පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය වැනි ප්‍රහාරයක් යළි එල්ලවීමේ හැකියාවක් ඇති බව කියමින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් යවන ලද බව සැලකෙන ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කොළඹ ප්‍රධාන හෝටල් කිහිපයක පැමිණීමේ ලේඛන පරීක්ෂා කරන්නැයි ද, තවත් ප්‍රහාරයක් සිදුවිය හැකි බවට බුද්ධි අංශ දැනුවත් කර ඇති බවද, ඒ සම්බන්ධ විස්තර පොලිසිය සතු බවද එහි දැක්වේ.
මෙම ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් පවතින බවද පැවසේ.ලිපියෙහි අඩංගු කරුණු බුද්ධි අංශ මගින් තහවුරු කර නොමැත.
රට තුළ යම්කිසි කඩාකප්පල්කාරී තත්ත්වයක් ඇති කිරීමේ අරමුණින් එම ලිපිය යොමු කරනු ලැබුවද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
(සන්ඩේ ටයිම්ස් ඔන්ලයින් ඇසුරිනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම ලිපියක් යැවුවද කියල තහවුරු කරගන්න එපාය ඉස්සරවෙලා !
හරි හෝ වැරදි මේ අවධානය වැදගත් අවදානමට වඩා . අනික පාස්කු ප්‍රහාරය ගැන බුද්ධි අංශය අනතුරු ඇඟවීම් කළත් ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද ? දැන්නම් අඩුම ගානේ මහජනතාව හරි අවධානයෙන් සිටියි.
පහුගිය වතාවෙත් පිටු ගණනක වාර්තාවක් සාවද්‍ය බවට ආණ්ඩුව ප්‍රචාරය කළා රටේ අනවශ්‍ය කලබල ඇති වෙයි කියලා.අන්තිමේ සහගහන අපරාධ වැලක්ම සිද්ධ වුනා. අඩු ගානේ එතකොට වත් මේ පුස් බුරුවෝ ටික රජයක් වශයෙන් ගත යුතු පියවර ගත්තේ නැහැ. තමන්ගේ සුළු ජන ඡන්ද ටික රැක ගැනීමේ පරමාර්ථයෙන්.මේ වතාවත් මොවුන්ගෙන් මීට වඩා වගකීමක් ඇති ක්‍රියාවක් කොහොමට වත් වෙන්නේ නැහැ. මොකද ජනාධිපතිවරණ භීතිකාවෙන් අන්ධ වෙලා ඉන්න නිසා. මුහුදු මහා විහාරේ අනවසර ඉදිකිරීම් කරන්න තරම් කට්ටිය උදම් වුනෙත් ඒ නොන්ජල් ක්‍රියා පටිපාටියට පින් ලැබෙන්න. හැමදාම වගේ මහා ජනතාව හෙවත් සාමාන්‍ය මිනිසුන් වන අපිටම අපේ ආරක්ෂාව බලාගන්න විතරයි මෙතනදීත් වෙන්නේ.අන්තිමේ දුප්පත් කතෝලිකයෝ ටිකයි, මනුස්සකම පිරුණු බෞද්ධයෝ ටිකයි, අසරණ හින්දු ටිකයි ගෙවල් වලට වෙලා තමන්ගේ දෙවියන් බුදුන් අදහගන්න වෙන තැනට තල්ලු වෙද්දී ඔය කියන කාණ්ඩේ ටික සිකුරාදා නොවරදවා ගිහින් දෙයියන්ට අදෝනා කියයි. ඒ නිසා අනේ පව් අර සජිත්ට හරි ගෝඨාට හරි ඡන්දේ දෙන්නකෝ කට්ටිය කීයටවත් මේ තර්ජන වෙනස් වෙනවද බලන්න. අපි ඇස් කන් ඇරගෙන බලාගෙන ඉන්නවා.
ඕකට තමයි කියන්නේ පණිවුඩකරුවා මරා දමනවා කියා.
දැන්වත් අපි වෙනස් වෙන්න ඕනේ... දේශපාලන මතවාද වැඩක් නැහැ... ඔවුන් කරන්නේ හැමදාම රටේ සල්ලි වලින් සුරසැප විඳලා ගෙදර යන එක... අහිංසක මහජනතාව දියසෙන් කුමාරයා එනකන් බලන් ඉන්නවා. කවදාවත් රටේ මිනිස්සු ගැන හිතිලා තීරණ ගන්න ජාතියක් නෙමේ. පුදුමේ කියන්නේ සංවර්ධිත රටවල ඉන්න නායකයන් තමන්ගේ මිනිස්සු ගැන හිතන තරමින් දහයෙන් පංගුවක්වත් ලංකාවේ දේශපාලකයන් ලංකාවේ මිනිස්සු ගැන හිතන්නේ නැතිකම... එච්චරට පහත් වුනේ කොහොමද මේ මිනිස්සු... තනිකරම තමන්ගේ බඩ විතරයි.