ගූගල් වෙතින් රේඩාර් තාක්ෂණය සහිත ජංගම දුරකථනයක් ඉදිරියේදී වෙළෙඳපොළට නිකුත් වීමට නියමිත නවතම ගූගල් ස්මාර්ට් ජංගම දුරකථනය අමෙරිකාවේදී හඳුන්වාදෙනු ලැබීය. 16 October 2019
කන්දෙගොඩින් කසළ තේ කිලෝ 15000 ක් එස්ටීඑෆ් දැලේ අම්බලන්ගොඩ කන්දෙගොඩ ප්‍රදේශයේ දී කසළ තේ කිලෝ 15,000 ක් සමඟ පුදගලයන් තිදෙනකු විශේෂ කාර්ය බළකාය විසින් අද (16) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 16 October 2019
මයිලවට්ටුවාන් ගඟේ වැලි කැණීමට එරෙහිව විරෝධතාවක් මඩකලපුව ඒරාවුර්පත්තුව මයිලවට්ටුවාන්හි ගඟේ වැලි කැණීම් සඳහා අනුමැතිය ලබානොදිය යුතුයැයි ඉල්ලා අද (16) මයිලවට්ටුවාන් ග්‍රාම සංවර්ධන සමිතිය විරෝධතාවක් සංවිධානය කර තිබිණි. 16 October 2019
එම්.ආර්.සී. ප්‍රනාන්දු නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත් කරයි අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙක් ලෙස මහාධිකරණ විනිසුරු එම්.ආර්.සී. ප්‍රනාන්දු මහතා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව ඒකමතිකව තීරණය කර ඇත. 16 October 2019
සමන් ශ්‍රී රත්නායක මැතිවරණ කොමසාරිස් ජනරාල් ලෙස පත් කරයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස සමන් ශ්‍රී රත්නායක මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ඒකමතිකව තීරණය කර තිබේ. 16 October 2019
සූදු ව්‍යාපාර වලින් අයකරන ගාස්තු හා බදු ඉහළට සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන් අයකරන ගාස්තු හා බදු ඉහළ නංවමින් කෙටුම්පත් කර ඇති ‘ඔට්ටු හා සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත’ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 16 October 2019
ජනපතිවරණ දැන්වීමක් ගැන කරුණු පහදන්නැයි මැතිවරණ කොමිසම කියයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඡායාරූපයක් සහ ප්‍රකාශයක් ඇතුළත් ජනාධිපතිවරණ දැන්වීමක් පුවත්පතක පළකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී තිබේ. 16 October 2019
මුහුදු මහා විහාර භූමියේ ඉදිකිරිම් 30 දා තෙක් අත්හිටුවයි පොතුවිල් මුහුදු මහා විහාර භූමිය තුළ සිදුකරන අනවසර ඉදිකිරිම් අද (16) දක්වා නැවැත්වීමට පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබූ නියෝගය ලබන 30 වැනි දා තෙක් දීර්ඝ කිරිමට පොතුවිල් මහේස්ත්‍රාත් එම්.එච් මොහොමඩ් මහතා නියෝග කළේය. 16 October 2019
කංජිපානීගේ පියා ඇතුළු 6 දෙනාට ඇප බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන් නමැති සිරකරුට කෑම බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් දිමට තැත්කිරිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් හය දෙනා ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද(16) නියෝග කළේය. 16 October 2019
වනජීවී භාරය වසා දැමීමට කැබිනට් අනුමැතිය සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ‘ශ්‍රී ලංකාවේ වනජීවී භාරය’ වසා දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 16 October 2019
ලෝටස් පාර වහයි ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ. 16 October 2019
කටකතා ගැන බිය නොවන්නැයි පොලීසිය කියයි ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පාසලක් අසළ හා මට්ටක්කුලිය ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් ඉදිරිපිට සැකකටයුතු වාහන දෙකක් නවතා ඇති බවට පැතිර යන කටකතා පිළිබඳව කලබල විය නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 16 October 2019
අපරික්ෂාකාරී රිය ධාවනයෙන් දිනකට රක්ෂිතවල සත්තු 100ක් මියයති ජාතික උද්‍යාන සහ රක්ෂිත හරහා ඇති මාර්ග භාවිතා කරන රියදුරන්ගේ අපරීක්ෂාකාරී රිය ධාවනයෙන් උරගයින්, උභය ජීවීන් සහ ක්ෂීරපායීන් ඇතුළු සතුන් දිනකට 100කට අධික ප්‍රමාණයක් මිය යන බව පොෙළාන්නරුව කලාප භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්. ඩී. එම්. ජී. වික්‍රමසිංහ මහතා පැවසීය. 16 October 2019
ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි අගමැතිට නොතිසී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සිකුරාදා (18) පෙනී සිටින්නැයි දන්වමින් එම කොමිසම විසින් නොතිසී නිකුත් කරනු ලැබ ඇත. 15 October 2019
එල්.ටී.ටී.ඊ.ය නැගිට්ටවන්න දහස් ගණනින් මුදල් එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත සක්‍රීය කිරීමට යැයි විශ්වාස කළ හැකි ආකාරයේ මූල්‍ය ගනුදෙනු කිහිපයක් සිදුව ඇති බවත් එහිදි අති විශාල ධනස්කන්ධයක් හුවමාරු වී ඇති බවත් මැලේසියානු පොලිසිය අනාවරණය කළේය. 15 October 2019
විශ්‍රාම යාමෙන් පසුවත් නිල නිවස ජනපතිටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන, කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස විශ්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 15 October 2019
පස්කන්දක් කඩාවැටී කොළඹ-බදුල්ල මාර්ගය අවහිරවෙයි පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය බෙලිහුල්ඔය 157 වන කිලෝමීටර් කණුව ආසන්නයෙන් අවහිර වී ඇති බව පොලිසිය කියයි. 15 October 2019
ජාතික ආර්ථික සභාව අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ඇති ජාතික ආර්ථික සභාව අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ. 15 October 2019
තද වැස්සෙන් - සුළඟින් දිස්ත්‍රික්ක 6ක ජනතාව පීඩාවට දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි, සුළං හා අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක හයක ජනතාව පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 15 October 2019
‘‘වසර දෙකක් යනතෙක් පළාත් සභා මැතිවරණයක් නෑ‘‘ පළාත් සභා විසුරුවා හැරියත් තව වසර දෙකක් යනතෙක් පළාත් සභා මැතිවරණයක් නොපැවත්වෙන බවත් ජනාධිපති මැතිවරණයෙන් පසුව ඉදිරියේදී පැවත්වීමට නියමිත පාර්ලිමේන්තු , පළාත් සභා,ප්‍රාදේශීය සභා මැතිවරණ කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන බව ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (15) පැවසීය. 15 October 2019
කරන්නාගොඩට නොතිසී නිකුත් කරන්නැයි සීඅයිඩීය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීල්ඩ් වසන්ත කරන්නාගොඩ මහතාට ලබන 23 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නොතිසියක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (15) ප්‍රතික්ෂේප කළේය. 15 October 2019
රාජ්‍ය දේපල අවභාවිතය පෙරට වඩා වැඩියි රාජ්‍ය බලය හා රාජ්‍ය දේපල අභාවිතය සම්බන්ධයෙන් 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව වැඩි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. 15 October 2019
අරුවක්කාලුවට කසළ ගෙන ඒම හෙට සිට නවතී අරුවක්කාලු කසළ අංගනයට කොළඹ සිට කසළ ගෙන ඒම හෙට (16) සිට නතර කරන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය. 15 October 2019
‘‘මම කෑමට ගියාම එස්ටීඑෆ් 700 ක් කඩා වැදුණා‘‘ දිවා ආහාරය සඳහා තමා නිල නිවසට ගිය අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් 700 ක් පමණ ගිනි අවිද රැගෙන බලහත්කාරයෙන් බන්ධනාගරය තුළට ගොස් තිබූ බව විශ්‍රාමික සහකාර බන්ධනාගාර අධිකාරී පී. ඩබ්ලිව්. කුඩාබන්ඩාර මහතා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (15) සාක්කි දෙමින් පැවසීය. 15 October 2019
තිලංගට ක්‍රිකට් විධායක කමිටුව තහනම් කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා ලෙස තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව නියෝජනය කිරීමට නුසුදුස්සෙක් වන බැවින් ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීම තහනම් කිරීමට ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටු තීරණය කර තිබේ. 15 October 2019
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට සිරදඬුවම් හෙම්මාතගම පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරන ලද මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු (ශ්‍රීලනිප) සභාපතිවරයාට මාස 6 ක බරපතල වැඩසහිතව සිරදඬුවම් නියම කිරීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (15) නියෝග කළේය. 15 October 2019
පොලිස් නිලධාරීන්ට දින 20ක විශේෂ දීමනාවක් ශ්‍රී ලංකා පොලිස් සේවයට අයත් සියලු නිලධාරීන්ට ඔවුන්ගේ වැටුපට අමතරව මාසයකට දින 20ක විශේෂ සංයුක්ත දීමනාවක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. 15 October 2019
රථගාල් කිරීමේදී ස්වයංක්‍රීය ගාස්තු අයකිරීම ගැන පැමිණිලි 60,000 ක් කොළඹ මහ නගර සීමාව තුළ තෝරා ගත් ප්‍රදේශ කීපයක ක්‍රියාත්මක රථ ගාල් කිරිමේ ස්වයංක්‍රීය ගාස්තු අය කිරිමේදී සිදුවන ආසාධාරණ මුදල් සම්බන්ධ පැමිණිලි 60,000 ක් පමණ මේ වනවිට නගර සභාවට ලැබී ඇතැයි නාගරික මන්ත්‍රී සුමිත් පස්සපෙරුම මහතා පැවසීය. 15 October 2019
පොල් ගසේ කරටියක් කඩා වැටී යතුරුපැදිකරු මරුට ධාවනය වෙමින් පැවති යතුරු පැදියක් මතට පොල් ගසක කරටියක් කඩා වැටී බරපතල තුවාල ලැබූ එක්දරු පියෙකු දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද(15) මියගිය බව දිවුලපිටිය පොලිසිය කියයි. 15 October 2019
කොටකෙතන මව- දියණිය ඝාතන නඩුවේ වරදකරුට මරණ දඬුවම රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ නිවසකෙදියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ චෝදනාවන්ට අසල්වැසි නිවසේ පදිංචිව සිටි විත්තිකරු වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහුට මරණීය දඬුවම අද (15) නියම කළේය. 15 October 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026