(නිමල කොඩිතුවක්කු)
හබරණ හිරිවඩුන්න වැව් ඉස්මත්තේ ඇතින්නියන් මිය යාමේ සිද්ධියට සම්බන්ධ යම් අයෙක් වරදකරු වුවහොත් අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග දැඩිව ක‍්‍රියාත්මක කරන බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවැසීය.
ඇතින්නියන් මිය යාම සම්බන්ධයෙන් වන සම්පූර්ණ වාර්තාවක් මේ සතිය අවසානයේදී මාධ්‍යයට නිකුත් කරන බවද අමාත්‍යවරයා පැවසීය.
දැනට ඇති තොරතුරු අනුව යම් කිසි විසක් ශරීර ගත වීමෙන් මෙම සතුන් මිය යාමට ඇති බවට සැක කරන බවත් පැවසූ අමාත්‍යවරයා රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු මේ පිළිබද සම්පූර්ණ වාර්තාවක් එළි දක්වන බවත් සදහන් කළේය.
සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ අද(01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
මේ පිළිබද පරීක්ෂණ කිරීම සදහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී සූරියබන්ඩාර මහතාට ලබාදුන් උපදෙස් මත ත‍්‍රිප්දුගළ කමිටුවක් පත්කර ඇතැයිද ඔහු එහිදි සදහන් කළේය.
ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍යවරයෙකු, සහකාර වනජීවී අධයක්ෂවරයෙකු සහ වන සත්ව අඩවි ආරක්ෂක උද්‍යාන භාරකරුවෙකු මෙම කමිටුවට ඇතුළත් බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී සූරියබන්ඩාර මහතා එහිදී පැවැසීය.
වනජීවී දෙපාර්තමේන්තුව මගින් සිදුවන පරීක්ෂන වලට අමතරව පොලීසිය ඇතුලූ තවත් පාර්ශව කිහිපයකින් මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන බවත් ඔහු සදහන් කළේය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අවශ්‍ය සාම්පල, රජයේ රස පරීක්ෂක, පශු පර්යේෂණ ආයතනයට සහ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට යොමු කරන බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.
මෙම අවස්ථාව සදහා සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ, සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුලූ පිරිසක් එක්ව සිටියහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෙනෙක් අසනීප පිට දාලා සිංගප්පුරු පනින්න හදන්නේ බිලි පුජාවේ තොරතුරු එළියට එයි කියලද?
ඔය වාර්තාව හැමෝම දන්නවා.අලුතෙන් දෙන්න දෙයක් නැහැ.
හිනා... ගොඩක් හිනා.....
මේ පාප කර්මය කරපු අය එල්ලා මරන්න.
තදබල දඬුවම්........මේ කට්ටිය 2015 හොරු අල්ලන්න සූදානම් වෙච්ච හැටි මතක් වෙනවා.
දැඩි දඬුවම්.......දැන් කොහොමද මේකට හිනා වෙන්න ඕන?
සජිත් මහත්තයා භාරයක් ඔප්පු කළා කියන්නේ? බොරුවක්ද?
මෙහෙම ඇමතිලා පොල්පිත්තක් තිබ්බනම් කපා ගන්න තිබුණා.
ඔහේ පලයන්........
ජෝන් ඇමතිතුමෝ ඔය කියන්නේ, ලසන්ත, එක්නැලිගොඩ, තාජුදීන්, බන්දනාගාරේ මරපු 29 දෙනා, මීගමුවේ තෙල් ඉල්ලලා මරපු අය, වතුර ඉල්ලලා මරපු අය, සුද්දෝ මරපු, අය ගැන වෙන්න ඇති කියා අපි සිතමු.
මේ මලයාලම් බිලි පූජා තියල තියෙන්නේ "මලයාලම්" යන්ත්‍ර මන්ත්‍ර වලට මහත් ලැදි කමක් දක්වපු කෙනෙක්.