(අජන්ත අගලකඩ)
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ගිවිසුම් දෙකක් ලබන 09 වැනිදා (බදාදා) අනුරාධපුරයේදී අත්සන් කිරීමට නියමිතය. එක් ගිවිසුමක් ශ්රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතරද අනෙක් ගිවිසුම ශ්රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතරද අත්සන් කිරීමට නියමිතය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර අද (05 වැනිදා) රාත්රියේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇතැයි වාර්තාවේ.
ඒ අනුව ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවනු ඇති අතර ඉන් අනතුරුව පැවැත්වෙන මහ මැතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ, එක්ව පුටුව ලකුණ යටතේ තරග කිරීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.
දෙපාර්ශ්වය එක්ව ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවන අතර ඊට අදාළ ගිවිසුම ලබන බදාදා අනුරාධපුරයේදී අත්සන් කෙරෙනු ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන මහත්තයෝ, දුෂණ චෝදනා තියෙන බවට නම් දරා ඇති කට්ටිය දැන් සුදනෝ වෙලාද? අර ශ්රී ලන්කන් මිහින් ලංකා වගේ කොමිෂන් වල නිර්දේශ එහෙම කුණු කුඩේට යයිද?
මෙතුවක් කල්ම සියලු සාකච්ඡා අසාර්ථක වුනා වගේම ඔය ගිවිසුමත් අසාර්ථක වේවා !
දෙපැත්තට අදිනවට වඩා එකට ඉන්න එක රටට හොඳ වෙයි. මෛත්රී මහින්ද එකට හිටපු අයනේ. අනෙක මේවා දේශපාලු වැඩනේ. ගණන් ගන්න එපා.
ගෝඨ ජනපතිවරණයට ඉදිරිපත් වීම ගැන ශ්රී ලංකාවේ නීතිගරුක පුරවැසියන්ට කිසිම ගැටළුවක් නැත. එය ඔබේ පරම අයිතිය වන අතර ඔබව තෝරා ගැනීම හෝ නොගැනීම රටේ ජනතාවගේ කාර්යයකි. ඒ තීරණය කවරක් වුවද අප එයට හිස නමා ආචාර කරමු. එහෙත් ඔබ නීති ගරුක රටක් බිහි කිරීමට එන්නේ අප රටේ උත්තරීතර මූලික නීතියටද සරදම් කරමින් හා එය චේතනාන්විතව උල්ලංඝණය කරමිනි. එනිසා ඔබ ජනාධිපති ධූරයට තරඟ කිරීමටත් ප්රථම ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයකට සුදුසුකම් සපුරන්නට යන්නේය. ඔබ ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගෙන ඇත්නම් ඒ ඉවත් කිරීමේ සහතිකයද එහි වලංගුතාවය සනාථ කළ හැකි අන් ලියවිල්ලක්ද රැගෙන හත් වෙනිදා නාම යෝජනා බාර දෙන්නට එන්නේ නම් නීතිගරුක සියලු ශ්රී ලාංකික පුරවැසියන් ඔබව පිළිගනීවි. එහෙම නොවුනොත් එය බරපතල කාරණයකි.
ශ්රී ලංකාවේ දේශපාලකයෝ විලි ලැජ්ජා රහිත විශේෂ පුද්ගල කොට්ඨාසයක් බව මොනවට පැහැදිලි කරන තවත් එක් ඛේදනීය අවස්ථාවක්. තමා මරණයට පත් කරන්නට උත්සාහ කරන පිරිසක් සිටින බව පවසා මෙරට ජනයා රවටා බලය ලබාගත් පුද්ගලයා තමන්ගේ මිනීමරුවන් හා පෞද්ගලික බල වුවමනාව සඳහා එකට ගිවිසුම්ගත වෙන්නේ නම් මේ දිවයිනේ අභිවෘද්ධිය ගැන කුමන කතාද?
හොද ප්රවනතාවයක්.අපේ සුබ පැතුම්! හැබැයි හොරු නැවත ගන්න එපා.
ගෝඨගේ තවත් ජයග්රහණයක්.
හොරු සමග හෙළුවෙන්.
හොරු සමග හෙලුවෙන්.....
ඉතින් මේ රාජපක්ෂ පවුලේ අයගේ නඩු සහ එකතු වෙලා ඉන්න හොරුන්ගේ නඩුවලට මොකද වෙන්නේ?
බොරුවැඩ මේවා