ලංකාවේ දරුවන් ලක්ෂ 60 කගේ සුබ සාධනයට ප්‍රතිපත්ති ප්රකාශනයක් ශ්‍රී ලංකාවේ දරු දැරියන් ලක්ෂ 60කගේ සුබ සාධනයට අදාළ කරුණු ඇතුළත් ප්‍රතිපත්ති ප්රකාශනයක් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් සකස් කරනු ලැබ තිබේ. 20 October 2019
ජනපතිවරණයේ තැපැල් ඡන්දය ඔක්: 31 - නොවැ : 1 දිනවල ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 01 යන දිනවලදී සිදුකෙරේ. 20 October 2019
යුද සැලසුම් හදන්නේ ත්‍රිවිධ හමුදාපතිවරු මිස ආරක්ෂක ලේකම් නෙමෙයි විරුද්ධවාදීන් කථා කරන්නේ රටේ ආරක්ෂාව ගැන වුවත් ඔවුන්ට ආරක්ෂාව ගැන කථා කරන්න තරම් අත්දැකීම් නැති බවත් යුද උපායයන් සැලසුම් කරන්නේ හමුදාපතිවරු තිදෙනා මිස සම්ප්රදායානුකූලවත් ආරක්ෂක ලේකම් යුද සැලසුම් සකස් නොකරන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. 20 October 2019
එජනිස භාණ්ඩාගාරික ධූරය දූමින්ද දිසානායකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කරනු ලැබ තිබේ. 20 October 2019
රන් බිස්කට් සාක්කුවේ සඟවා ගෙන යන්න ගිය සේවකයා අත්අඩංගුවට රන් බිස්කට් 40 ක් තම කලිසමේ දෙපස සාක්කු දෙකේ සඟවා ගෙන ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපළ සේවකයකු අද (20) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 October 2019
රාජ්‍ය ආයතනවල ඡන්ද ප්‍රචාරණ කටයුතු තහනම් රාජ්‍ය ආයතනවල ඡන්ද ප්‍රචාරණ කටයුතු තහනම් කර තිබෙන බවද, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් එම ආයතනවල බලධාරීන් වගකීමට බැඳී සිටින බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 20 October 2019
මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නිවසට හොරු පනිති අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පිහිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නිවසට ඇතුළු වූ අයෙකු අද(20) නිවසේ වූ භාණ්ඩ සොරකම් කර පලාගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි. 20 October 2019
හොරෙන් ලංකාවට ආ සිරියානු පවුලක් ආපසු මව්රටටම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස භාවිත කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ සිරියානු ජාතික පවුලක් අද (20) අත්අඩංගුවට ගෙන ඔවුන් ආ ගුවන් යානයෙන්ම ආපසු පිටත් කර යැවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පවසති. 20 October 2019
ජාතික රෝහලේ සවස 4 න් පසුත් අක්ෂි කාච සැත්කම් කොළඹ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි කාච සැත්කම් සවස 4.00න් පසුව සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 20 October 2019
ළිඳේ සිරවී මියගිය පුද්ගලයාගේ කොටස් රජයේ රස පරීක්ෂකට කන්දකැටිය බුබුල ගම්මානයේ ළිදේ සිරවී මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට කන්දකැටිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ බව කන්දකැටිය පොලිසිය පවසයි. 20 October 2019
අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් ඇප මත මුදා හැරේ නීත්‍යානුකූල කිසිඳු ලියවිල්ලක් සන්තකයේ නොමැතිව සිටි චීන ජාතිකයින් 7 දෙනෙකු වනාතවිල්ලුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් අබ්දුල් කාදර් මහතා වෙත අද (19) සවස ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයකුට ලක්ෂය බැගින් ශරීර ඇප නියම කරමින් ඇප මත මුදා හැරීමට පොලිසියට නියෝග කර තිබුණි. 19 October 2019
බලන්ගොඩ - හැටන් මාර්ගයට පස් කඳු කඩාවැටෙයි බලන්ගොඩ - හැටන් ප්‍රධාන මාර්ගයට පින්නවල ප්‍රදේශයේදී පස්කන්දක් කඩාවැටීමෙන් සහ මාර්ගයට ගල් පෙරලීමෙන් අද (19) පැය කිහිපයක් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා ඇතිවිය. 19 October 2019
පාසල් සිසුවෙක් සැකකටයුතු ලෙස මියයයි මව සහ පියා නිවසින් බැහැරව සිටි අතරතුර දී නිවසේ රැඳී සිටි 13හැවිරිදි පාසල් සිසුවෙකු හදිසියේ මිය යාමේ පුවතක් කටුවන වල්ගම්මුල්ල පුවක්ගස් ආර ප්‍රදේශයන් වාර්තා වේ. 19 October 2019
නිල තැපැල් ඡන්ද පත්‍රිකා තැපැල් කාර්යාල මගින් වෙන්කරයි ජනාධිපතිවරණය වෙනුවෙන් රාජ්‍ය ආයතන මගින් අයදුම් කල තැපැල් ඡන්ද පත්‍රිකා අද (19) අලුයම තැපැල් කාර්යාල වෙත ලැබී ඇත. 19 October 2019
දිස්ත්‍රික්ක 4 කට නාය යෑමේ අවදානමක් දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 18 October 2019
යුද්ධය වෙනුවෙන් ගෝඨාභය තමන්ට උපදෙස් නොදුන් බව ෆොන්සේකා කියයි ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කිසි දිනක යුද බිමට නොගිය බවත් ඔහු කිසිදිනක තමන්ට යුද්ධය වෙනුවෙන් උපදෙස් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. 18 October 2019
ඉසුර ශ්‍රීලනිප තනතුරුවලින් ඉවතට බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් සහ මහරගම ආසන සංවිධායක ධූරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබේ. 18 October 2019
නෙදර්ලන්ත විදේශ ඇමැති දිවයිනට නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙපාන් ඒබ්‍රහම් බ්ලොක් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අද (18) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 18 October 2019
මැතිවරණ පැමිණිලි 24 කට 11 ක් අත්අඩංගුවට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි හා මැතිවරණ උල්ලංඝණය කිරීම වලට අදාළව පැමිණිලි 24 ක් වෙනුවෙන් ප්‍රාදේශීය සභා මන්ති‍්‍රවරුන් දෙදෙනකු, හා හිටපු ප්‍රාදේශීය සභා මන්ති‍්‍රවරයකු ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 18 October 2019
අයුතු ක්‍රියාවකින් මියයාමකට අලාභ ගන්න නව පනත් කෙටුම්පතක් කිසියම් පුද්ගලයකුගේ අයුතු ක්‍රියාවක් හෝ අතපසු වීමක් වැනි කරුණු හේතුවෙන් තවත් පුද්ගලයකුගේ මරණය සිදුවුවහොත් මියගිය පුද්ගලයාගේ යැපෙන්නන්ට අලාභ අයකර ගැනීම සඳහා නීති ඇතුළත් නව පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට රජය පියවර ගෙන තිබේ. 18 October 2019
‘දෙමළ සන්ධාන යෝජනා වලට කිසිම අපේක්ෂකයෙක්ට එකඟ වෙන්න බෑ’ දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති යෝජනා සඳහා රටේ ව්‍යවස්ථාවට ගරු කරන කිසිවෙකුටත් එකඟ විය නොහැකි බැවින් කිසිඳු ජනාධිපති අපේක්ෂකයකුට එය පිළිගත නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය. 18 October 2019
ජල සම්පාදන සාමාන්‍යාධිකාරීට දුන් සේවා දිගුව ගැන කොමිසමට පැමිණිල්ලක් ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයාට හදිසියේ වසරක සේවා දිගුවක් ලබාදී මැතිවරණ නීති - රීති උල්ලංඝණය කළ බව සඳහන් කරමින් එම මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ. 18 October 2019
පුත්තලම-මන්නාරම මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව නවත්වයි කලාඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ පුත්තලම මන්නාරම මාර්ගයේ ගමනා ගමනය නැවත දැනුම් දෙනතුරු නවත්වා ඇතැයි පුත්තලම ආපදා කළමණාකරන ඒකකය කියයි. 18 October 2019
මැතිවරණ නඩු විභාගයට විශේෂ අධිකරණයක් ඉල්ලයි මැතිවරණ ආශ්‍රීත නඩු විභාග කිරිම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීම අවශ්‍ය බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය යෝජනා කරයි. 18 October 2019
මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා ඇතුළු 6 දෙනාට ඇප අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනා ඇප මත මුදා හැරීමට වවුනියාව මහේස්ත්‍රාත් අද (18) නියෝග කළේය. 18 October 2019
ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය තායි කතුන් තිදෙනකු අත්අඩංගුවට අන්තර් ජාලයෙන් දැන්වීම් පලකර ඒ ඔස්සේ ඇනවුම් ලබාගනිමින් මෝටර් රථ උපයෝගි කරගෙන ජංගම ගණිකා නිවාස පවත්වාගෙන යන තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනකු ඇතුලූ තිදෙනකු අද (18) අලූයම වැල්ලවත්ත දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 18 October 2019
ළිදේ සිරවී සිටි තිදෙනාගෙන් අයෙක් මිය යයි කන්දකැටිය බදුළුඔය ප්‍රදේශයේ ගැඹුරු ළිඳක සිරවී සිටි පුද්ගලයින් තිදෙනකුගෙන් එක් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මිගොස් ඇති බව පොලීසිය කියයි. 18 October 2019
කෝටි 30 ක හෙරොයින් සමඟ තිදෙනකු දිවුලපිටියේදී අත්අඩංගුවට දිවුලපිටිය, උල්ඇළපල , මිල්කාසිවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබී කිලෝ 30 කට අධික හෙරෙයින් ප්‍රමාණයක් සමඟ තිදෙනකු අද ( 18) දිවුලපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. 18 October 2019
මංජු ශ්‍රී අරංගල සමුගනී බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප්‍රධාන සංවිධායක මංජු ශී‍්‍ර අරංගල මහතා (63) අද (18) දින කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. 18 October 2019
වැඩිහිටි කාර්යාල අධ්යක්ෂ ඉවත් කිරීම මැතිවරණ කොමිසමෙන් නවත්වයි වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ සමන් උඩවත්ත මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති නම් එය වහාම නතර කරන්නැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරියට මැතිවරණ කොමිසම ඊයේ (17) නියෝග කර ඇත. 18 October 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026