(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බිරිඳගේ සිරුරට පෙට්රල් දමා ගිනිතබා ඝාතනය කර වයස අවුරුදු තුනයි මාස හයක් වයසැති දියණියව එම ගින්නට තල්ලු කර දමා මිනී මැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකුට පානදුර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (11) මරණ දඩුවම ලබා දීමට නියෝග කළේය.
මෙලෙස මරණ දඩුවම හිමිවුයේ මොරටුව කේ.එම් ප්‍රනාන්දු මාවතේ පස්වන පටුමගේ පදිංචි අරුණ ශාන්ත මෙන්ඩිස් නැමැති 35 හැවිරිදි පුද්ගලයෙකි.
මරණ දඩුවමට අමතරව සැකකරුට තිබූ දෙවැනි චෝදනාවට වසර දහයක සිර දඩුවමක් මෙන්ම රුපියල් දස දහසක දඩ මුදලක් ගෙවන ලෙස විනිසුරුවරයා වැඩි දුරටත් නියෝග කළේය.
මෙලෙස ඝාතනයට ලක්වුයේ චන්දි ප්‍රියංගිකා පීරිස් නැමැති 23 හැවිරිදි එක් දරු මවකි.
2009.05.18 දින සැකකරු බිරිඳ සහ දරුවා සමඟ පානදුර ගොරකාන නිවසක පදිංචිව සිටියදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැකකරු බිරිඳගේ සිරුරට පෙට්රල් දමා ගිනි තබා ඝාතනය කර අවුරුදු තුනයි මාස හයක් වයසැති දියණියව එම ගින්නට තල්ලුකර බරපතල තුවාල සිදු කිරීම සැකකරුට එල්ල වූ චෝදනාවයි.
එම සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව සහ දරුවා කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර දින හතරකට පසු කාන්තාව මියගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2009 මිනී මරපු එකට දඬුවම් දෙන්නේ 2019. සුද්දන් වෙනුවෙන් නිර්මාණය වුන මේ ක්‍රමය වෙනස් කලයුතුය.
අපේ මිනිසුන් මේ තරම් කෘරද?
...සුද්දාන්ට බැනලා වැඩක් නැ. සුද්දගෙ රටේ මාස හයෙන් නඩු අසා දඩුවම් දි් නඩු ඉවර කරනවා...