(ඩී.ජී.සුගතපාල)
පුරාවිද්‍යා අධ්යක්ෂවරයාගේ නිසි අවසරයකින් තොරව ගාලු කොටුවේ ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කිරීමේ චෝදනාවට වරද පිළිගත් කාන්තාවකට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රුපියල් 50,000ක දඩයක් නියම කළේය.
මෙසේ දඩ නියම වූයේ ගාල්ල ක්‍රිප්ස් පාරේ ගයනි තරංගා එදිරිසිංහ නමැති විත්තිකාරියකටය.
විත්තිකාර කාන්තාව ගාලු කොටුවේ තරුණ බෞද්ධ සමිති ගොඩනැගිල්ලේ කඩ කාමරයක් අවුරුදු 15කට බදුගෙන සිටියදි එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයට යන පඩිපෙළ අලුත්වැඩියා කර ඇත. මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා සහකාර කොමසාරිස් කාර්යාලය කළ පැමිණිල්ලක් අනුව ගාල්ල පොලිසියේ පුරාවිද්‍යා ඒකකය මෙම නඩුව පවරා තිබිණි.
විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කියාසිටියේ ඇය කිසිදු පුරාවස්තුවකට හානියක් කර නොමැති අතර පඩි පෙළ අලුත්වැඩියා කර ඇති බවය. එය යහපත් චේතනාවෙන් කර ඇති බවද නීතිඥවරු කියා සිටියහ.
ගාල්ල පොලිසියේ පුරා වස්තු ඒකකයේ ස්ථානාධිපති පෙලිස් පරික්ෂකගලප්පත්ති මහතා පැමිණිල්ල මෙහයවන ලද අතර විත්තිකාරිය වෙනුවෙන් ප්‍රදීප මදනායක, ඒ.පී.ජී.සරත්චන්ද්‍ර වේරහැර, අවන්ති තරංගා හැන්නදි යන නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් පනස්දාහක වියදමකින් පුරාවිද්‍යා අධ්‍යක්ෂකගේ අවසරය ගන්න පුලුවන්ද ?? ලියන ලියුම් වල මුද්දර ගාස්තුවටම ඊට වඩා මුදලක් යාවි. එහෙම කරලත් අවසරය ලැබෙන කාලය වෙනකොට අවසර ඉල්ලපු තැනැත්තාගේ මී මුණුපුරන්ට තමයි පඩිපෙළ අලුත්වැඩියා කරන්න වෙන්නේ.
පැරණි ගොඩනැගිල්ලේ තිබු පරණ පඩිපෙළ අනාරක්ෂිතයි නම්, එය අලුත්වැඩියා කිරීමේ වරදක් නැති බවයි මගේ අදහස.
මේ මොන අපරාධයක්ද? අර අම්පාරෙ පුරාවිද්‍යා ගොඩනැගිලි පිටින් බැකෝ කරලා බිමට සමතලා කරනවා. මේ තරප්පු පෙළ කඩා විනාශ කළා නොවේ. අලුත්වැඩියා කළා.