(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පැය දෙකක කාලයක් අවසර ලබාගෙන පැමිණ මීට සුළු මොහොතකට පෙර සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීය.
ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුකෙරිණි.
එම ප්‍රතිපත්ති ප්‍රකාශය හිටපු යුද හමුදාපතිවරයා විසින් පළමුව මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම සිදුකෙරිණි.
උණ රෝගය වැළඳී තිබුණත් එය ගණනකට නොගෙන මැතිවරණ කටයුතුවල නිරත වීම නිසා පසුගිය දිනෙක බලංගොඩ රෝහලට ඇතුළත් වීමට තමාට සිදුවූ බව මෙහිදී පැවසූ හිටපු යුද හමුදාපතිවරයා ඉන්පසු මේ වන තුරුත් යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් කළේය.
එසේ වුවත් රට වෙනුවෙන් ගත් තීරණය ඉදිරියට ගෙන යා යුතු නිසා පැය දෙකකට අවසර ලබාගෙන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට පැමිණි බවද හෙතෙම කීවේය.
එක රටක්, එක නීතියක්, එක දැයක් යන්න තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ එන ප්‍රධානම කරුණ බව කී ජෙනරාල් මහේෂ් සේනානායක මහතා රට තුළ විනයක් ඇති දේශපාලනයක් හා ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීම ඇතුළු සියලූ අරමුණු ඉටුකරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල එහි ඇතුළත් බව ද පැවසීය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණ කිව්වේ ඩෙංගුද? එසේ නොවේවා...!
එජපේ සහ ජේවිපි එකේ කොන්ත්‍රාත්තුවකට ගොඨාගේ ඡන්ද කඩන්නේ නැතුව, ආ අතක් බලාගෙන සනීප වෙලා ගෙදෙරට වෙලා ඉන්න අනේ අපිට පව් නොදී.
ජය ජය !
අජිත් රෝහණ කොළොන්නේ මහත්තයා පේන්නවත් නැත්තේ මොකද?.....
නාරාහේන්පිට හමුදා රෝහල ඉතා කුඩා රෝහලක් ලෙස තිබුනේ. ඒක නිසා 2006 දී විතර ආශා රෝහල හමුදාව කුලියට ගත්තා. පසුව ගෝඨාභය තමයි යුද හමුදා රෝහලට දස මහල් ගොඩනැගිලි එකතු කරලා ඉතා විශාල රෝහලක් කලේ. මහේෂ් සේනානායකට ඒකවත් මතක තිබුනානම් හොඳයි
සරත් ෆොන්සේකා කොච්චර කිවුවත් මෙයා යුද්ධේ කරේ නැහැ මමත් මුලදී හිතුවේ මෙය නිර්භය පොරක් කියලා. එ
අනේ අපේ සජිත් මහත්තයාගේ ඡන්ද ටික කඩන්න යනවට දෙවියන් දෙන දඬුවම් ඔව්ව. වැඩක් බලාගෙන ඉන්න මහත්තයෝ!
මෙයත් පරණ අච්චුවේම තවත් කොපියක් විතරයි.