හමුදාපතිගේ රුව මැතිවරණ ප්‍රචාරණයට යොදාගැනීම ගැන ලිඛිත පැමිණිල්ලක්
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ රුව සහ ඔහුගේ ප්‍රකාශයක්, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදාගනිමින් සති අන්ත පුවත්පත් කිහිපයක පළ කළ දැන්වීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මානව හිමිකම් කොමිසමට, ජනාධිපති ලේකම් කාර්යාලයට හා ආරක්ෂක අමාත්‍යංශයට ලිඛිතව පැමිණිලි කර ඇත.