(රංජන් කස්තුරි)
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස කුමාර් ගුණරත්නම් මහතා පත්වී තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තුන්වැනි ජාතික මහා සමුළුව අද (13) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති අවස්ථාවේදී එහි මධ්‍යම කාරක සභාව මගින් ගුණරත්නම් මහතා එම තනතුරට පත්කර ගෙන ඇත.
කුමාර් ගුණරත්නම් මහතා එම තනතුරට පත්වීමට පෙර ප්‍රධාන ලේකම්ධූරයේ කටයුතු කළේ සේනාධීර ගුණතිලක මහතාය.
කොළඹ අද පැවැති එම පක්ෂයේ තුන්වැනි ජාතික මහ සමුළුවේදී සේනාධීර ගුණතිලක මහතා සංවිධායක ලේකම් , දුමින්ද නාගමුව මහතා ප්රචාරක ලේකම්,පුබුදු ජයගොඩ මහතා අධ්‍යාපන ලේකම්,චමීර කොස්වත්ත මහතා පාලක ලේකම් නිමල් මාත්තුහේවා මහතා මුදල් ලේකම් ලෙසත් පත්කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය පක්ෂයේ විරෝධතා ලේකම් කවුද? හැමදාම පාරේ පොදු කටයුතුවලට බාධා කරන ලේකම් කවුද?
ජවිපෙ ශක්තිමත් වීම නොඉවසූ අසල්වැසි රටක රහස් ඔත්තු සේවාවක අතකොලු බවට පත්වී පක්ෂයේ සම්පත්වලින් අඩක් කොල්ලකාගෙන වෙන්වී ගිය මොවුන් අද පත්වී සිටින තත්වය බලන්න. ජවිපෙ විප්ලවය අත්හැර දමා ඇති බවට චෝදනා කරමින් පක්ෂයෙන් ඉවත්වූ පෙරටුගාමින්ට අද ඔවුන්ගේ ප්‍රධාන සතුරා ලෙස පෙනෙන්නේ ප්‍රධාන ධනපති කදවුරු දෙක නොවේ; ජවිපෙ යි. එදා මොවුන් සමග ජවිපෙන් වෙන්වී ගිය පහල මට්ටමේ සාමාජිකයන් බොහෝ දෙනෙක් සත්‍ය වටහාගෙන නැවත පක්ෂය සමග සම්බන්ධ උනත් සමහරු කලකිරීමට පත්වී නිෂ්ක්‍රිය චරිත බවට පත් වී සිටිති. එහෙත් අනුර කුමාර සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග රටේ උගත් බුද්ධිමත් ජනතාව ජවිපෙ වටා පෙළගැසෙනු දැකීම සතුටට කරුණකි.
16 වෙනිදා රට පනින්න නේද ඉන්නේ? බොරු එපා...!
අපේ දරුවන්ට නිදහසේ අධ්‍යාපන කටයුතු කරගන්න තිබෙන ඓතිය විනාශ කරන බහිරවයන් කිහිපදෙනාගෙන් ප්‍රදානම එකෙක් මොහු , විශ්ව විද්‍යාල වලට ඇතුළුවන අපේ දරුවන්ට මොවුන් විසින් පාලනය කරන ශිෂ්‍ය සංවිධාන මගින් නවක වදය මුවාවෙන් වර්ෂයක් පුරාම ලිංගික , ශාරීරික , මානසික ඇතුළු මෙකි නොකී සියලු වධ තිස් දෙකම දෙනු ලැබේ ,ඉන්පසු ඔවුන්ගේ උද්ගෝෂණ ඇතුළු දේශපාලන අරමුණු ඉටු කරගැනීම සදහා පාරවල් දිගේ හරකුන් මෙන් දක්කාගෙන යනු ලැබේ , මෙහිදී ඔවුන්ට කඳුළු ගැස්, බැටන් ප්‍රහාර අඩුවක් නැතිව ලැබේ , සෛටම් වැනි පුද්ගලික විශ්ව විද්‍යාල වලටද මොහු විරුධය , නමුත් මොහුගේ දරුවෝ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබති . ඊනියා සමජවධි දේශපාලනය කරන මොහු ගියවර අමාරුවේ වැටුන විට බේරාගැනීම සදහා ධනවාධි ඔස්ට්‍රේලියාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් මැදිහත් විය , ලංකාවේ සිසුන් විශාල පිරිසක් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබති , ඒසදහා විශාල මුදලක් ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ඇදී යනවා , මට සාධාරන සැකයක් ඇති වෙනවා මොහු , ලංකාවේ උසස් අධ්‍යාපනය විනාශ කිරීමට ඔස්ට්‍රේලියාව විසින් භාවිත කරන රහස් ඔත්තු කාරයෙක්ද යන බව .
ඔව් ඔව් පිටිගල අයියේ මෙයාට මේදවස්වල හීනෙන් සුදුපාට වාහනමලු පෙන්නේ.
ධනවාධි ඕස්ට්‍රේලියාවේ සුර සැප විදිමින් අපට ලංකාවේ සමාජ වාධය ගැන පාඩම් උගන්වන්න එන මෙවැනි බොරුකාර ලෝක හොරුන්ට අහු වෙනවද නැද්ද යන්න තීරණය කිරීම සරසවි සිසුන් වන ඔබට භාරය . බොරුවට පාරවල් වල රස්තියාදු වෙන්නේ , කඳුළු ගෑස්, බැටන් පොලු පාරවල් කන්නේ නැතුව , බහුභූත නවක වද විදින්නේ නැතුව , කුමාර ගුනරත්නම්ගේ දරුවා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නවා වගේ ලංකාවේ ඔබටත් ඉගෙන ගන්න පුලුවනම් කොපමණ හොඳද ? ඔබගේ විමුක්තිය ඔබල විසින් සලසා ගත යුතුය , සියල්ලෝම එකතුවෙලා මේ මහා හොරා සහ උන්ගේ අනුගාමිකයන් සියල්ල ලංකාවේ විශ්ව විද්‍යාල වලින් එලව දැමිය යුතුය .