( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කටයුතු නොකිරීම තුළින් සිය මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 විභාගයට ගැනීමට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කළේය.
ඒ අනුව එම පෙත්සම් ජනවාරි 20,21 සහ 22 තෙදින විභාගයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ මේ බව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ එම පෙත්සම් විභාගයට ගන්නවාද නැත්ද යන පිළිබද නියෝගය ප්‍රකාශ පත් කරමිනි. මෙම පෙත්සම් අද (2)යළි ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
එම බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා මිය ගිය පියකු වන නන්දන සිරිමාන්න,සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ , කතෝලික පියතුමන්ලා තිදෙනෙකු , ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයට හසුවූ නීතීඥ මෝදිත ඒකනායක , ඇතුළු 12 දෙනෙකු මෙම පෙත්සම් ගොනු කර තිබිණි. මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති , හිටපු ආරක්ෂක ලේකම්, නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී. බී .දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කරුණු තහවුරු කෙරිණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණව කාටත් පිළිගතහැකි බහුතරයා බලාපොරොත්තු වන 19 වන සංශෝධනයෙන් රටට සහ රටේ මහජනයාට ලබාදුන් නීතියේ පරමාධිපත්‍යය ඒ කියන්නේ නීතිය කාටත් පොදුයි යන වදනේ අර්ථය රටට ඔප්පු කරන මොහොතක් ලෙස රටවැසියෝ ඇසිපිය නොහෙලා බලා සිටිති.
යුක්තිය සාධාරණය රජ කරවන රටකට අපව රැගෙන යන්න.......