(නිමන්ති රණසිංහ)
නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වෙමින් ලෝටස් වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්වූ විශ්ව විද්යාල සිසුන් 53 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා අද (25) නියෝග කළේය.
මෙහි 10 වැනි සැකකරු වූ විශ්ව ධනංජය සිල්වා යන අය පමණක් ලබන වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.
10 වැනි සැකකරු මින් ඉහත දී ද මෙවැනිම නඩුවක සැකකරුවකු ලෙස ඇප මත සිටි බැගින් පෙර වැරදි අනාවරණය වන බව සළකා අධිකරණය එලෙස නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. මං මේ බයේ හිටියේ මීට පස්සේ අපට පාරවල් අවහිර නොවී ගෙදර යන්න ලැබෙයි කියලා. එහෙම වෙලාවට ගෙදර ගියා නම් කරන්න දේකුත් නැහැනේ. දැන් ඉතින් පුරුදු පරිදි පාරවල් ඇරෙනකම් උඩ බලාගෙන ඉන්න පුළුවන්.මල්ලිලා හෙට ඉඳන් ආයේ වැඩ පටන් ගන්න ඕන හොඳේ.
මේ නරි රැල දිගටම කූඩුවේ තියන්නයි තිබුණේ නිදහස් නොකර...
කරුණාකර මේ අයගේ ඡායාරූප, නම්ගම් දමා මහජනතාවට තමන් ගෙවන බදුමුදල් කාබාසිනියා කරන එවුන් පිළිබඳව තොරතුරු දැනගැනීමේ අටමගල යටතේ ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. එමගින් මොවුන්ගේ ගම්බිම් ප්රදේශ අහිංසක බදුගෙවන පුරවැසියන් හට දැන ගැනීමට හැකිවනු ඇත.