(ඩයනා උදයංගනී)
පොහොට්ටුව ලකුණ වෙනස් කිරීමට නීතිමය බාධාවක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගෙන ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (6) පැවසීය.
මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ ඇප බැඳ ඇති නිසා එය වෙනස් කරන්නට ගියහොත් යළිත් උසාවි යාමට සිදුවනු ඇතැයිද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයා වෙත හිමිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීමේ අවස්ථාවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
පොහොට්ටුව ලකුණ වෙනස් කළ නොහැකි බව ශ්රීලනිපය පිළිගත් බව මහින්ද කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් පක්ෂය පටන් ගත්ත දවසෙම ඉපදුනේ මේකෙන්ම හැදිලා, මේකම කාලා මේක ගිනිතියාගෙනම යන්නං කියලා පතාගෙනම වෙන්න ඇති, මම හිතන්නේ...
මොකෙන් ආවත් ගෝටාබය පරාදයි
පොහොට්ටුව කවදාවත් මේ රටේ නෙලුම් මලක් වෙලා පිපෙන්නේ නැහැ. තව අවුරුදු පහක් යනකොට මහින්ද වියපත් වී දේශපාලන පිටියෙන් ඉවත් වූ පසු පොහොට්ටුවද මැලවී යනවා.
නීතිය හිතෙන හිතෙන හැටියට වෙනස් කරන්න බාධාවක් තියෙනවද?
එහෙනම් එච්චරයි. දැන් දෙගොල්ලම එකතුවෙලා පොහොට්ටුව පිපෙන්න කටයුතු කරන්න.
ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය දැන් අධිකරණය පිළිගෙන තිබේ. දැන් ඔහුට ඇත්තේ නාම යෝජනා දෙන අවස්ථාවේදී තමන් වෙනත් රටක පුරවැසියෙකු නොවන බව සැකයකින් තොරව ඔප්පු කිරීමය. නැත්නම් වෙන්නේ ගීතා කුමාරසිංහට වුණුදේමයි. ඇමෙරිකාවේ පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයන් තවදුරටත් ඇමරිකානු ආණ්ඩුවට බදු ගෙවියයුතු නැත. ඇමෙරිකාවේ බදු ගෙවීමෙන් ඉවත් කළ අයගේ නාම ලේඛනයේ තවමත් ගෝඨාගේ නම සඳහන් නොවේ. ඇමරිකානුවෙක් පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ සහතිකය ලබාගත් යුත්තේ තමන් යළි පුරවැසිභාවය ලබන රටේ ඇමරිකානු තානාපති කාර්යාලයකිනි. එහිදී අලුත් දිවුරුමක් දී ලබාගන්නා සහතිකයේ එය ලබාදුන් නිලධාරියාගේ නම සහ දිනය සඳහන් විය යුතුය. ගෝඨාභය ජනාධිපතිවරණයට නාමයෝජනා බාර දෙද්දී එවන් පිළිගත හැකි සාක්ෂි සහිත සහතිකයක් මැතිවරණ තේරීම් භාර නිලධාරියාට ඉදිරිපත් කළ යුතුය. ඒ දැන් ඔහු ද්විත්ව පුරවැසියෙක් බව අධිකරණය විසින් සනාථ කර ඇති බැවිනි. රාජපක්ෂලා ඊයේ අවසාන මොහොතේ ‘ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය’ නම් ලියාපදිංචි නොකළ පක්ෂයකින් චමල්ගේ නමට ඇප මුදල් බැන්දේ ගෝඨාභයගේ ඉදිරිපත් වීම ගැන ඇති අවිනිශ්චිත භාවය දන්නා නිසා මිස සාස්තර කාරයෙකු කී නිසා නොවේ.
කොහොම නමුත් අවුරුදු හැටකට වැඩි කාලයක් මේ රටේ පැවතුනු ප්‍රදාන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතුගා දැමීමේ ගෞරවය සිරිසේනට හිමි වනු ඇත.
දේවාලේ කපු මහත්තයට කිව්වේ නැත්ද? හැම නඩුවක්ම කුරුටු ගාගන්න. එ්කේ, මේ කපුවද කිව්වේ පොහොට්ටු ලාංඡනය අසුබයි කියලා... අලුත බැඳපු ජෝඩු තුනේ අකුරු ටික හරි පින්තුරයක් හරි තෝරගන්න.. මෙදා සැරේ එත් පැරදුනොත්. කපුවා කපෝති දින්නොත්. පළමුව සුදුවෑන් එකේ යන්නේ. සුමනදාස... මෙවර ඒ සෙල්ලම කරන්නේ ඔබයි.. පළිගන්නනේ වලිකන්නේ...
පොහොට්ටුවත්, මලත් අවසානයේදී පරවෙනවා.
ජයවේවා පොහොට්ටුවට..පක්ෂ, පාට අතෑරලා රටගැන හිතලා වැඩ කරමු.
පොහොට්ටුවට ඡන්දය දාන්න බාධාවක් නැහැනේ. එහෙනම් එච්චරයි.