මෙම වර්ෂයේදී මධ්‍යධරණී මුහුද තරණය කර යුරෝපයට යෑමට උත්සාහ කළ සරණාගතයින් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාංශය පවසයි. මෙය එවැනි විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා වූ හයවන වර්ෂය බවද ඔවුහු සඳහන් කරති.
එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාංශයේ නිලධාරියකු ප්‍රකාශ කර ඇත්තේ මෙසේ වාර්තාගත ලෙස මරණ සංඛ්‍යාව ඉහළ යෑම සම්බන්ධව හදිසි තීරණ කිහිපයක් ගැනීමට සිදුවූ බවයි.
මුදවාගැනීමේ මෙහෙයුම් වල ධාරිතාව වැඩි කිරීමට ද රාජ්‍ය නොවන සංවිධාන වල ආධාර වැඩිවැඩියෙන් ලබාගැනීමට ද තීරණය කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
වර්ෂ 2014 සිට මේ දක්වා 15000ක පමණ සරණාගතයින් පිරිසක් මධ්‍යධරණී මුහුදේදී මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය සඳහන් කරයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මරණ වලට වග කියන්න රට පාලනය කරන නායකයින් , ඔවුන්ගේ වැරදි නිසා , වරදට දඩුවම් නොදී , ජාතිබේද ,ආගම් බේද, උස මිටි පහත් කම් අනුව නිතිය ක්‍රියාත්මක කරන්නේ , අපේ රටේ වුනත් මිනිසුන් සරණාගතයින් වගේ ජිවත් වෙන්නේ , නමුත් නායකයින් ජිවත් වෙන විදිය බැලුවම එංගලතේ මහා රැජිනිට නැති සැප විදින්නේ.