(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරින් පස්දෙනෙකුට දී ඇති දඬුවම් ස්ථාන මාරුවක් අවලංගු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව නියෝග කර ඇත.
කාර්යංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ට ඉකුත් සැප්තැම්බර් 4 වැනිදා ලබා දී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ඇතුළු ස්ථාන කිහිපයක පැවැති විවෘත කිරීම් කිහිපයක ආවරණ කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් කළ නියෝගයක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.
එම නිලධාරීන් වව්නියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර පොලොන්නරුව හා දඹුල්ල යන ප්‍රාදේශීය කාර්යාලවලට මාරු කර යවා තිබිණි.
මෙම ස්ථාන මාරු අත්හිටුවා ඒ පිළිබඳ ගෙන ඇති කි‍්‍රයා මාර්ග පිළිබඳව තමන් වෙත දන්වා එවන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් කාර්යංශය වෙත ලිපියක් යවා ඇති අතර ස්ථාන මාරු අත්හිටුවා ඇති බැවින් වහා පෙර සේවය කළ මාධ්‍ය අංශය වෙත වාර්තා කරන ලෙස දන්වමින් කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (පරිපාලන හා මහජන සම්බන්ධතා) විසින් අදාළ නිලධාරීන් වෙත දන්වා යවා ඇතැයි කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන මාරු.
ආණ්ඩුව කුජීත වේ.ලැජ්ජයි.ලැජ්ජයි.
පුතනෝ නොදැන වෙන දේවල් තමා ඉතින් .
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට වඩා වැඩි සේවකයන් පිරිසක් විදේශ සේවා කාර්යංශයේ වැඩ කරනවා. කොපමණ රාජාකාරී වාහනද? නිලධාරීන් නිතරම කයිවාරු ගහගෙන නිකම් ඉන්නවා. ඒ අයට කියලා වැඩක් නැහැ. ඇමතිවරුන් මාරු වන තරමට අලුත් පත්වීම් දී තිබෙනවා. මේවා විදේශ සේවා කාර්යංශයට ගියාම අපට සාමාන්‍යයෙන් දැකිය හැකි දේවල්.
මනූෂට කොහොමද එහෙම බලයක්. මේවා අත්සන් කල නිලධාරියාටත් දඩුවම් දෙන්න. රාජය දේපල අවභාවිතා කරන මේ අයට දඩුවම් දෙන්න.
අයියෝ රට. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට වඩා වැඩි සේවකයන් පිරිසක් විදේශ සේවා කාර්යංශයේ වැඩ කරනවා. කොපමණ රාජාකාරී වාහනද? නිලධාරීන් නිතරම කයිවාරු ගහගෙන නිකම් ඉන්නවා. මනූෂට කොහොමද එහෙම බලයක්. මේවා අත්සන් කල නිලධාරියාටත් දඩුවම් දෙන්න