ආරක්ෂක උපකරණ ටෙන්ඩරය ගැන කොමිසමෙන් විමර්ශනයක්
බිම් බෝම්බ ඉවත් කිරීමේ රාජකාරි සඳහා අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරයක් වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති විදේශීය කර්මාන්තකරුවකුට ලබාදීමට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් කටයුතු කරන බවට ලද පැමිණිල්ලක් අනුව ජාතික ප්‍රසම්පාදන කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.