ළිදේ සිර වූ තිදෙනා ගොඩ ගනිති කන්දකැටිය බදුළුඔය ප්‍රදේශයේ අඩි 50 ක් පමණ ගැඹුරු ළිඳක සිරවී සිටි පුද්ගලයින් තිදෙනකු පැය දෙකක පමණ කාලයක් තිස්සේ දැඩි පරිශ්‍රමයක් යොදෙ ගොඩ ගෙන රෝහල් ගත කළ බව කන්දකැටිය පොලීසිය පවසයි. 18 October 2019
එජාපයේ ප්‍රබලයෙක් ගෝඨාභයගේ සහයට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීම සඳහා අද (18) හෝ හෙට(19) එක්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. 18 October 2019
කොස්ලන්ද මහ කන්ද නාය යාමේ අවදානමක - පවුල් 23 ක් ඉවත් කරයි පවතින අධික වර්ෂාව සමඟ නායයාමේ අවදානමක් මතු වූ බැවින් අද (17) රාත්‍රී කොස්ලන්ද මහකන්ද ග්‍රාම නිලධාරී වසමේ පවුල් 23 ක් ඉවත්කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 17 October 2019
වාහන මිලදී ගැනීම් - නව ව්‍යාපෘති ආරම්භ කිරීම් නතර කෙරේ රාජ්‍ය ආයතනවලට වාහන මිලදී ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමටත් මේ වසරේ ඉදිරි මාස දෙක තුළ අලුතින් ව්‍යාපෘති ආරම්භ කිරීම නතර කිරීමට සහ අත්‍යාවශ්‍ය නොවන කාර්යාල උපකරණ ආදීය මිලදී ගැනීම ලබන වසර තෙක් කල්දැමීමටත් මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. 17 October 2019
ගම්පහ සණස බැංකුවේ සභාපතිවරයා අත්අඩංගුවට තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 55 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියකට අදාලව ගම්පහ සණස බැංකුවේ සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 17 October 2019
නිශ්ශංක සේනාධිපති රිමාන්ඩ් ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදී සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබා ලංකාවට පැමිණීමේදී ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘‘ඇවන්ට් ගාඩ්‘‘සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ලබන නොවැම්බර් මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (17) නියම කළේය. 17 October 2019
මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ හෙරොයින් කිලෝ 65 ක් අල්ලයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලින් හොරොයින් කිලෝ 67 යි ග්‍රෑම් 500 ක් සමඟ සැකකරුවන් 4322 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි. 17 October 2019
ජනපති අපේක්ෂක සජිත්ට මාධ්‍ය ප්‍රකාශකවරු තිදෙනෙක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ සහ සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර යන මහත්වරුන් පත් කර තිබේ. 17 October 2019
රට බෙදන ඉල්ලීම් 13 කට වරදරාජා පෙරුමාල්ගෙන් තල්ලුවක් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ස්වයං නිර්ණ අයිතිය ඇතුළු ඉල්ලීම් 13 කට බලකරමින් අත්සන් කළ ගිවිසුම පිළිගත හැකි එකම ජනාධිපති අපේක්ෂකයා එම්.කේ.සිවාජිලිංගම් යැයි උතුරු නැගෙනහිර ප්‍රථම ප්‍රධාන අමාත්‍ය දෙමළ සමාජ ප්රජාතන්ත්ර පක්ෂයේ නායක වරදරාජා පෙරුමාල් මහතා අද(17) සදහන් කළේය. 17 October 2019
වෙල්ගම ඉල්ලා මතුගම සත්‍යග්‍රහයක් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී මෙවර ජනාධිපතිවරණයට සහයෝගය දක්වන ලෙස ඉල්ලා භික්ෂුන්වහන්සේලා දෙනමක් සහ තවත් ආධාරකරුවෝ තිදෙනෙක් අද(17) මතුගම නගරයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළහ. 17 October 2019
පානදුර වැල්ලේ සැඟවූ කෝටියක හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට පානදුර නල්ලුරුව මුහුදු වෙරළේ වැල්ලේ සඟවා තිබූ රුපියල් කෝටියකට අධික හෙරොයින් මත්කුඩු සමග නීතිවිරෝධී ව මත්පැන් ජාවාරම්කරන පුද්ගලයකු අද(17) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි. 17 October 2019
නිශ්ශංක සේනාධිපති මහාධිකරණයට රැගෙන එයි අත්අඩංගුවට ගත් ඇවන්ට්ගාඩ් මැරිටයිම් ආයතනයේ සභාපති යාපා හෙට්ටි ආරච්චිලාගේ නිශ්ශංක යාපා සේනාධිපති මහතා අද (17) මහාධිකරණයට රැගෙන එනු ලැබීය. 17 October 2019
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 ක් අරී දිවයින තුළ පවතින අධික වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශය වාන් මට්ටමට පැමිණ ඇතැයි ජලාශය බාර වාරි ඉංජිනේරු ආර්.ඩී.ඒ. දේශප්‍රිය මහතා පවසයි. 17 October 2019
පුත්තලම මන්ත්‍රී ශාන්ත කුමාර යළි රිමාන්ඩ් පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුනි මෙන්ඩිස් ශාන්ත සිසිර කුමාර අබේසේකර නොවැම්බර් 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධකාගාර ගත කිරිමට හලාවත මහාධිකරණ විනිසුරු වයි.ප්‍රනාන්දු මෙනෙවිය අද ( 17 ) නියෝග කළාය. 17 October 2019
ලග්ගල කසළ වතුර වළකට මුදාහැරීමෙන් ප්‍රශ්න රැසක් දිවයිනේ පළමු හරිත නගරය වන නව ලග්ගල නගරයෙන් ඉවතලන කැළි කසළ නගරය ආසන්නයේ පිහිටි උස් බිමක වතුර වළකට මුදාහැරීම නිසා ප්‍රශ්න රැසක් මතුව ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. 17 October 2019
සහයෝගය මාරුවීමෙන් ඉමදූව ප්‍රා. සභාව ඇවිලෙයි ඉමදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන බව පැවසීමත් සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරියන් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමෙන් දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවිය. 17 October 2019
ලක්ෂ 20ක මත්කුඩු සමග 4ක් අත්අඩංගුවට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සේවකයකු ඇතුළු පුද්ගලයන් හතරදෙනෙකු රුපියල් ලක්ෂ 20ක හෙරොයින් මත්කුඩු සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 17 October 2019
නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ට්ගාඩ් මැරිටයිම්ස් ආයතනයේ සභාපතිවරයා වන යාපා හෙට්ටි ආරච්චිලාගේ නිශ්ශංක යාපා සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. 17 October 2019
ගුරුකන්ද විහාරයේ සීසීටීවී ගලවන්නැයි මුලතිව් පොලිසියෙන් නියෝගයක් මුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා නව සීසීටීවී කැමරා පද්ධතියක් සවිකිරීමේදී අද (16) සවස මුලතිව් පොලිස් නිලධාරීන් එහි පැමිණ සවිකර තිබූ කැමරා සියල්ල ගලවාදමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ දායක සභාවේ නිලධාරියෙක් පැවසීය. 16 October 2019
තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හෙට ජනතා අයිතියට ශ්‍රී ලංකාවේ තුන් වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස පලාලි හි ඉදිකෙරුණු ‘යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (17) පෙරවරු 9.00 ට විවෘත කෙරේ. 16 October 2019
දුම්රිය ප්‍රමාදයක් දුම්රියක් පීලි පැනීමක් හේතුවෙන් අද (16) පස්වරුවේ ධාවනය වීමට නියමිත දුම්රියන් ප්‍රමාද වී ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 16 October 2019
හිටපු පා.ම. ජේ ශ්‍රී රංගා ඇතුළු 6 ක් අත්අඩංගුවට ගන්න නියෝග රිය අනතුරක් පිළිබදව තොරතුරු වසන් කිරීම හා එම රිය අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතීය ක්‍රියාත්මක නොකොට ඔහුට පළා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා හා වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට අද (16) නියම කළේය. 16 October 2019
ජනපතිවරණයේ ප්‍රචාරණ කටයුතුවලට යුද ජයග්‍රහණ යොදාගැනීම තහනම් යුද්ධය, යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා ආදිය ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතුවලට යොදා ගැනීම තහනම් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 16 October 2019
උසස් තාක්ෂණ ආයතනයේ සේවක වර්ජනය අවසන් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ආචාර්යවරුන් සහ සේවකයන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අද(16) අවසන් කෙරිණි. 16 October 2019
තැපැල් ඡන්ද ඉල්ලුම්පත් 58,404 ක් ප්‍රතික්ෂේප වෙයි තැපැල් ඡන්ද ඉල්ලුම්පත් පිරවීමේ දී සිදුව ඇති දෝෂ හේතුවෙන් ඉන් 58,404 ක් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 16 October 2019
ශ්‍රීලනිප බේරුවල ආසන සංවිධායක සජිත්ට එක්වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල ප්‍රධාන ආසන සංවිධායක සහ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්. එම් අම්ජාන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කිරීමට එක්විය. 16 October 2019
මැතිවරණ කොමිසම දොස්තර ගැටලුව විසඳයි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු ස්ථානමාරු කර තිබූ වෛද්‍යවරු තිදෙනාගේ මාරුවීම් අද (16) මැතිවරණ කොමිසම මැදිහත්ව අවලංගු කළ නිසා හෙට (17) මොනරාගල සහ රත්නපුර දිස්ත්‍රික් දෙකේ වෛද්‍ය වැඩ වර්ජනය ඇතුළු තැපැල් ඡන්ද සහතික කිරිම්වලින් ඉවත්වීම අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා පැවසීය. 16 October 2019
කළුගඟ ව්‍යාපෘතියේ ගුරුවෙල වැවේ බැම්ම කපා ජලය ඉවත් කරයි මොරගහකන්ද-කළුගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ ලග්ගල නව ගුරුවෙල ප්‍රදේශයේ අලුතින් ඉදිකෙරෙන ගුරුවෙල වැවෙහි බැම්ම කපා වැවේ වැඩි ජලය ඉවත් කිරීමට දින හතරක සිට මහවැලි නිලධාරීහූ කටයුතු කරමින් සිටිති. 16 October 2019
බඹරු ඇනීමෙන් වතුකම්කරුවෙක් මරුට තේ වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් දෙදෙනකු දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඉන් එක් වතු කම්කරුවෙක් මිය ගිය බව හැටන් පොලිසිය පවසයි. 16 October 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026