(රංජන් කස්තුරි)
ඇප මුදල් බාරගන්නා අවසන් දිනය වූ අද (06) දිනයේ අපේක්ෂකයින් 8 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබිණි.
එම අපේක්ෂකයින්ගෙන් පස් දෙනෙක් ස්වාධීන අපේක්ෂකයින් වන අතර තිදෙනෙක් දේශපාලන පක්ෂ නියෝජනය කරති.
මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයින් 41 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබේ.
1982 පැවැති ප්‍රථම විධායක ජනාධිපතිවරණයෙන් පසුව වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරග කරන මැතිවරණය මෙයවීම විශේෂත්වයකි.
ඉකුත් 2015 පැවැති ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 19 දෙනෙකු තරග කළ අතර මෙවර එම සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩිවීම ද විශේෂත්වයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට මොනතරම් ආදරයක් ඇති අය ලංකාවේ ඉන්නවද? ජනාධිපතිවරණ අපේක්ෂකයින් 41...
මහේෂ් එන්නේ ගෝඨාගේ සිංහල ඡන්ද කඩන්න එජාපයට සහයෝගයට නම්... හිස්බුල්ලා හා ශිවාජිලිංගම් එන්නේ සජිත්ගේ මුස්ලිම් හා දමිල ඡන්ද කඩන්න ගෝඨාගේ සහයෝගයට නොවේදෙ? ගෝඨා මොකද කොටි සපෝට්.. ගෝඨා මොකද ISIS සපෝට්..
මෙහි අපිට නම් පෙනෙන විශේෂත්වයක් නොමැත. අපිට පෙනෙන්නේ ප්රජාතන්ත්රවාදයෙන් යුතු ප්‍රයෝජන ගන්න අමන රැලක් ඉන්නා බවයි. දේශපාලන තෝරු, මෝරු අස්සේ හැප්පෙන්න යන හාල්මැස්සන් සිහිපත් කරවයි. ස්වාධීන අපේක්ෂකයින්ගෙන් ලක්ෂ ගණනක ඇපයක් අයකර ගත යුතුයි...
ඊළඟ පාරනම් ඔන්න මමත් චන්දය ඉල්ලනවා!
සිංහල බෞද්ධ රටේ රජකම කොයිතරම් හෑල්ලු කරලද ? මේ තත්වය ඉතා භයානකය. රටට ආදරය ඇති බුද්ධිමත් මිනිසුන් නිවැරදිම තීරණය ගත යුතු අවසාන අවස්ථාව එළැඹී ඇත. පිට රට ඉන්න අපි විශාල වශයෙන් රටට එන්නේ නිවැරදි සිංහල බෞද්ධ රජු තෝරන්නයි. නැත්නම් රට , ජාතිය , ආගම සියල්ල අවසානයි.
මිලමුදල් ජනාධිපති අපේක්ෂකත්වයට බාධා නොවිය යුතුය. අවංක බුද්ධිමතුන් ට ඒ සඳහා ඉඩකඩ අහුරන්න එපා.
ජනාදිපතිකම යනු කිසි වැදගැම්මකට නැති තනතුරක් බව මින් පැහැදිලිවේ පාර්ලිමේන්තුවට බලය හිමිවන රටක් උවමනාය
මහේෂ් සේනානායක ගැන කතා කරන අයට එළිපිට මුදල් විශුද්ධිකරණය ඇතුළු අප්‍රේල් 21ට සම්බන්ධ අපරාධ වලට කෙලින්ම සම්බන්ධයක් ඇති හිස්බුල්ලා නාම යෝජනා දීම ගැන මොකුත්ම හිතෙන්නේ නැති හැටි... ඇයි අප්පා ලංකාවේ මෙහෙම?
තනි පුද්ගලයෙකුට අසීමිත බලයක් ලබාදීමට මේසා විශාල රටේ ධනස්කන්ධයක් නාස්ති කරන ඡන්දයක් අපට අවශ්‍යද? අපේ රටට එය ඔරොත්තු දෙන්නක් නොවෙයි. අපට වඩා දැවැන්ත රටක් වන ඉන්දියාවේ පවා ජනාධිපතිවරයා ජනතාව පත්කරන්නේ නැහැ. අප පුංචි රටේ පාර්ලිමේන්තු ඡන්දයකින් ඔය ජනාධිපතිවරයා පත්කිරීම ලබන වතාවේදීවත් සිදුවිය යුතුයි. අනෙක බලන්න මෙවර ඡන්දයට හතළිහක් පමණ ඉදිරි පත්වෙලා... එතකොට කොලයේ දිග අනිවාර්යෙන්ම අඩි දෙකහමාරක් වෙයි වගේ. පත්තර බෝතල් එකතු කරන කඩවලින් එක පිටුවක් පමණක් භාවිතා කළ පරණ කඩදාසිවලින් මෙම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න ඇයි අපි උත්සාහ නොකරන්නේ?
මේ අපේක්ෂකයින්ගෙන් භාගයක් සජීත්ගේ කොටසක්...