(ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
සිසුන් කොළඹ ලෝටස් වටරවුම ආසන්නයේ විරෝධතාවයෙහි නියැලී සිටියදී මෙම ප්‍රහාරයට ලක්විය.
සිසුන් තවමත් ඒ ආසන්නයේ රැදී සිටින අතර ඔවුන් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටිති.
ජීවන වියදමට සරිලන මහපොළ ශිෂ්‍යාධාර වාරිකය ඉහළ දමන ලෙස ඉල්ලා මෙම විරෝධතාව ඇරැඹිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර අන්තරේ නැමති බුරුවන්ගේ සමිතියේ ඉන්න නායකයන් හඹාගොස් ඇඩ්රස් නැතිවෙන්නම දෙනමෙන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින්නෙමු. මොවුන් විනාශ කරන්නේ ඔබේ, අපේ බදු මුදල් බැවින් කිසිදු බුරුලක් නොදෙන ලෙසද අපි ඉල්ලා සිටින්නෙමු. මෙය මහජන මුදල් විනාශ කිරීමකි. හැමවිටම දියව් දියව් කියන මේ පිරිස තමන්ටත් වැඩක් නැති රටටත් බරක් ලෙස හැසිරෙන පිරිසකි.
මේ අන්තරේ හිටපු කෙනෙකුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවලු. එයා දිනුවොත් කොහොම හිටීද?
ඇත්තටම මීළඟ රාජ්‍ය නායකයා අනිවාර්යෙන්ම ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල වල දේශපාලන මුහුණුවරකට ඇති සමිති-සමාගම් සියල්ලක්ම තහනම් කළ යුතුයි. ඒ වගේම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන කාට හෝ යම්කිසි ප්‍රශ්නයක් ඇත්නම් ඒ බව ඍජුවම රාජ්‍ය නායකයාට දැනගත හැකි කාර්යක්ෂම වැඩපිළිවෙලක් සෑදිය යුතුයි. ලංකාවේ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබන පුහු මාන්නයක් ඇති මේ සිසුන් දන්නේ නැහැ මේ උද්ඝෝෂණ නිසා තවත් සිසු පිරිසකගේ කාලය නේද මාස හෝ වසර කිහිපයකින් හරි දික් වෙන්නේ කියලා...