(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා ගුරු සේවයේ  නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග සැප්තැම්බර් ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවලදී පැවැත්වීමට තීරණය කර ඇත.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම සම්බන්ධව සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින් අතර 2026.06.05 වන දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. එම සාකච්ඡාවේදී දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සදහා වන,

  1.  වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දීත්,
  2.  වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 ඔක්තෝබර් මාසයේ දීත්,
  3.  වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026  දෙසැම්බර් මාසයේ දීත්

පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  එකඟතාව පළ කර ඇත.