ගෝඨාගේ පාස්පෝට් - හැඳුනුම්පත් ලියැවිලි නීතිපති දෙපාර්තමේන්තුවට හිටපු ආරක්ෂක ලේකම් හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතික හැඳුනුම්පතට සහ ගමන් බලපත්‍රයට අදාළ සියලුම නීත්‍යනුකූල ලියකියවිලි නීතිපති දෙපාර්තමේන්තුවට ඊයේ (1) බාරදුන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් පැවසේ. 02 October 2019
වැඩබලන සොලිසිටර් ධූරයට සංජය රාජරත්නම් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා වැඩබලන සොලිසිටර් ජනරාල් ධුරයට පත් කර තිබේ. 02 October 2019
තැපෑලේ පරිගණක තවමත් ලෙඩින් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් කාර්යාලවල පරිගණක ජාලයේ පවතින දෝෂයක් නිසා ජනතාව මහත් අසීරුතාවයට පත්වී ඇත. 02 October 2019
යාල කලාප අංක 01 අද සිට විවෘතයි යාල ජාතික වනෝද්‍යානයේ කළාප අංක 01 අද (2) සිට විවෘත කර ඇති බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවැසීය. 02 October 2019
හේමසිරිට-පූජිත්ට එරෙහි පෙත්සම් 12 විභාගයට ගන්න තීරණය කරයි ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කටයුතු නොකිරීම තුළින් සිය මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 විභාගයට ගැනීමට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කළේය. 02 October 2019
ගෝඨාභයගේ පුරවැසිභාවයට එරෙහිව ගොනු කළ පෙත්සම සළකා බැලීම ඇරැඹේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලීම අද (2) අභියාචනාධිකරණයේදී ආරම්භ කෙරිණි. 02 October 2019
දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර, කලුතර, කුරුණෑගල සහ කොළඹ යන දිස්ත්‍රික්ක සදහා නායයෑම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. 02 October 2019
පළාත් 5කට අද ගිගිරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව යන පළාත්වලට සහ ගාල්ල, මාතර, අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට අද(02) පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 October 2019
‘‘එජාපෙ තරුණ සංවිධාන සමඟ තරුණ ව්‍යාපාරයක් ගොඩනගනවා‘‘ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂවල තරුණ සංවිධාන හා වෙනත් තරුණ සංවිධාන සමඟ එක්ව පුළුල් ‘තරුණ ව්‍යාපාරයක්‘ ගොඩනගන බව සජිත් ප්‍රේමදාස මහතාගේ 2019 ජනාධිපතිවරණ තරුණ මෙහෙයුම් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය. 01 October 2019
රණබිම විද්‍යාලයේ විදුහල්පතිගේ මාරුවීම අත්හිටුවයි පේරාදෙණිය,ගන්නෝරුව,රණබිම රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදී ස්ථාන මාරු කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කළ නියෝගයක් මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් අද (01) අත්හිටවනු ලැබ තිබේ. 01 October 2019
වැඩිහිටි කාන්තාවගෙන් මුදල් කොල්ල කෑ අය අත්අඩංගුවට කරාපිටිය රාජ්‍ය බැංකුවකින් රුපියල් 190000 ක මුදලක් ගෙන නරාවල වෙනත් බැංකුවක තැන්පත් කිරීම සඳහා ගමන් ගත් වයස අවුරුදු 70 ක පමණ කාන්තාවකගේ මුදල් සහිත බෑගය යතුරු පැදියකින් පැමිණ අද (01) පැහැරගෙන ගිය සැකකරුවන් දෙදෙනාගෙන් මුදල් පැහැරගත් ප්‍රධාන සැකකරු නරාවල පන්සල් වත්තේ කැලයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව අක්මීමණ පොලිසිය කියයි. 01 October 2019
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේදී නිකුත් කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 01 October 2019
ලබන වසරේ මුල් මාස 4 ට අතුරු සම්මත ගිණුමක් ලබන වසරේ මුල් මාස හතරේ වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය අද (01) ලැබී ඇත. 01 October 2019
කැබිනට් රැස්වීමේදී විරෝධතාකරුවන්ට සහන අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පසුගිය දිනවල විවිධ විරෝධතාවන්ට සහභාගි වූ පිරිස් සඳහා සහන රැසක් ලැබී තිබේ. 01 October 2019
අනුර කුමාර වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවන් අද (01) මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කෙරිණි. 01 October 2019
ජනපති - බැසිල් හමුව තීරණයකින් තොරව අවසන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සඳහා දැනට ගැටලුවක්ව ඇති පොහොට්ටු ලකුණ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ. 01 October 2019
බිරිඳ - දරුවන් ගින්නෙන් බේරාගත් රාමනාදන්ට ජනපතිගෙන් ලක්ෂ 10ක් මහනුවර යටිනුවර වීදියේ ගොඩනැගිල්ලක ඉකුත් ජනවාරි මාසයේ හටගත් ගින්නකින් තම දරු පවුල බේරාගත් රාමනාදන් රාමරාජ් පසුගිය කාලයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ අයෙකි. 01 October 2019
දිස්ත්‍රික්ක 18 ක ජනතාව පානීය ජලය නොමැතිව පීඩාවට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ලැබුණත් දිස්ත්‍රික්ක 18 ක ජනතාව තවමත් පානීය ජලය නොමැතිව පීඩා විඳින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 01 October 2019
වැටුප් විෂමතාත් විසඳන්න තීරණය කරයි ගුරු සේවයේ සහ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් විෂමතා රනුක්ගේ වැටුප් කමිටුවේ නිර්දේශ අනුව විසදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 01 October 2019
රණවිරුවන්ගේ බිරින්ඳෑවරුන්ටත් මූලික වැටුපට සමාන විශ්‍රාම වැටුපක් යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ බිරින්ඳෑවරුන් සඳහාද රණවිරු මූලික වැටුප විශ්‍රාම වැටුපක් ලෙස ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තාවේ. 01 October 2019
පරිපාලන සේවා නිලධාරීන්ට 15,000 ක දීමනාවක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරින්ට දැනට ගෙවන දීමනාව වෙනුවට රුපියල් 15,000 ක පොදු දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය අද (1) තීරණය කර ඇත. 01 October 2019
මෙරට දරුවන් ප්‍රයෝජනයට ගන්නේ තම හැකියාවන්ගෙන් සියයට 58 යි මෙරට දරුවන් තමන් සතු සියයට සියයක හැකියාවන්ගෙන් ප්‍රයෝජනයට ගන්නේ සියයට 58ක ප්‍රමාණයක් පමණක් බව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 01 October 2019
‘ශ්‍රිලනිප සාකච්ඡා සාර්ථක කරගන්න හැම පියවරක්ම ගන්නවා’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම තම පාර්ශවය විසින් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (1) පැවසීය. 01 October 2019
මධ්‍යධරණී මුහුදේ මියගිය සරණාගතයින් සංඛ්‍යාව ඉහළට මෙම වර්ෂයේදී මධ්‍යධරණී මුහුද තරණය කර යුරෝපයට යෑමට උත්සාහ කළ සරණාගතයින් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාංශය පවසයි. 01 October 2019
ගෑස් සිලින්ඩරයටත් මිල සුත්‍රයක් ගෑස් සඳහා ද මිල සුත්‍රයක් ක්‍රියාත්මක කිරිමට කැබිනට් මණ්ඩල තීරණය කර ඇත. 01 October 2019
අරුවක්කාලු කසළ අංගනය ගැන සෞඛ්‍ය වාර්තාවක් කැදවන්නැයි නියෝග අරුවක්කාලු කසළ අංගනය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ සහ පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාල වාර්තාවක් 8 වැනිදා කැඳවන ලෙසට පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු එන් සිල්වා මහතා අද (1) නියෝග කළේය. 01 October 2019
මහත්මා ගාන්ධිතුමන්ගේ ජන්ම සංවත්සරය ලංකාවේදී සමරයි මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (1) පැවැත්විණි. 01 October 2019
‘ඇතින්නියන්ගේ මරණ වලට වගකිව යුත්තන් අසු වුණොත් තදබල දඬුවම්‘ හබරණ හිරිවඩුන්න වැව් ඉස්මත්තේ ඇතින්නියන් මිය යාමේ සිද්ධියට සම්බන්ධ යම් අයෙක් වරදකරු වුවහොත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග දැඩිව ක්‍රියාත්මක කරන බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවැසීය. 01 October 2019
‘යහපාලන ආණ්ඩුව ණයගත්තේ බලය රැකගන්නයි’ යහපාලන ආණ්ඩුව පසුගිය වසර හතරහමාර තුළදී ලබාගත් අමෙරිකානු ඩොලර් බිලියන 26ක විදෙස් ණය මුදලෙන් කිසිදු කල්පවතින, ආදායම් උපයන ආයෝජනයක් කර නොමැති බවත්, ඔවුන්ට ණය ලබාගැනීමට සිදුවූයේ තම බලය රැක ගැනීමට යැයිද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (1) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 01 October 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026