( දිල්රුක්ෂි ග්රේ්රු)
මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස සමන් ශ්‍රී රත්නායක මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.
මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමැතිය සඳහා සමන් ශ්‍රී රත්නායක මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කර තිබිණි.
ව්‍යවස්ථාදායක සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කෝ දෙන්නෙක් මොකටද? එක්කෙනෙක්ට ඔය වැඩේ කරන්න බැරිද සහයට තනතුරක් දෙකක් දාල? අනික මැතිවරණ කොමිෂන් සභාව සහ ස්වාධීන මැතිවරණ සභාව කියන්නේ දෙකක්ද, මොනවටද දෙකක්. අපරාදේ රටේ සල්ලි.
සෑම් මහතා හරි. දියුණු රටවල මැතිවරණ වැඩ කරන්නේ ස්වේච්ඡා සේවකයන්. මැතිවරණයක් සඳහා දින නියම කළවිට ඔවුන් තම නිත්‍ය රැකියාවලින් නිවාඩු අරගෙන මැතිවරණ වැඩ කර එය අවසන් වූ විට තම නිත්‍ය රැකියා වලට යති. ඒකට ලංකාවේ. මැතිවරණ වැඩේත් වවාගෙන කනවා.