වාහන ආදායම් බලපත් නිකුත් කිරීමේ දී මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයට පටහැනිව දෙපාර්තමේන්තුවට හානි දායකවන ලෙස වාහන ආදායම් බලපත්‍ර නිකුත් කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් කොමසාරිස් කාර්යාලයේ සේවකයකු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 14 October 2019
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැකගන්න ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැකගැනීමේ අවස්ථාව අද (14) ශ්‍රී ලාංකිකයින්ට උදාවන බව එම මධ්‍යස්ථානය පවසයි. 14 October 2019
යාපනයේ දූපත්වාසීන්ගේ ප්‍රවාහන කටයුතුවලට නෞකා සේවයක් යාපනය, කයිට්ස් සිට එළුවතිවු සහ අනලතිවු දූපත් සඳහා මගී ප්‍රවාහනය වෙනුවෙන් එලුතාරකයි නැමති සුඛෝපභෝගී මගී නෞකා සේවාවක් අද (14) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය පවසයි. 14 October 2019
පොලිස් දඩ කොළ සිංහල - දෙමළ - ඉංග්‍රීසි භාෂාවලින් මෝටර් රථ වැරදි සඳහා පොලීසිය ලබාදෙන දඩ කොළය ප්‍රථම වරට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පළකිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. 14 October 2019
විශ්වවිද්‍යාල සේවකයෝ සේවයට වාර්තා කරති ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ වෘත්තීය සමිති 27 ක සහාගීත්වයෙන් පැවති ඒකාබද්ධ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුව මගින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය තාවකාලිකව අවසන් කරමින් අද (14) සේවයට වාර්තා කළේය. 14 October 2019
ජනපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඇරඹේ ජනාධිපතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු ආරම්භ කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා පැවසීය. 14 October 2019
පුත්තලම - මන්නාරම පැරණි මාර්ගය වසාදමයි පුත්තලම - මන්නාරම පැරණි මාර්ගය නැවත දැනුම් දෙන තුරු අද( 14 ) සිට වසා දැමු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 14 October 2019
අණ නොතකා ධාවනය කළ ජීප් රථයකට පොලිසියෙන් වෙඩි කිලිනොච්චිය පොලිස් වසමේ අරයවිල් නගර් ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ ජීප් රථයකට කිලිනොච්චි පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වෙඩි තබා ඇතැයිද, මේ හේතුවෙන් පුද්ගලයකු වෙඩි වැදී තුවාල ලබා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 14 October 2019
සිරියාවට එල්ල කරන ප්‍රහාර නවත්වන්නැයි ප්‍රංශ ජනපති කියයි තුර්කියෙන් සිරියාව වෙත එල්ල කරන ප්‍රහාර වහාම නැවැත්විය යුතු බව ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රොන් මහතා පවසයි. 14 October 2019
හෝමියෝපති වෛද්‍ය සභාව නැවත ස්ථාපනය කිරීමට යයි වසර ගණනාවක් තිස්සේ ස්ථාපනය නොකළ හෝමියෝපති වෛද්‍ය සභාව නැවත ස්ථාපනය කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ. 13 October 2019
‘‘ගෝඨාභයට සහය දෙන්නේ ප්‍රතිපත්ති නිසයි‘‘ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් ප්රගතිශීලී සහ ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන බැවින් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හිටපු ජනාධිපතිනිය වෙත දැනුම් දී ඇත. 13 October 2019
මඩකළපුව - පලාලි - රත්මලාන ගුවන්තොටුපළවල් වාණිජ ගුවන් ගමන් වලට මඩකළපුව , පලාලි සහ රත්මලාන යන ගුවන්තොටුපළවල් කලාපීය වාණිජ ගුවන් ගමන් සඳහා විවෘත කර තිබේ. 13 October 2019
සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා දෙන බව කියා මුදල් ගත් අයෙක් අත්අඩංගුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රියදුරු හා සුළු සේවක රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් හත්දෙනෙකුගෙන් මුදල් ලබාගත් පුද්ගලයෙකු බදුරලිය ප්‍රදේශයේදී අද (13) අත්අඩංගුවට ගත්බව මතුගම පොලිසිය කියයි. 13 October 2019
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නව ලේකම් කුමාර් ගුණරත්නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස කුමාර් ගුණරත්නම් මහතා පත්වී තිබේ. 13 October 2019
සමනල වැව ජලාශය පිරීයයි සමනල වැව ජලාශය පිරීයාමෙන් සමනලවැව පෝෂණය වන වලවේ ගඟ ඉස්මත්තේ පිහිටි බටුගම්මන, තිත්තවැල්ආර, වැලිකුඹුර, වෙනිවැල්ගැට ආර, දෙකිඳ, තුන්කිඳ ආදී ප්‍රදේශ වසර දහයකට පමණ පසු ජලයෙන් යටවෙමින් පවතියි. 13 October 2019
දිගම ඡන්ද පත්‍රිකාව දැන් මුද්‍රණයේ ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් සැකසෙන අතර එය මේ වනවිට මුද්‍රණය කෙරෙමින් තිබෙන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි. 13 October 2019
රන් බිස්කට් 17 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ග්‍රෑම් සියයක බරින් යුතු රන් බිස්කට් 17 ක් සමඟ පුද්ගලයෙකු අද (13) අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 13 October 2019
යතුරුපැදිය ලිස්සා බස්රථයට යටවීමෙන් පැදිකරු මරුට කුලියාපිටියේ සිට කුරුණෑගල දෙසට ගමන්ගත් යතුරුපැදියක් මාර්ගයේ ලිස්සා ගොස් ධාවනය වෙමින් තිබූ ලංගම බස්රථයක ගැටී පැදිකරු මරණයට පත්වී ඇති බව පොලිසිය කියයි. 13 October 2019
හැගිබිස් සුළි කුණාටුව ජපානය කළඹයි ජපානයට බලපෑ හැගිබිස් සුළි කුණාටුවෙන් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් 16දෙනෙකු අතුරුදන්වී ඇතැයි වාර්තා වේ. 13 October 2019
අමතර බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි කියන්න රටේ ආදායම ණය පොලී හා වාරික ගෙවන්නත් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය හා බදුවලින් 20% කපාහැරීමටත්, ගොවීන්ට පොහොර නොමිලේ ලබාදීමටත් අමතර බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි ප්‍රායෝගිකව පිළිගත හැකි විසඳුමක් රටට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (13) පැවසීය. 13 October 2019
කොළොන්න රෝහලේ ගැටලූවට විසඳුම් ගන්න හෙට සාකච්ඡාවක් කොළොන්න රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සිටියදී වෙනත් වෛද්‍යවරියක් පසුගිය 1දා සිට එම තනතුරට පත්කර එවීමෙන් පසු සෙසු වෛද්‍යවරු එම රෝහලේ සේවයෙන් ඉවත්වීමෙන් කොළොන්න රෝහලේ සේවා කටයුතු දින 11ක් තිස්සේ අඩපණ වී තිබේ. 13 October 2019
බැඳුම්කර ගනුදෙනු ගැන වෝහාරික වාර්තා හෙළි කරන්නැයි ඉල්ලයි දැන් මහබැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනයේ වාර්තාව නොවැම්බර් 16ට පෙර රටට හෙළි කරන ලෙස විගණකාධිපතිගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා අද (13) පැවසීය. 13 October 2019
නාවලපිටිය වැස්සෙන් යටවෙයි : ගමනාගමනයට බාධා මධ්‍යම කඳුකරයට දින කිහිපයක් තිස්සේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් අදත් (13) ජලයෙන් යටවීමෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිවිය. 13 October 2019
‘මැතිවරණ නිදහස්ව පැවැත්වීමට හැකි බව ඇල්පිටිය පෙන්වා දුන්නා’ දේශපාලන පක්ෂ නායකයන් තම ආධාරකරුවන් නොපොළඹවන තාක් කල්, කවර මැතිවරණයක් වුව නිදහස් හා සාධාරණ පසුබිමක පැවැත්විය හැකිය යන්න ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයෙන් පෙන්නුම් කළ බව මැතිවරණ ප්රචණ්ඩ කි‍්‍රයා නිරික්ෂණ මධ්‍යස්ථානය එම මැතිවරණයේ නිරික්ෂණ කටයුතු පිළිබඳව අද (13) නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 13 October 2019
තහඩු බෙදන්න යාම ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්ට පමණක් බෙදාදීමට සැලසුම් කර ඇති, තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලොරි 7කින් රැගෙන ආ සෙවිලි තහඩු බෙදීම වහාම අත්හිටුවන ලෙසට උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී.එම්.ආර්.සිරිපාල මහතා විසින් අනුරාධපුර මැතිවරණ කාර්යාලට අද(13)දින පැමිණිලි කර තිබේ. 13 October 2019
එල්ටීටීඊයට සම්බන්ධ තවත් 5ක් මැලේසියාවේදී අත්අඩංගුවට එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ යැයි කියන තවත් පුද්ගලයන් පස්දෙනකු මැලේසියානු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි ‘ස්ට්‍රේට් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. 13 October 2019
ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 18 දා එළිදකී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර ඇති ප්‍රතිපත්ති ප්රකාශනය එළඹෙන 18 දා එළිදැක්වීමට නියමිත බව ඒ මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 13 October 2019
ප්‍රංශය - ජර්මනිය තුර්කියට ආයුධ යැවීම නවතයි තුර්කියට ආයුධ අපනයනය කිරීම අත්හිටුවීමට ප්‍රංශය සහ ජර්මනිය පියවර ගෙන ඇත. තුර්කිය සිරියාවේ කුර්දිවරුන්ට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ප්‍රංශය සහ ජර්මනිය එම පියවර ගෙන තිබේ. 13 October 2019
ගාල්ලේ පුරන් කුඹුරු මිරිදිය මත්ස්‍ය වගාවට ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු ඉඩම්, මිරිදිය මත්ස්‍ය වගාව සඳහා ලබාදීමට තීරණය කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. 13 October 2019
ටීඑන්ඒ තීරණය අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ පොරොන්දුව මතයි ජනපති අපේක්ෂකයින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් දෙමළ ජනතාවගේ අර්බුදයට වන පොරොන්දුව සැලකිල්ලට ගෙන දෙමළ ජාතික සන්ධානය තීරණයක් ගන්නා බව එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය. 13 October 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026