
(ඩී.ජි.සුගතපාල)
යක්කලමුල්ල වල්පොල මායාකඩුව ප්රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක අද(5) අලුයම හට ගත් ගින්නකින් එම ගොඩනැගිල්ල විනාශවී ඇතැයි පොලීසිය කියයි.
ගොඩනැගිල්ලේ එක කොටසක වෙළඳ සලක් පවත්වාගෙන යන අතර අනෙක් කොටසේ නිවැසියන් පදිංචිව සිට ඇතැයි පොලීසිය පවසයි.
අලුයම තුනට පමණ ගින්න හටගෙන ඇති අතර සිද්ධිය වාර්තාවිමත් සමඟ එම ස්ථානයට ගිය යක්කලමුල්ල පොලිසිය ඇතුලු අසල්වැසියන් ගින්න නිවා දැමිමට කටයුතු කළේය.
ජිවිත හානි කිසිවක් සිදු නොවි ඇති අතර , ගින්නට මෙතෙක් හේතුව සොයාගැනීමට නොහැකිවී ඇතැයි කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd