ද ඉහළින් පිහිටි කුට්ටාපිටියේ, වටවල ඉමේකැලේ සපත්තු පාලම අවට සිටි ජනතාවගේ විරෝධය ද නොතකා එගොඩ වෙද්දී ජල පහරට හසුව ගසා ගොස් සිවුදරු පියාගේ සිරුර තවමත් හමු නොවු බව පැල්මඩුල්ල පොලිසිය පවසයි. 12 October 2019
‘‘ඇල්පිටිය ඡන්දෙන් සමස්ත ජනමතය පිළිඹිබු වෙන්නේ නෑ‘‘ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දයෙන් සමස්ත ශ්‍රී ලංකාවේම ජනමතය කිසිසේත් පිළිඹිබු නොවන අතර එය ඉතා සුළු ප්‍රදේශයක ජනතාවගේ මතයක් පමණකැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. 11 October 2019
ඇල්පිටියේ ප්‍රතිඵලයෙන් ජනාධිපතිවරණ ප්‍රතිඵලය මනින්න බැහැ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ප්‍රතිඵලයෙන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මැනීමේ හැකියාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. 11 October 2019
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ කොට්ඨාස 17 ම ජයග්‍රහණය කිරීමට සමත් විය. 11 October 2019
සබරගමු සරසවියේ අධ්‍යයන කටයුතු 15 ඇරඹේ සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු 15 වැනිදා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වී.ඩී. කිත්සිරි මහතා ප්‍රකාශ කළේය. 11 October 2019
ගුරුකන්ද විහාරයේ භාරකරුට තර්ජනයක් මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ භාරකරුට පහරදෙන බවට තර්ජනය කරමින් දෙමළ දේශපාලකයන් ඇතුළු පිරිසක් විහාර භූමියේ ඇති කෝවිල වෙත පැමිණ අද (11) පූජාවක් සිදුකළ බව විහාරයේ දායක සභාව පවසයි. 11 October 2019
සරසවි සේවක වර්ජනය තාවකාලිකව අවසන් විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව මගින් ආරම්භ කර තිබූ සේවක වර්ජනය තාවකාලිකව අවසන් කළ බව විශ්ව විද්‍යාල විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී ප්‍රදීප් රත්නායක මහතා පැවසීය. 11 October 2019
ශ්‍රීලනිපයේ හිටපු මන්ත්‍රීවරු 76කගේ සහය සජිත්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධව හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු 76දෙනෙකු අද(11) එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහුට සහාය දැක්වීමට එකඟතාව දැක්වූහ. 11 October 2019
ගිනි තබා බිරිඳ මැරූ සැමියා පෝරකයට බිරිඳගේ සිරුරට පෙට්‍රල් දමා ගිනිතබා ඝාතනය කර වයස අවුරුදු තුනයි මාස හයක් වයසැති දියණියව එම ගින්නට තල්ලු කර දමා මිනී මැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකුට පානදුර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (11) මරණ දඩුවම ලබා දීමට නියෝග කළේය. 11 October 2019
‘වෝහාරික විගණන නොවැම්බර් මැද අවසන් කරනවා’ බැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව කෙරෙන වෝහාරික විගණන නොවැම්බර් මැද භාගයේ දී අවසන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (11) පැවැසීය. 11 October 2019
රත්ගම නඩුවේ සැකකරුවන් 17දෙනා යළි රිමාන්ඩ් රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17දෙනා තව දුරටත් 25වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (11)) නියෝග කළේය. 11 October 2019
රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනාට ඇප රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් ජයවීර මහතා සහ හිටපු අතිරේක රේගු අධ්යක්ෂ ජෙනරාල් තාරක සෙනෙවිරත්න යන අය ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(11) නියෝග කළේය. 11 October 2019
ලොරියක් දුම්රිය මාර්ගයේ යයි බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගයේ අද(11) ධාවනය වෙමින් තිබූ ලොරියක් එහි කාර්මික දෝෂයක් හේතුවෙන් එම ස්ථානයේදී නතරවී ඇතැයිද, මේ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට ඇතැයිද බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 11 October 2019
ලලිත් - අනූෂගේ අභියාචනය මාර්තු 13 සිට විභාගයට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු 13 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (11) තීන්දු කළේය. 11 October 2019
ඉරාන තෙල් නැවකට මිසයිල ප්‍රහාර සෞදි අරාබියේ ජෙඩා වරාය ආසන්නයේදී ඉරාන තෙල් නැවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ලවී ඇතැයි වාර්තා වේ. 11 October 2019
මැදමුලන නඩුවේ සාක්කි විභාගය දෙසැම්බර් 20 තෙක් දිර්ඝ කරයි මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි තිස් නව ලක්ෂයක මුදලක් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි විභාග කිරිම වළක්වමින් පනවා තිබූ තහනම් නියෝගය දෙසැම්බර් 20 වැනිදා දක්වා දිර්ඝ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියම කළේය. 11 October 2019
හේමසිරි - පූජිත් බලන්න අවසර ඥාතීන්ට පමණයි පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් දෙදෙනා හමුවීම සඳහා ඉඩකඩ ලබාදී ඇත්තේ පවුලේ සමීප ඥාතීන්ට පමණක් බව බන්ධනාගාර මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 October 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026