
(යොහාන් භාසුර)
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ජූනි) සංශෝධනය නොකරන බව ලාෆ් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා අද (5) නිවේදනය කළේය.
ඒ අනුව ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 6,245 ක සහ කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 2,500 ක තව දුරටත් පවතින බවත් ඒ මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළවල අඛණ්ඩ අස්ථාවරත්වය සහ ගෝලීය ගෑස් ප්‍රසම්පාදන සහ සැපයුම් පිරිවැය ඉහළ යාමේ පීඩනය නොතකා දේශීය ගෑස් මිල නොවෙනස්ව පවත්වාගෙන යන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd