දෘශ්‍ය දූෂණයට එරෙහිව පෙත්සමක්
ඉදිරි මැතිවරණයේ දී පෝස්ටර් , බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි වලට අනුව ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ලබන 31 වැනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය.