(ජයන්ත සමරකෝන්)
කොළඹ මහ නගර සීමාව තුළ තෝරා ගත් ප්රදේශ කීපයක ක්රියාත්මක රථ ගාල් කිරිමේ ස්වයංක්රීය ගාස්තු අය කිරිමේදී සිදුවන ආසාධාරණ මුදල් සම්බන්ධ පැමිණිලි 60,000 ක් පමණ මේ වනවිට නගර සභාවට ලැබී ඇතැයි නාගරික මන්ත්රී සුමිත් පස්සපෙරුම මහතා පැවසීය.
ගාලු පාර හා ඒ අවට අතුරු මාර්ගවල 2015 සිට ක්රියාත්මක වන මෙම ගාස්තු අයකිරිමේදී සිදුවන අසාධාරණ දඩ මුදල් සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි මත 2018 වන දිනක සිට එම දඩ මුදල් අයකිරිම නගරාධිපතිනිය විසින් අත්හිටවනු ලැබූවද එය නැවතත් රහසේම ක්රියාත්මක වන බවද මන්ත්රීවරයා කීය.
ඉතිරි මුදල් ලබා නොදීම ඇතුළු පැමිණිලි මේ අතර වන බවද දින 56 ක් ඇතුළත නොගෙවන දඩ මුදල රුපියල් 25000 ක් බවද හෙතෙම අනාවරණය කරයි.
මෙම ගාස්තු ක්රමයෙන් ලැබෙන සමස්ත ආදායමෙන් නගර සභාවට ලැබෙන්නේ සියයට 48 ක් බවද ඔහු පෙන්වාදෙයි.
මේ පිළිබඳව ඉකුත් 30 දා පැවති මහ සභාවේදී ද කරුණු හෙළිකළ බව ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ජනතාවගෙන පැමිණිලි 60000ක් ලැබෙනකන් නගර සභාවේ මහජන නියෝජිතයෝ මොනවද කලේ?
මහජනතාවගෙන් පැමිණිලි 60000 ක් ලැබෙනකල් නගර සහාවේ මහජන නියෝජිතයන් මොකද කළේ?
මේ තරම් පැමිණිලි තියනවනම් කොහේ හෝ වැරැද්දක් තියෙන්න එපැයි. ඒ ගැන සොයා බලන්න නගරාධිපතිනියට නුවණ පහළ වේවා!!!!.
මේ ගෙවන ගණන් වල ලොකු ප්රශ්නයක් නෑ. කල යුත්තේ ගෙවන ක්රමය මහජනයාට පහසු කරන එක සහ හරිහමන් විදියට ගෙවන පාර්කින් කොටසක් කියලා පැහැදිලිව සටහන් කරන එක. උදාහරණයකට ඔවුන්ට පුලුවන් වෙන පාටකින් ඉරක් අදින්න එම කොටසේ සහ දිගට බෝඩ් එකක් ගහන්න. මේවා අමාරු වැඩ නෙවේ. නුසුදුසු ආයතන වලට මේවා කරන්න දෙන එක තමා මේ ලොකුම අවුල වෙලා තියෙන්නේ.
1. ලොකුම පැමිණිල්ල නගර සභාවට මේ දඩ මුදල් 48% පමණක් ලැබීම. 2. 2018 දී මෙය තහනම් කලා නම් නගර සභාවේ අය මොකද මේකට මෙතෙක් කලේ ? මේකෙන් කාගේ හරි හොද්ද බොර වෙනවා වගේ. ජනතාව පෙල ගැසීමට කාලය හරි මේ හොරු වෙනුවෙන් ....
බොහෝ අය මෙම ක්රමය ගැන දැනුවත් නැහැ ඉතින් නොදැනිම දඩ කොළයක් ලියැවෙනවා. ඒක ගෙවා ගන්න ගියාම ඊටත් වඩා කරදරයි..මම අවස්ථා දෙකකදී මේ කරදරේ වැටුණා ඉතින් මේ වගේ පැමිණිලි ලැබෙන එක සාධාරණයි..