
(අංජුල මහික වීරරත්න)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීම වැලැක්වීමේ වැඩ අරඹා තිබේ.
අදාල පියවර ගැනීම සඳහා පත් කෙරුණු කාර්ය සාධක බලකායේ තීරණ අනුව ප්‍රදේශයේ ඇළමාර්ග පිරිසිදු කිරීමේ සහ ධාරිතාව වැඩි කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පිවිසෙන මාර්ග ජලයෙන් යටවීමේ ගැටලුව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවේදී ගත් තීරණ අනුව මෙම වැඩ අරඹා තිබේ.
මෙම ක්‍රියාමාර්ග මගින් ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීම අවම කිරීමට පමණක් නොව, අධික වර්ෂාපතන අවස්ථා වලදී අවට ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගංවතුර අවදානම ද සැලකිය යුතු ලෙස අවම කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd