(ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනට එක්ව සිටි සිසුන් 50 දෙනෙකු කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිසුන්ට අද දහවල් කොළඹ ලෝටස් වටරවුම ආසන්නයේ දී කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල විය.
අනතුරුව සිසුන් එම ස්ථානයේ වැඩිදුරටත් රැඳී සිටීම හේතුවෙන් පොලිස් කැරලි මර්ධන ඒකකය විසින් ඩී. ආර්. විජේවර්ධන මාවත තෙක්ම සිසුන් පසු පස හඹා ගොස් ඔවුන් පළවා හැරීමට කටයුතු කර තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අන්තරේ ඉන්න එක මිහරෙකෙක්වත් කතා කරාද රුහුණු සරසවියේ නවකවදය නිසා ජිවිතේ විනාශවුනු ඒ තම සහෝදර සිසුවා ගැන? එමගින්ම පැහැදිලිවන්නේ කුමක්ද? මෙම අන්තරේ ඉන්න අය දියවන්නාවේ ඉන්න අයගේ අතකොලු බව නොවේද ? මෙම මි හරකුන්ට ඕනේ කෙසේ හෝ සාමාන්‍ය ජනතාවට කරදර වෙන ලෙස හැසිරීම නොවේද ? කරුණාකර ආරක්ෂක අංශවලින් අප ඉල්ලා සිටින්නේ අන්තරේ ඉන්න නායක මිහරකුන් සොයා සොයා ගොස් මොවුන්ව සමාජයෙන් ඉවත් කර අහිංසක සරසවි සිසුන්ට තමන්ගේ ඉගෙනීමේ කටයුතු කරගැනීමට ඉඩ සලස්වා දෙන ලෙසය.
විශ්ව විද්‍යාලවල නවක වදය, දූෂණය කිරීම දක්වා පැතිර තිබෙන බව රුහුණෙන් කියවුණා. අවුරුද්දකට නවක සිසුන් 2000ක් විශ්ව විද්‍යාල හැරදමා ආපසු යන බවත් කියැවෙනවා. නිදහස් අධ්‍යාපනය රැකගන්නයි කියමින් උද්ඝෝෂණය කරන මේ කවුරුවත් නවකවදය තුරන් කිරීම ගැන හෝ නිදහස් අධ්‍යාපනය එපා කියලා හැරිලා යන සිසුන්ගේ ඉගෙනීමේ අයිතිය ගැන හෝ කතා කරනවද? බංකොලොත් දේශපාලුවන් අතලොස්සකගේ ඉත්තන් හැටියට දඟලන රූකඩයන් විනා සැබෑ ශිෂ්‍යයන් මෙතන ඉන්නවද?
උද්ඝෝෂණය කරමින්, ඉගෙන ගන්න කෙනාගේද අවස්ථාව නැති කරමින්, බදු මුදල් නාස්ති කරමින් ඉන්න මේ රටටම මුස්පේන්තු කල්ලිය උදේකට දැක්කොත්, එදා වේල හොයාගන්න මහන්සි වෙන මිනිහට වතුරවත් නැහැ. කියන්න ඇත්තේ එපමණයි...
සරසවි වල ධාරිතාවය දෙගුණ කරන්න පුළුවන්... මුලින් කණ්ඩායමක් ගන්නවා. එයාලා පිකටින් කරන්න පාරේ දානවා. පස්සේ කණ්ඩායමක් අරන් උගන්වනවා. අර මුල් කණ්ඩායම දිගටම පාරේ ඉන්නවා දෙවැනි කණ්ඩායමට උගන්වනවා. හැබැයි දෙවෙනි කණ්ඩායමෙන් මුදල් අයකළ යුතුයි.
ඔය එක මීහරකෙක්ටවත් ඇප දෙන්න එපා. මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙද්දී හරක් වැඩ කරනවා. මැතිවරණ නීතිය යටතේ නඩු දාන්න ඕන. එතකොට ඔය අමාරුව හරියනවා.
රටේ හැම ප්‍රශ්නයකටම වග කිවයුත්තෝ මේ අය.
මොන විකාර වැඩද මල්ලි මේ. අපිට ටික කාලයක් ඔවා කරයි. හැබැයි ඉක්මණට තේරුනා. අපි හිටපු කාලේ ශිෂ්‍ය සංගම් නායකයාගේ ගේම් පට්ට යුඑන්පි කාරයෙක්. ඔක්කෝම කරන්නේ රඟපෑම් තමායි.
නවක වදය කියා අවුරුද්දක් පුරා ඔය වද තිස් දෙකම අලුතෙන් එන අසරණයන්ට දෙන්නේ. ඔය අන්තරේ කියන මාෆියාවේ අනු දැනුම මතයි. මේවා ඔක්කොම කරවන්නේ පෙරටුගාමියෝ නමින් හදුන්වන කණ්ඩායම විසිනි. නමුත් එහි නායකයන්ගේ දරු පවුල් ජිවත්වන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔවුන්ට ගමන් බිමන් යන්නේ අති නවීන වාහනවල. දරුවන් ඉගෙන ගන්නේ හොඳ පාසැල්වල. එහෙම තිබිලත් අපේ දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න දෙන්නේ නැහැ.දරුවෙක් විශ්ව විද්‍යාලයට යනකම් ටියුෂන් එකට ලක්ෂ ගණනක් වියදම් වෙනවා.ටියුෂන් මුදලාලිලාත් ඔය විශ්ව විද්‍යාල වලින් උපාධි ගත්ත පුද්ගලයන්. ඔවුන්ගේ සමාජවාදය තිබෙන්නේ ඇතුලේ ඉන්න විට පමණි. විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා ටියුෂන් කඩ දෙක තුනක් දැම්මට පස්සේ යන්නේ ප්‍රාඩෝ වල. හොයන්නේ කෝටි ගණන්. මෙච්චර විශාල වියදමක් දරලා විශාල දුකක් විඳලා දරුවා විශ්ව විද්‍යාලේ යවන අපට අවශ්‍ය දරුවට නිවී සැනසිල්ලේ ඉගෙන ගන්න. කරුණාකර දේශපාලනය ඔය විශ්ව විද්‍යාල වලින් තුරන් කරන්න. මේවා ක්‍රියාත්මක කරන නායකයන් කරුණාකර සමාජයෙන් ඉවත් කරන්න.
මේ අය ගැන අපට කිසිම දුකක් නෑ.. අහිංසක දරුවන් සරසවියට ගියාම මේ වගේ අය තමයි ඒ දරුවන්ට වද දෙන්නේ... මේ කණ්ඩායම් සමාජයෙන් අතුගාලාම දාන්න ඕනෑ..
අනාගත දරුවන් ගැන හිතලා මේ පාහරයන් සමාජයෙන් ඉවත් කරන්න රටේ සියලුම දෙමාපියන් එක්වන්න ඕනෑ. මේක මහා පිළිලයක්.. දේශපාලකයින් මේ ගැන නිහඬ ඇයි? මේවා තමයි රටේ ප්‍රශ්න දේශපාලන වේදිකාවේ මේවා කතා කරන්නේ නැත්තේ ඇයි, ඒ ඇත්තන්ගේ දරුවන්ට පිටරට සරසවි...? මේවා වෙනුවෙන් තමයි රටේ සංගම් ඇති වෙන්න ඕනේ.., අම්මේ තාත්තේ නිහඬව හිටිය ඇති අපේ දරුවන්ගේ මේ අය වහා පන්නා දැමිය යුතුයි...