විදේශ සේවා කාර්යංශයේ නිලධාරීන්ට දුන් ස්ථාන මාරු අවලංගු කරයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරින් පස්දෙනෙකුට දී ඇති දඬුවම් ස්ථාන මාරුවක් අවලංගු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව නියෝග කර ඇත. 15 October 2019
අනවසරෙන් ගාලුකොටුවේ ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කළ කාන්තාවට දඩ පුරාවිද්‍යා අධ්යක්ෂවරයාගේ නිසි අවසරයකින් තොරව ගාලු කොටුවේ ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කිරීමේ චෝදනාවට වරද පිළිගත් කාන්තාවකට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රුපියල් 50,000ක දඩයක් නියම කළේය. 15 October 2019
නීතිවිරෝධී රා තොගයක් සමග හිමිකරු අත්අඩංගුවට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද(15) අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේදී නීතිවිරෝධී අයුරින් බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය රා නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 15 October 2019
පලාලි ගුවන් තොටුපළට ඉන්දියාවෙන් පරීක්ෂණ චාරිකාවක් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබානු ලබන පළමු ජාත්‍යන්තර ගුවන් යානය ලෙසින් ඉන්දියාවේ එලායන්ස් එයාර් ගුවන් යානයක් ඔක්තෝබර් 17 පරීක්ෂණ චාරිකාවක යෙදෙන බව ‘ද හින්දු‘ පුවත් සේවය අනාවරණය කර සිටී. 15 October 2019
තොණ්ඩමන්ගේ පිරිසක් දිගම්බරන්ට එක්වෙති ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ප්‍රබල ආධාරකරුවෝ පිරිසක් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළකරමින් අමාත්‍ය පලනි දිගම්බරන් මහතා නායකත්වය දරන ලංකා කම්කරු ජාතික පෙරමුණට හා ජාතික කම්කරු සංගමයට එක්වූහ. 15 October 2019
අයිසීස්ලාට සම්බන්ධ 127 ක් ඉන්දියාවෙන් අත්අඩංගුවට අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 127 දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් වෙබ් අඩවිය අද (15) වාර්තා කළේය. 15 October 2019
හේමසිරිට ජනපති පරීක්ෂණ කොමිසමට එන්නැයි නොතීසි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ වංචා සෙවිමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ලබන සිකුරාදා (18) පෙනි සිටින්නැයි දන්වමින් එම කොමිසම විසින් නොතීසි නිකුත් කරනු ලැබ ඇත. 15 October 2019
ශ්රීලනිපය ගෝඨාභය සමඟ ගිවිසුම් අත්සන් කිරීම 19 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ගිවිසුමකට අත්සන් තැබීම ඔක්තෝබර් 19 වැනිදා පෙරවරුවේ සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. 15 October 2019
මැදමුලන නඩුව ජනවාරි 9 තෙක් කල්යයි ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව 2020 ජනවාරි 9 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ විශේෂ මහාධිකරණය අද (15) නියම කළේය. 15 October 2019
‘ජාත්‍යන්තර පාර්ශ්ව ජනපතිවරණයට මැදිහත් නොවේවියි විශ්වාස කරනවා’ කිසිදු ජාත්‍යන්තර පාර්ශ්වයක් මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයට මැදිහත් නොවනු ඇතැයි විශ්වාස කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇත. 14 October 2019
පානදුර මෙට්ට කර්මාන්ත ශාලාවක ගින්නක් පානදුර නල්ලුරුව ප්‍රදේශයේ පිහිටි මෙට්ට කර්මාන්ත ශාලාවක අද (14) සවස ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. 14 October 2019
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයකට සැරසෙයි තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් ලෙස කටයුතු කළ මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරිය ස්ථානමාරු කරමින්ද, කොලොන්න රෝහලේ කාර්යභාර නිලධාරීවරිය සිටියදී වෙනත් නිලධාරිනියක එම රෝහලට මාරු කර එවීමද අවලංගු කිරීමට අද (14) සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය. 14 October 2019
ගුරුවරුන්ට අතුරු වැටුපක් ගුරු වැටුප් විෂමතාව ඉවත් කරන තුරු තාවකාලික පිළියමක් ලෙස ගුරුවරුන්ට අතුරු වැටුපක් ගෙවීමට වැටුප් කොමිෂන් සභාවේ අනුමැතිය හිමි වී තිබේ. 14 October 2019
බැසිල්ට එරෙහි ලිත් නඩුව කල්යයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන නොවැම්බර් 28 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (14) තීරණය කළේය. 14 October 2019
රංගජීව - එමිල් රංජන් වරද පිළිනොගනිති වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු සමුහ ඝාතන කිරීමේ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් යන මහත්වරු විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (14) කියා සිටියහ. 14 October 2019
ලක්ෂ 37ක රත්රන් සමඟ ශ්‍රී ලාංකික යුවළක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස, ඉන්දියානු රුපියල් ලක්ෂ 37කට අධික වටිනාකමකින් යුතු රත්රන් තොගයක් ළඟ තබාගෙන සිටි ශ්‍රී ලාංකික යුවළක් චෙන්නායි ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි ‘ඉන්දියා ටයිම්ස්’ වෙබ් අඩවිය අද(14) වාර්තා කළේය. 14 October 2019
නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත් නඩුවේ වැඩිදුර විභාගය කල්යයි හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරි මස 10 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (14) නියම කළේය. 14 October 2019
‘හිස්බුල්ලා ජනපතිවරණයට ආවේ රාජපක්ෂවරුන් හා කළ ගිවිසුමක් අනුවයි’ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ රාජපක්ෂවරුන් සමඟ ඇතිකරගත් ගිවිසුමක් අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය. 14 October 2019
සීලරතන හිමියෝත් කැෆේ සංවිධානයට පැමිණිලි කරති තම ප්‍රතිපත්ති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් අසත්‍ය ඒවා බවට ජනසෙත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කැෆේ සංවිධානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා තිබේ. 14 October 2019
ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ධීවරයන් මුදාගැනීමට සාකච්ඡා ඉන්දීය බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයින් 24 දෙනෙකු නිදහස් කර ගැනීම සඳහා එරට රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 14 October 2019
සුළිකුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළට ජපානයට බලපෑ හැගිබිස් සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. 14 October 2019
ජනපතිවරණයට විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් එළැඹෙන ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් 4ක් පමණ පැමිණීමට නියමිත බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. 14 October 2019
මගියා කළ පැමිණිල්ලෙන් රියැදුරු අත්අඩංගුවට කටුබැද්ද ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයක් මගී ජීවිත අනතුරට ලක්වන ආකාරයට අපරීක්ෂාකාරීව, ධාවනය කිරීම හේතුවෙන් අද(14) බේරුවල නගරයේදී එහි රියැදුරු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 14 October 2019
සේරුවිල යකඩ - තඹ නිධියේ රත්රන් සේරුවිල යකඩ - තඹ නිධියෙහි රත්රන් තිබෙන බව තහවුරු වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර් සිරිවර්ධන මහතා පැවසීය. 14 October 2019
වියාලේන්ද්‍රන්ගේ සහය ගෝඨාභයට ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරන බව ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියාලේන්ද්‍රන් මහතා අද (14) පැවසීය. 14 October 2019
කොන්ඩාවිල් ඉඩමක කිලෝ 15 ක ක්ලේමෝ බෝම්බ දෙකක් යාපනය කොන්ඩාවිල් වරණී ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ කිලෝ 15 ක බර ක්ලේමෝ බෝම්බ දෙකක් අද (14) පස්වරුවේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 14 October 2019
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අන්තර්ජාලයෙන් රජයේ පාසල්වල 12 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය(ජිට්) මෙවර ප්‍රථම වරට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. 14 October 2019
පළාත් පාසල් 8ක් ජාතික පාසල් බවට පත්කෙරේ පළාත් පාසල් 8ක් ජාතික පාසල් බවට පත්කර අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරාගෙන තිබේ. 14 October 2019
අනුරගේ අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී ජාතික ජන බලවේගය සංවිධානයේ අධ්‍යාපනය සඳහා වූ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (14) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී සිදුකෙරිණි. 14 October 2019
ඇමැති අජිත් පී පෙරේරාගෙන් පැමිණිල්ලක් වර්තමාන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නම, ඡායාරූපයක් සහ ප්‍රකාශයක් යොදා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුවත්පත් දැන්වීමක් පළ කර ඇති බව පවසමින් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඡන්ද නියෝජිත සහ ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු පර්යේෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන් සභාවට අද (14) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 14 October 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026