(හර්ෂණ තුෂාර සිල්වා)
බැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව කෙරෙන වෝහාරික විගණන නොවැම්බර් මැද භාගයේ දී අවසන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (11) පැවැසීය.
ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ අනුව බැඳුම්කර නිකුත් කිරීම සහ සේවක අර්ථ සාධක අරමුදලේ ගනුදෙනු සම්බන්ධයෙන් මෙම වෝහාරික විගණන සිදුවන බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.
ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ අද (11) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම කරුණු සඳහන් කළේය.
ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ අනුව වෝහාරික විගණන හයක් සිදුවන බවත් ඉන් පහක් ලබන මස මැද වනවිට අවසන් වන බවත් අනෙක් වෝහාරික විගණනය අවසන් කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් දැනට තිබෙන අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වූ පසුව බවත් හෙතෙම කීවේය.
වෝහාරික විගණන අවසන් වීමෙන් පසුව අදාළ වෝහාරික විගණන මුදල් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යවන බවත් ඔහු කීය.
2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ අතර එහි නිර්දේශ මත ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂඥ සහාය ඇතිව මෙම වෝහාරික විගණන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පච්චියේ මේ හාදයා මොනවද මේ කරන්න යන්නේ? ඕක මේ වෙලාවේ එළියට අාවොත් පොඩිඑකාගේ වේදිකාවට කථිකයන් නැතිවෙනවා. අනේ අහිංසක හොරු ටික කොච්චර දැහැමින්, කෙමෙන් රට පාලනය කළාද? තව කෝප් කමිටු වාර්තාත් එළියට එනවා. ඒවායේ ගණන් ඉලක්කන් වලින් ලියන්න බැහැ හරි පුදුමයි නේද?
රටට පිළිගත හැකි වෝහාරික වාර්තාව එනකම් ජනතාව උනන්දුවෙන් බලාසිටිනවා... චූදිතයන්ට දඬුවම් කරන්න.
වෝහාරික විගණන මොන එකද නොවැම්බර් මැද අවසන් කරන්නෙ? අර්ජුන්ගෙ බිලියන 11 එකද නැතිනම් කබ්රාල්ගෙ බිලියන 583 එකද?