(සමන් පාලිත)
බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගයේ අද(11) ධාවනය වෙමින් තිබූ ලොරියක් එහි කාර්මික දෝෂයක් හේතුවෙන් එම ස්ථානයේදී නතරවී ඇතැයිද, මේ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට ඇතැයිද බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
මෙසේ නතරවී ඇත්තේ සිමෙන්ති පැටවූ ලොරි රථයකි.
සිමෙන්ති ලොරිය දුම්රිය මාර්ගයෙන් කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ බෙදන්න ගෙනාව සිමෙන්ති ටික . රේල් පාරෙන් නෙවෙයි එතන එහායින් තියෙන පාරෙන් එන්න කිව්වේ
මීට පෙරත් මෙතන මේ වගේ ලොරි රේල් පාරේ ගියා. වාහනයකට අධික බර පටවමින් පාලනය කරගත නොහැක. කෙසේනමුත් ජීවිත හානි නොවීම ගැන සතුටු වෙනවා.
රේල් පාරේ ලොරි? රේල් පාර හදලා තියෙන්නේ කෝච්චියේ බර තුලනය වෙන විදියට නොවේද? පෙනෙන විදියට මේ ආකාරයෙන් ලොරි රථ ගමන් කිරීමෙන් රේල් පාරට අලාභහානි සිදුවිය නොහැකිද? එසේ වුවවොත් දුම්රියට හා මගී ජීවිතවලට හානි සිදුවිය නොහැකිද? මේවාට වග කිවයුත්තේ කව්ද?
ඔයා වග කියන්න
මට පේන විදිහට මිනිහ බීලා ඉඳලා, නැතිනම් පාර තියෙද්දී කොච්චි පාරේ යයිද
කෝච්චිය ආවා නම් ලොරිය නිකම්ම අයින් වෙනවා නොවැ... මක්කැයි මේ ඔහෙලා ටෙලිෆෝන් කනේ ගහගෙන කරන්නේ...?
ලොරි රේල් පාරේ යන, කසකාරයෝ බෙරගහන, බෙරකාරයෝ කසගහන, පෙරහැර අනිත් පැත්තට යන රටක් දැන් ලංකාව.