පාසැල් සිසුවියක පුළුස්සා මරාදැමූ බවට චෝදනා ලැබ වරදකරුවන් වූ, එම සිසුවිය ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති ඇතුළු චූදිතයින් 16දෙනකුට බංගලාදේශයේ අධිකරණය අද(24) මරණ දඬුවම නියම කළේය.
පසුගිය අප්‍රේල් මාසයේදී ඩකා අගනුවරට කිලෝමීටර් 160ක් පමණ දුරින් පිහිටි ෆෙනී දිස්ත්‍රික්යේ මද්රාසා පාසලකදී මෙම 18 හැවිරිදි තරුණිය ඝාතනය කර තිබිණි.
තරුණියගේ ඝාතනය සම්බන්ධව බංගලාදේශය පුරා උද්ඝෝෂණ පැවැත්වුණු අතර සිද්ධියට සම්බන්ධ වූවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයට ජනතාවගෙන් බලපෑම් එල්ල විය.
බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය තරුණියගේ පවුලේ සාමාජිකයන් හමුවී වරදකරුවන්ට කඩිනමින් දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වී තිබිණ.
මරණ දඬුවම ලැබූ අය අතර ඇය ඉගෙනුම ලැබූ පාසලේ සිසුහු දෙදෙනෙක් ද සිටිති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මද්රසා පාසල් කියන්නේ පිළිලයක්... දැන්ම නවත්වන්න ඕනේ
නියමයි
මෙහි පසුබිම කෙසේ වෙතත් ඉතාමත් අගය කළ යුතු නඩු තීන්දුවක්.මන්දයත් පසුගිය අප්‍රියෙල් මාසයේ වුණ මිනීමැරුමකට මෙතරම් ඉක්මනින් තීරණයක් දීම.
මරණ දඬුවම කෙසේ වෙතත් මෙවැනි දේවල් වලට දැඩි දඬුවම් දිය යුතුයි.
මෙවැනි වැරදි වලට දිය යුත්තේ මරණ දඬුවම තමයි. ප්‍රසිද්ධියේ හිස ගසා මරා දැමිය යුතුයි.
අපේ ජනාධිපතිනම් මේ වගේ මිනීමරුවෙක්ව නිදහස් කරන්න කල්පනා කරගෙන ඉන්නවා.
"බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය තරුණියගේ පවුලේ සාමාජිකයන් හමුවී වරදකරුවන්ට කඩිනමින් දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වී තිබිණ" - එහෙ හිටියේ නැද්ද වැරදිකාරයින්ට දඬුවම් දෙන්නේ ෂෙයික් හසීනාද...?
ඒකනේද කියන්නේ ෂරියා නීතියට අනුව දඬුවම් දීලා තියෙන්නේ...? පහුගිය දවස්වල මම හිතන්නේ ලංකාවේත් එම දඬුවම් දුන්න ඒක අගමැතිට, ජනපතිට වෙනස් කරන්න බැහැනේ... දෙවියන් වහන්සේගේ අනුමැතිය තියෙනවනේ...
කොහොමද කට්ටිය එකතුවෙලා මෙහෙත් මද්රසා පාසලක් පටන් ගත්තා නම්.
බෞද්ධ රාජ්‍යක් වූ බංගලාදේශයේ අද තත්වය මේකයි.
බංග්ලාදෙසේ ඉන්නවා මුදලට යට නෙවුණු නඩුකාර උත්තමෙක්..ඒ ගැන සන්තොසයි..අපේ නම් විදුහල්පති ඇමතිගේ නෑයා නැත්නම් හොදම යාලුව නේද අහන්නෙත් ඇමතිය කියන දේ